BREAKING NEWS

රටතොට

Saturday, October 5, 2013

අපූර්ව ගුරු පූජාවක්

අපේ රටේ දැනට සිටන ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරක, මාධ්‍ය ගුරුතුමා වන්නේ එඩ්වින් ආරියදාස මහතා. දැනට අනූවැනි වියේ පසුවන ඒ මහතා සිය දැනුම නව පරම්පරා සමඟින් බෙදා හදා ගන්නේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්.

පසුගිය දවසක ඔහු හමුවට අමුත්තෙක් පැමිණියා. ඒ විචාරක පරම්පරාවේ වර්තමානයේ සිටින දැවැන්තයෙක්. ඔහු ගාමිණී වේරගම. ගාමිණී ඇවිත් තිබුණේ ඔහු විසින් රචිත නවතම කෘතිය ‘අසිරිමත් සිනමාව 3’ කෘතියත් අරගෙනයි.
ආරියදාස මහත්තයා පොත අතට අරගෙන ‘මේක මට අත්සන් කරලම දෙනවද?’ කියලා ගාමිණීට කිව්වලු. මේ පොතේ නම් අත්සන් කරන්න බැහැ ගාමිණිත් දෙවරක් නොහිතාම කිව්වාලු. ඒක අහපු ආරියදාස මහත්තයාටත් පුදුම හිතිලා. පොත පෙරළල බලන කොට තමයි දැකලා තියෙන්නේ. පිදුම ලියල තියෙන්නේ එඩ්වින් ආරියදාස මහතාටයි.
පිදුම
සිනමා ලේඛනයට පිවිසි මුල් අවධියේම හෘදයංගම මිත්‍රත්වයේ දෝත දිගු කළ, සිනමා විචාරයේදී කළ යුතු නොකළ යුතු දේ ලේඛනයෙන් ද, අවවාදයෙන් ද, ආදර්ශයෙන් ද දක්වමින් මඟහසර හෙළි පෙහෙළි කළ, සිනමාව පිළිබඳ තම අප්‍රමාණ දැනුම නොමසුරුව අකුටිලව ලබාදෙමින් අප පෝෂණය කළ, අපේ පරම්පරාවේ පුරෝගාමී සිනමා ආචාර්යවරයකු වන එඩ්වින් ආරියදාස මාධ්‍ය සෘෂිවරයාණන්ට කෘතඥතා පූර්වකව උපහාර කොට පිළිගන්වමි.
 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger