BREAKING NEWS

රටතොට

Wednesday, September 11, 2013

නෙදර්ලන්ත ආයෝජකයෝ ලංකාවේ

ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා  පිළිබඳව සොයා බැලීම සඳහා නෙදර්ලන්තයේ ඉහළ පෙළේ  ආයෝජකයින් කණ්ඩායමක්  සිව්දින සංචාරයක් සඳහා අද  කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළෙක් දිවයිනට පැමිණියහ.


නෙදර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතාගේ මැදිහත්වීම මත එරට වානිජ අමාත්‍යංශය  හා සම්බන්දතාවයෙන් මෙම   පිරිස මෙරටට පැමිණ ඇත.
බස්නාහිර පළාත් සභාවේ සංචාරක මන්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් මහතා ඇතුළු නිලධාරීන් විසින් දිවයිනට පැමිණි  මෙම  පිරිස කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
  මෙම පිරිස මෙරට  රැදී සිටින කාලය තුළ  ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන් හමුවී මෙරට ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා  කිරීමට නියමිතය.
මෙරට  කොටස් වෙළඳ පොළ,  ආයෝජන මණඩලයේ, අපනයන සංවර්ධන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය,  කෘෂිකාර්මික, සංචාරක හා  සෞඛ්‍ය යන ක්ෂේත‍්‍ර වල ආයෝජන අවස්ථා  සොයා බැලීම  මෙම සංචාරයේ අරමුණ වේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger