BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, December 26, 2014

ගුවන් නියමු ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන...!!!

 ඈ යකෝ
උඹද අගමැති...?
මමද අගමැති...?



සර් ජෝන්, රසල්, ජේආර්,  අතරින් දුවන  දිව යන මතකය ඔස්සේ...
ෂෙලීගේ මතක අහස්යන්තරාව...




එක්දහස් නවසිය පනහේ දශකයේ එයාර් සිලෝන් ගුවන් සේවය අරඹද්දී එහි පළමු නියමුවන් පස්දෙනාගෙන් අයෙකි ෂෙලී යැයි මිතුරන් අතර ප්‍රකට ගුවන් නියමු ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන. අතිශයින් විනෝදකාමී අතීතයකට හිමිකම් කියන ඔහු අදත් විනෝදකාමීව මුහුදු වෙරළෙන් ගලා එන පිරිසිදු හුළඟ ආශ්වාස කරමින් සිය අසූහය වන ජීවන කඩඉම පසුකරමින් සිටී.
ඔහුගේ පෞද්ගලික ජීවිතය, අත්දැකීම්, ඇසුරු කළ පුද්ගලයන් හා ඔවුන්ගේ ඇවතුම් පැවතුම් හරහා ඇදී යන ෂෙලී සමග කළ මේ කතාබහ ලංකාවේ එක් යුගයක් පිළිබඳ ස්මරණීය විචිත්‍ර සිතුවමක් අඳියි.

ඈ යකෝ
උඹද අගමැති....?
මමද අගමැති.....?
කොහොමද ඔබට ගුවන් නියමුවකු වීමේ ආසාවක් ඇතිවුණේ....?
මට මේ අහස්යන්තරා පිස්සුව ඇති කළේ රේ විජේවර්ධන. රේ අලූත් අලූත් දේවල් හදන්න දක්ෂ ලෝක ප්රසිද්ධ ඉංජිනේරුවෙක්. අපි දෙන්නාම ඉගෙන ගත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ. ඒ කාලෙත් එයා කඩදාසිවලින් එක එක විදිහේ අහස් යන්තර කුරුල්ලෝ හදලා අහසට විදිනවා. මුහුද අයිනෙ සුළඟට පාවෙලා යන කඩදාසි අහස්යන්තරා අපි අහුලගෙන ආවහම එයාට හරි සතුටුයි. ඉතිං එයා එක අහස්යන්තරාවකට ටොෆි එක ගානෙ දෙනවා.
ඒ කාලෙම වාගේ ලංකාවට ආවා ගන්බෝට් ජැක්. එයා අහස් යන්තරා කරණම්කාරයෙක්. ගාලූමුවදොර පිට්ටනියේ කරණම් ගැහැව්වා. අහස්යන්තරාවකින් ඉහළ අහසට ගොස් පැරිෂුට් එකක් දාගෙන බිමට පනිනවා.
මේක බලන් හිටපු මාත් කළේ නිවාඩුවට ගෙදර ගිහිල්ලා වහලය උඩට නැගලා බිමට පැනීම කුඩයක් ඉහළගෙන. අත්කකුල් කඩාගෙන මාස හයක්ම ඉස්පිරිතාලේ ඉන්න වුණා.
රේ විජේවර්ධන ඇරෙන්න ඔබේම පන්තියේ හිටපු වෙනත් කවුරු ගැනද මතක තියෙන්නේ?
එක එක රටවලින් ආපු ළමයින්, සුදු ජාතිකයෝ විතරක් නොවෙයි, අප්රිකානු රටවලින් ආපු කළු අයත් අපිත් එක්ක ඉගෙන ගත්තා. චීන්නු ජපන්නු හිටියා. ලංකාවේ මාත් එක්ක හිටපු අයගෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ මාත් රොනීත් විතරයි. ඞී.බී.අයි.පී.එස්. සිරිවර්ධනත් දැන් නැහැ.
රොනී කීවේ හිටපු මුදල් ඇමතිද....?
ඔව්. ඔව්. රොනී ඩි මෙල්. ඒ කාලෙත් මිනිහා සතේට ගණන් හදනවා. හරි දක්ෂයා අවුරුද්ද අන්තිමේ ත්යාග ප්රදානයේදී වැඩියෙන්ම තෑගි ලබාගන්නේත් රොනී.
අපි ඔක්කොමලා 1948දී ලන්ඩන් මෙටි්රකියුලේෂන් විභාගෙ කළේ එකට. ඔක්කොම අයගේ ප්රතිඵල ආවා. නමුත් රොනීගේ ඒවා ආවේ නැහැ. අපේ වෝඩන් (විදුහල්පති* හරිම මරගාතෙක පැටලූණා. එංගලන්තෙට ටෙලෙක්ස් ගහනවා. උත්තර එනවා. අන්තිමට ආපු උත්තරේ තමයි මුළු බි්රතාන්ය අධිරාජ්යයටම අයත් සෑම රටකින්ම විභාගෙ ගත්තු අයගෙන් ඉහළම ලකුණු ලබාගෙන තියෙන්නේ රොනී කියලා. එක සැරයක් නොවෙයි කිහිප සැරයක්ම ප්රතිඵල නැවත නැවත පරීක්ෂා කිරීමටයි ප්රමාද වෙලා තියෙන්නේ.
කොයිකාලෙද ඔබ එයාර් සිලෝන් ගුවන් සේවයට එක්වන්නේ?
මං මෙටි්රකියුලේෂන් පාස් වෙනකොට ලංකාවේ ඕනතරම් රක්ෂාවල් තිබුණා. ඉස්සෙල්ලාම රස්සාව ලංකා බැංකුවේ – විදේශ අංශයේ ලිපිකරු- ඒ එක්කම වාගේ රත්මලානේ පියාසර කිරීමේ සමාජය (ත්කහසබට ක්කමඉ* පත්තර දැන්වීමක් දාලා තිබුණා ගුවන් නියමු පුහුණුවට. ශිෂ්යත්වයකට මං ඉල්ලූම් කළා. පියාසර කිරීමේ සමාජය ශිෂ්යත්වයට තෝරා ගත්තේ මාව.
පියාසර කිරීම ඕනෑ කෙනෙකුට ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක්. එංගලන්තෙ වගේ රටක ඕනෑම කෙනෙකුට ඒ සුදුසුකම ලබාගන්න පුළුවන්. මාස හයේ පුහුණුවට ඒ කාලේ ලංකාවෙ වෙන වෙන රැුකියාවල් කරපු ගැහැනු ළමයිනුත් ආවා පියාසර කිරීම ඉගෙන ගන්න. ඉවෝන් ගුලාම් හුසේන්, ජැනට් වෛරාක්යම්, රෝස්මරී ක්රෝමියම් වාගේ ප්රසිද්ධ අය හිටියා.
මේ කාලේ සර් ජෝන් කොතලාවල අගමැති ලෙස උනන්දුවක් ගත්තා ‘එයාර් සිලෝන්’ ගුවන් සේවය ආරම්භ කරන්න. එයාර් ඇකඩමියේ පුහුණුව ලබන කාලේ කඳවල උද්යානයේ සර් ජෝන් අපට සැලකුවේ ළමයින්ට වාගේ හරිම ආදරෙන්.
මං දවසක් කිව්වා සර් ජෝන්ට සර් අපිට ටෙනිස් ගහන්න තැනක් නෑනේ කියා. සර් ජෝන් අපට ටෙනිස් කෝට් දෙකක්ම හදලා දුන්නා. මෙච්චරකල් ටෙනිස් ගහන්න ගාර්ඞ්න් ක්ලබ් ගිය සර් ජෝනුත් පටන් ගත්තා අපිත් එක්ක ටෙනිස් ගහන්න. මෙයාගේ පාට්නර්ස්ලා, සුදු නෝනලයි මහත්වරුයි එක්ක ටෙනිස් ගහන්න ආව දාට අපට සිද්ධ වුණේ බෝල අහුලන්න.
කාලය ගෙවී ගොස් තිබෙන්නේ බොහොම ප්රීතියෙන් වාගේ. සර් ජෝන්ට තරහ ගිය අවස්ථා තිබුණේම නැද්ද?
ඇයි නැත්තේ එයාර් ඇකඩමියේ හිටියා ඉංජිනේරුවෙක්. එයත් එක්ක අපට නිතර නිතර ඝට්ටන ඇතිවුණා. අපි සර් ජෝන්ට මේ ඉංජිනේරුවා ගැන පැමිණිලි කළා.
සර් ජෝන් අපෙන් ඇහුවා මං ඌව අස් කරන්නද කියා. අපෝ අපෝ එහෙමනං කරන්න එපා කියා අපි උත්තර දුන්නා, එතකොට සර් ජෝන් කිව්වා, එහෙනම් මෙතනින් එළියට බැහැලා පලයව් යන්න කියා. අපේ ටේ්රඞ්යූනියන් ඇක්ෂන් එතනින්ම ඉවරයි.
සර් ජෝන් තරහ හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මේ සිද්ධියෙන් පස්සෙත් අපට කලින් වගේම ආදරයෙන් සංග්රහ කළා. නිතර නිතර අපට කඳවල වලව්වේ උත්සව සංග්රහවලට එන්න කියනවා. දවසක් ? අපි ඔක්කොම කාලා බීලා නටලා ඉන්න වෙලාවක මත් සැරෙන්ම මම ඇහුවා, සර් අපිට කරන්න තියෙන සංග්රහ ඔක්කොම ඉහළින්ම කරනවා. ඒත් ඇයි මේ ලස්සන නෝනලා එක්කෙනෙක්වත් අපට අඳුරලා දෙන්නේ නැත්තේ කියා.
සර් ජෝන් ගත්කටටම කිව්වා නේද හිංගලෙන්ම, ඈ යකෝ උඹද අගමැති? නැත්තං මමද අගමැති? දැනගනිං එකම එක්කෙනයි අගමැති ඒ මං තමා. එසේ කියාගෙන ඉදිරියට ගිය සර් ජෝන් වීදුරුවක්ද අතැතිව, ආපසු හැරී සිනමා නළුවෙක් වගේ මං ළඟට ඇවිත් කියනවා, ‘‘ඒ ඔක්කොම අනුන්ගේ ගෑනු බං, එකෙක්වත් මගේ ගෑනු නෙවෙයි.’’
එක් අවස්ථාවකදී නෙවිල් ජයවීර කියන ඉතා ප්රසිද්ධ සිවිල් සේවකයාට සර් ජෝන් කියා තිබෙනවා හොඳ දේශපාලකයෝ ඉන්නවා නම් ඉන්නේ මළවුන් අතර බව… ඔබත් එක්ක මේ විදිහෙ කතා කියලා නැද්ද?
මං කියන්නම් සර් ජෝන් පණපිටින්ම ඉද්දි කරපු වැඩක්. කඳවල වලව්වේ තිබුණා බාර්බකියු පාටි එකක්. එළිමහනේ වසුපැටියෙක් පුළුස්සා කරපු සංග්රහය. වසුපැටියා ඉස්සරහින්ම සර් ජෝන්ගේ දකුණු පැත්තේ මාත් හිටගෙන ඉන්න පින්තූරයක් අරන් ලේක්හවුසිය ඬේලි නිවුස් පත්තරේ දාලා තිබුණනේ.
ඒකෙන් පස්සේ සර් ජෝන් ඉලෙක්ෂන් එකෙනුත් පරාදයි. අගමැතිකමත් ඉවරයි. ඉතිරි වුණේ මන්ත්රීකම විතරයි. ඒ වුණාට එකක් කියන්න ඕනෑ. හොඳ හෝ නරක එතුමා පිළිගන්න ප්රතිපත්ති තිබුණා. එතුමා කිසි දවසක බොරු උපාසකකම් පෙන්නුවේ නම් නෑ. ඒ වගේම සර් ජෝන් එයාර් සිලෝන් පටන් ගත්තදා ඉඳලා හැමදාම ගියේ අපේ අහස්යන්තරාවලින්. කිසි දවසක වෙන එකක ගියේ නැහැ. ප්රසිද්ධ බැණ්ඩුං කොන්ෆරන්ස් ගියෙත් එයාර් සිලෝන් එකේ අපිත් එක්ක.
ඔබ ඔය තරම් කැමති සර් ජෝන් එයාර් සිලෝන් එකේ යනකොට ඔබ එයාර් සිලෝන් අත්ඇරලා යන්න ගියා?
නෑ නෑ මං යන්න ගියා නොවෙයි, යන තැනට මට වැඩ සිද්ධ වුණා. අපිව බාල්දුවට සලකන්න පටන් ගත්තා. ඒ හින්දයි මං ගියේ.
කොහොමද ඒක වුණේ...?
දෙවන ලෝක යුද්දෙට එංගලන්තේ පාවිච්චි කරපු පරණ ඩැකෝටා අහස්යන්තරා 03කුයි රාජකීය ගුවන් හමුදාවේ :ඍ්ත් පයිලට්ස්ලා* ගුවන් නියමුවෝ කිහිප දෙනෙකුයි එක්ක තමා එයාර් සිලෝන් පටන් ගත්තේ. පටන් ගන්න කොටම තමයි මාත් එයාර් ඇකඩමියෙන් පිටවෙලා එයාර් සිලෝන් එකට ගියේ. අලූත් යානා ගන්න ඕනෑ නිසා එයාර් සිලෝන් ්මිඑර්කස්බ භ්එසදබ්ක ්සරඅ්හිල ණඛඵ වගේ සමාගම් එක්ක ගිවිසුම් ගැහැව්වා.
ඊට පස්සේ මේ උදවිය අපේ එයාර් හොස්ටස්ලාව දැම්මා පිඟන් හෝදන්න. මට විතරක් නොවෙයි කැප්ටන් පීටර් ප්රනාන්දුට පවා ගුවන් නියමු කුටියට ඇතුළු වෙන්නවත් දුන්නේ නැහැ. එයාව අතිරේක ගොඩට දැම්මා. දවසක් අපි පීටර් ප්රනාන්දු කැප්ටන් කරපු යානයකින් කරච්චියට යන අතර බොම්බායේ එයාර්පෝර්ට් එකේ නැවතුණා. එතැනින් යන්න ආපු හොඳට දැකපුරුදු මුහුණක් ‘හලෝ’ පීටර්’ කියා උස් හඬින් කතා කරලා පීටර්ගේ කරට අතදාගෙන ටික වේලාවක් කතා කර කර ඉඳලා යන්න ගියා. මං ඇහැව්වා පීටර්ගෙන් කව්ද ඒ කියලා. පීටර් කියනවා ‘ඈ ගොනෝ උඹ දන්නේ නැද්ද ඒ කව්ද කියා එහෙනම් දැනගනිං, ඒ තමා ජවහර්ලාල් නේරු. ඉන්දියාවේ අගමැති.’
පීටර් ප්රනාන්දු කියන්නේ ඉන්දියාවේ ඉගෙනගෙන ටාටා එයාර්වේස් වැඩකරලා පුහුණුවෙලා ජවහර්ලාල් නේරු අගමැතිගේ පෞද්ගලික ගුවන් නියමුවා හැටියට පත්වූ තැනැත්තා. ඒ වගේ අයයි මේ වගේ බාල්දුවට ලක්වුණේ.
ගුවන් නියමු ජීවිතයේ ඔබට හමුවූ වැදගත් මගීන් සිහිපත් කරන්න පුළුවන්ද?
ආනන්දමෛත්රී හාමුදුරුවෝ. ඩොක්ටර් රාහුල. ෆෙඩරල් පක්ෂයේ නායකයා එස්.ජේ.වී. චෙල්වනායගම්. මේ විදිහේ මගීන් බොහෝවිට අපි ගුවන් නියමු කුටියට ගන්නවා. ආනන්දමෛත්රී හාමුදුරුවෝ අපේ කුටිය තුළ අසුන් ගත්තාම අපේ සිත් නිස්කාංසුවට පත්වෙනවා. ඒ ශීලයේ බලය අපගේ සිත්වලටත් දැනෙනවා. එක දවසක් අපි බොම්බායෙන් පිටවෙන්න නියමිත වේලාවට වඩා පැය 2ක පමණ ප්රමාදයක් වුණා. වල්පොළ රාහුල හාමුදුරුවෝ බුද්ධගයාවේ ඉඳලා ආපසු ලංකාවට එන ගමන්. කන්කසන්තුරේ යානය නවත්වා නැවත ගමන් ආරම්භ කළාට පස්සේ රාහුල හාමුදුරුවෝ කියනවා, මීගමුවේ රැුස්වීමකට යන්න තියෙනවා පැය දෙකක් ප්රමාදයි බැරිද මාව මීගමුවෙන් බස්සවන්න කියා. මං කිව්වා හාමුදුරුවනේ මේක පාරේ හැමතැනම නවත්වන බස් එකක් නෙමෙයිනේ, ඒක කොහොම කරන්නද කියා.
ඒ එක්කම වාගේ මට රත්මලාන ගුවන් තොටුපොළෙන් දැනුම් දෙනවා කොළඹ අහසේ කාලගුණය යහපත් නෑ කියලා. මීගමුව ගුවන් හමුදා කඳවුරට යානය බස්සවා කාලගුණය යහපත් වනතුරු රැුඳී ඉන්න කියලා. වල්පොළ රාහුල හාමුදුරුවෝ මීගමුවෙන් බැහැලා රැුස්වීමට ගියා. මං හිතන්නේ හාමුදුරුවන්ගේ ශීලයේ බලය නිසයි එහෙම වුණේ. ආනන්දමෛත්රී හාමුදුරුවෝ වස්වැසුවේ පොල්ගස්¥ව පන්සලේ මුහුද අයිනේ. වාරකන් කාලෙ මුහුදේ ඝෝෂාවට මුකුත්ම ඇහෙන්නේ නැහැ. ඒත් හැන්දෑවේ බුද්ධ පූජාවෙන් පසුව ආනන්දමෛත්රී හාමුදුරුවෝ බණ කියන්න පටන් ගන්නවාත් එක්ක මුහුදේ ඝෝෂාව නැතිව යනවා. මගේ පිළිගැනීම ඒ ශීලයේ බලය. සත්යයේ බලය. මේවා මගේ අත්දැකීම්.
චෙල්වනායගම් ගැන මතකය?
චෙල්වනායගම් නිතර නිතර මදුරාසියට ගියේ අපේ අහස්යන්තරාවෙන්. දවසක් මේ ගමනකදී අපේ දමිළ එයාර් හොස්ටස් ගෑනු ළමයෙක් චෙල්වනායගම්ට තේ කෝප්පයක් පිළිගැන්නුවා. ඒ ළමයාගේ නමින් එයා උසස්යැ’යි සම්මත කුලයකට අයත් නැතැ’යි දැනගෙන අපේ නියමු කුටියට ඇවිල්ලා පැමිණිලි කළා අපි එයාට මදිපුංචිකමක් කළ බවට.
තරුණ අවධියේ කොහොමද ඔබේ විවේක කාලය ගත කළේ...?
මම සීආර්එෆ්සී ක්ලබ් එකට බැඳිලා රගර් ක්රීඩාවේ යෙදුණා. ලයනල් වෙන්ඞ්ට් එකටත් ගියා ඩ්රාමා බලන්න. හැන්දෑව ගතකළේ ක්ලබ් එකේ මධුවිතේ රස බලමින්. මෙතනට හුඟාක් කලාකාරයොත් ආවා. රේඩියෝ සිලෝන් එකෙන් සුනිල්ශාන්ත එළියට දාපු කාලෙත් ක්ලබ් එකට ආවා අපිව සොයාගෙන එයාගේ බග් ෆියට් කාර් එකෙන්. සුනිල්ශාන්ත රුපියල් ශත පස්සේ ගියේ නෑ. එයා ඇත්තටම බුද්ධිමතෙක්. එයාට රස්සාව නැතිවුණු වෙලාවේ අපි එයාව තනි කළේ නෑ. හැන්දෑව ගතකරන්න අපේ ක්ලබ් එකට එන්න පුරුදු වෙලා හිටපු නළු නිළියෝ අතර හිටියා ලස්සන නිළියක්. අපේ හුඟාක් අයගේ වුවමනාව වුණේ එයත් එක්ක යහන් ගතවෙන්න.
මම නං එයාට කෙළින්ම විවාහ යෝජනාවක් කළා. මගේ රස්සාව නිසා පැය 24ට අඩු කාලයකදී වුවත් කනවැන්දුම් ගැහැනියක් වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා ඇය බැහැයි කිව්වා.
හැන්දෑව ගතකරන්න කවුද සීආර්එෆ්සී ආව අනිත් මිත්රයෝ....?
එක්කෙනෙක් තමයි ප්රසිද්ධ නීතිඥ බන්ටි සොයිසා. ප්රසිද්ධ නඩු තීන්දු, දික්කසාද නඩු රටේ නමගිය අපරාධකාරයෝ ගැන අපි දැනගන්නේ බන්ටිගෙන්. බාවා සහෝදරයෝ කතා කරන්නේම ගෘහ නිර්මාණ ශිල්පයේ සූක්ෂමතා ගැන. සාජහාන් වෙනුවෙන් ෂා අධිරාජ්යයා හදපු ටජ්මහල ගැන. ඒ අවධියේ හිටපු ප්රසිද්ධ ක්රිකට් ක්රීඩකයෙක් සතාසිවම්. අපි කියන්නේ සතා කියලා. සතා මිනීමැරුම් නඩුවකටත් පැටලූණා. සතා අපේ මෙම්බර් කෙනෙක් නොවෙයි. ඒ වුණාට එස්එස්සී, ටැමිල් යූනියන් වගේ හැමතැනම යනවා මෙම්බර්ෂිප් නැතුව. අපිවත් එක්කරගෙන යනවා. ඒ යන්නේ කාගෙන් හරි ඩි්රන්ක් එකක් දාගන්න. එහෙමත් නැත්නම් වෙනත් සම්පතක් සොයාගෙන. ඩොක්ටර් රාජා ද සිල්වාගෙන් දැනගන්න පුළුවන් පුරාවිද්යාව ඉතිහාසය ගැන. එයා පුරාවිද්යා අධ්යක්ෂ. වෛද්යවරුන්ට පමණක් සීමාවූ හොඳට හිනා යන බේගල් කතාන්දර ඇදබාන්නේ දොස්තර රැුන්ඩොලෆ් ගුණරත්න.
ඉතිං එයාර් සිලෝන් එකෙන් විඳින්න වෙච්ච බාල්දුව දිගටම අත්වින්දේ නෑ නේද?
නෑ නෑ රස්සාව ගැන හිතන්නේ නැතිව අත්ඇරලා දාලා එංගලන්තයට ගියා. ඒ වුණාට එංගලන්තයේදී ජොබ් එකක් ලැබුණේ නෑ. මං ගියා ලන්ඩන් යුනිවර්සිටියට. හැබැයි ඉගෙන ගන්න නෙවෙයි. ජොබ් එකකට වේකන්සි එකක් තිබුණා. වේකන්සි එක යුනිවර්සිටියේ කක්කුස්සිය හෝදන්න. ටොයිලට් ඇටෙන්ඩන්ට්. මේ ගැන අම්මා දැනගත්තාම මට දන්වලා තිබුණා පුතේ උඹ ඔය කතන්දර ලංකාවේ ඉන්න නෑදෑයන්ට දැනගන්න ඉඩ තියන්න එපා කියලා.
ටොයිලට් ඇටෙන්ඩන්ට්ස්ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් වීඅයිපීලා යන වැසිකිළිය හෝදන්න. අනික සාමාන්ය ශිෂ්යයෝ යන වැසිකිළිය. මං පිරිසිදු කරන්නේ සාමාන්ය අය යන වැසිකිළියයි. සාමාන්ය අය යන වැසිකිළියට තමයි විශ්වවිද්යාලයේ වයිස් චාන්සලර් බර්ට්රන්ඞ් රසල් සාමි එන්නෙත්. එයා හැමදාම උදේට මට ගුඞ් මෝනිං කියාගෙන එන්නේ. ක්රමයෙන් රසල් සාමි මාත් එක්ක මිත්රවෙලා මගේ පසුබිම් තොරතුරු විමසුවා. මං හොඳට ඉංග්රීසි කතා කරන්නේ කොහොමද කියා මගෙන් ඇසුවා.
මං කිව්වා මං ඉගෙන ගත්තේ ලංකාවේ ශාන්ත තෝමස් කොලීජියේ බව. එවිට මගෙන් ඇහැව්වා ඩොක්ටර් හේමන්ව දන්නවාද කියා. මං කිව්වා එයා මගේ වෝර්ඩන් වගේම මගේ ඉංග්රීසි ගුරුතුමා බව. ඩොක්ටර් හේමන් ඔක්ස්ෆර්ඞ් සරසවියේදී බර්ට්රන්ඞ් රසල් සමග ඉගෙනගත් සමකාලීන මිතුරෙක්.
මගේ අධ්යාපන සුදුසුකම් හැරෙන්න ඩොක්ටර් හේමන්ගෙන් ලබාගත්ත චරිත සහතිකයකුත් මා සතුව තිබුණා. මේ සුදුසුකම් පිරික්සූ ලෝඞ් රසල් තමයි මාව බි්රතාන්ය සිවිල් සේවා විභාගයට යොමු කළේ. විභාගය පාස්වුණා. කවුන්ටි කවුන්සිලයක ලිපිකරු රස්සාවක් ලැබුණා. ඒ මිනිස්සු අධිරාජ්යවාදියෝ වුණාට හොඳ අය. මං ලන්ඩන් යුනිවර්සිටියෙ කක්කුස්සිය හෝදන කාලෙම බර්ට්රන්ඞ් රසල් එයාගේ සීඞී රැුස්වීමට එන්න කියා ආරාධනයකුත් දුන්නා.
මොකක්ද සීඞී කියන්නේ?
ක්දබෙැරුබජැ දබ ෘසි්රප්පැබඑග යුද්දෙන් පස්සේ පළමුවරට පැවැත්වූ නිරායුධ සමුළු රැුස්වීමට ගිය සියදෙනාගෙන් එක් අයෙක් මං. ඒ නිසා මට කමිටු සාමාජිකත්වයත් දුන්නා.
සුදුසුකම් ලත් ගුවන් නියමුවෙකු සදාකාලිකව ලිපිකරුවකු වුණාද?
මං වෘත්තීයමය නියමුවෙක්. එම තත්ත්වය පවත්වාගෙන යන්න වුවමනා නම් පියාසර පැය ගණන සම්පූර්ණ කරගන්න වුවමනායි. ඒක කරගන්න මං ගියා මගේ නිවාඩු දිනවල කොම්පැණියක වැඩට. එතන තිබුණේ කුඩා ප්රමාණයේ අහස්යන්තරා. ඒවා හරි පරණයි. කබල්ම කබල්. සමහර ඒවා ලණු කෑලිවලින් ගැට ගහලා, ලණු කෑලි එල්ලෙනවා. පයිලට්ස්ලා ඔක්කොම බේබද්දෝ. බීලා අහස්යන්තරා පදවලා ලයිසන් කැන්සල් කරගත්තු කට්ටිය. ඒ අහස්යන්තරාවල මගියෝ යන්නේ නෑ. ඒවායෙන් ගිහිල්ලා අපිට කරන්න තිබුණේ අක්කර දහස් ගණන් විශාල කෙත්වතුවලට තෙල් පොහොර ඉසීම.
මේ විදිහට පැය සීය නොවේ පැය පන්සීයකටත් වැඩිය පියාසර කළා. ඒ විතරක්යැ. හොඳට සල්ලි හම්බ කරගත්තා. ගොවිපළ අයිතිකාරයාගේ මල්ලිගෙ දුවත් එක්ක යාළුවෙලා එයාවත් කසාද බැඳගත්තා.
ඉංග්රීසි නෝනා කෙනෙක් බැඳගෙන එංගලන්තයට වෙලා ඉන්නේ නැතුව ඇයි ලංකාවට ආවේ?
මං එයාව බැඳගත්තේ ලංකාවට ඇවිල්ලා අනුරාධපුරයේදී. තිසා වැව ආසන්නයේ අපේ සීයාට අයිති අක්කර තිස් එකක ඉඩමකයි අපි පදිංචිවෙලා හිටියේ. මගේ දරුවෝ ඉපදුණෙත් අනුරාධපුරයේ මහ ඉස්පිරිතාලේ. ඒත් 1971 අපේ්රල් කලබල කාලේ මගේ නෝනා මෙහේ ඉන්න බෑ කිව්වා. එංගලන්තයටම ආපහු යමු කීවා. ඉතිං දරුමල්ලොත් එක්ක අපි ආපහු යන්න ගියා. මං නැවතත් බි්රතාන්ය සිවිල් සර්විස් එකට බැඳුණා.
මං කැමතියි අනුරාධපුරයේ සීයා ගැන දැනගන්න?
මගේ අම්මා පිං දහම් කළ හරිම සන්සුන් කාන්තාවක්. අම්මාගේ පියා කහවිට අප්පුහාමි. රුවන්වැලි සෑය වටා තියෙන ඇත් පේළිය ඉදිකරන්නත් ධන පරිත්යාගයේ යෙදුණු කෙනෙක්. එයා ලියන්න කියන්නවත් දැනුම් තේරුම් නැති කෙනෙක්. සතෙන් දෙකෙන් වෙළෙඳාම් කරලා දියුණු වූ කෙනෙක් අපේ සීයා. එයා නිතර කියපු දෙයක් තමයි ‘මං හම්බු කෙරුවේ නෑ බොලව්. මං ඉතිරි කළා.’ අපේ සීයා අක්කරේ සත විසිපහ ගාණේ ඉංග්රීසි ආණ්ඩුවෙන් අක්කර 500ක් මිලදීගෙන පොල් වගා කරපු කෙනෙක්.
ඔබේ පියා?
මගේ පියා මිනුවන්ගොඩ ඉඩම් හිමි වැවිලිකරුවකුගේ පුතෙක්. හෙක්ටර් ෆීලික්ස් ගුණවර්ධන. එයා ගියෙත් ශාන්ත තෝමස් කොලීජියට. රෝයල් තෝමියන් මැච් එකක් දවසේ මොටෝරියක් වේගයෙන් පදවාගෙන ගිහිල්ලා කාර් එකෙන් එළියට විසිවෙලා එලොවම ගිහිල්ලා. මං එතකොට හුඟක් පොඩියි. 1928දී.
ඔබේ එක කකුලක් නේද තවමත් ලංකාවේ තියෙන්නේ. අනික එංගලන්තයේ නේද?
ඔව්. මං රටවල් දෙකේම ඉන්න කෙනෙක්. මට එහෙම ඉන්න බලයක් තියනවා. මට ඒ බලය දුන්නේ ප්රෙසිඩන්ට් ජයවර්ධන. මං තමයි ද්විත්ව පුරවැසිභාවය ලබාගත්තු පළමුවැනි එංගලන්ත පුරවැසියා.
ප්රෙසිඩන්ට් ජයවර්ධන නම් රාජකීයයෙක්. ඔබ රාජකීයයෙක් නොවේනේ?
ඒක ඇත්ත. මම තෝමියානුවෙක්. ඒ වුණාට මං තමයි රවිට අහස් යන්තරා පදවන්න ඉගැන්වූවේ. රවි මාව නිතර නිතර වෝඞ් ප්ලේස් බ්රේමර් නිවසට කැඳවාගෙන යනවනේ.
කොහොමද එහෙදී ඔබට ලැබුණු ආගන්තුක සත්කාරය?
හරිම හොඳයි. ජයවර්ධන ආර්යාව බොහොම ගුණසම්පන්න නිහතමානී කෙනෙක්. ගෙදරට එන කිසිවෙකුටත් කන්න බොන්න නොදී අරින්නේ නෑ.
ප්රෙසිඩන්ට් ජයවර්ධන?
එයා ගෙදරට ප්රෙසිඩන්ට් නෙවෙයි, ගෙදරට ඇඳලා ඉන්නේත් සරල ඇඳුමක්. පෝලෝ කර තියන කමිසයක් සහ කලිසමක්. ගෙදර කාටවත් නීති දාපු කෙනෙක් නෙවෙයි. එයා රවිගේ විවාහයටවත් කිසිම බලපෑමක් කරපු නැති පියෙක්. රවිවත් බොහොම ආදරෙන් හදාගත්ත පියෙක්.
ප්රෙසිඩන්ට් ජයවර්ධන කොහොමද කතාබහේදී?
එයා හරිම සම්භාෂණ ප්රියයෙක්. කතාව හාස්යයෙන් පිරිලා. සිනහාවෙමින් සැහැල්ලූ සිතින් කතා කළාට නිතර නිතර කටින් පිටවෙන්නේ ශේක්ස්පියර්. ජෝන් මිල්ටන් සංගීතයටත් හරිම කැමතියි. සමහර අවස්ථාවල සාලයේ ඈතින් ඇහෙන්නේ බීතෝවන්ගේ හෝ චෞචෙස්කිගේ සංගීතය. ජේ.ආර්. වඩාත්ම කැමති ගායකයා වුණේ ෆ්රෑන්ක් සිනාට්රා. කැමතිම ගීතය තමා ෘසා සඑ ඵහ උ්හ.
ඔබේ දරුවන්ට ඉංග්රීසි නම් සමග සිංහල නම් දීලා තියෙනවා. ඒත් ලංකාවේ ඉපදිලාත් ෂෙලීට තියෙන්නේ ඉංග්රීසි, එක නමක් නොවෙයි දෙකක්ම තියෙනවා?
මගේ තාත්තාගේ තාත්තා (සීයා* අදෝනිස්. ඒත් එයාට මුඞ්ලියර් අදෝනිස් වෙන්න වුවමනා වුණා. මුඞ්ලියර් අදෝනිස් තමන්ගේ දරුවන්ටත් තුප්පහි නම් දීලා දරුවෝ හොඳ හොඳ ඉස්කෝලවලට යවා ගත්තා.
ඔබ ක්රිස්තු භක්තිකයෙක්ද?
නෑ. මට ආගමක් නැහැ. බැඳීමක් නැහැ. මං නිදහස් මිනිහෙක්. මං ඇසුරු කළ බර්ට්රන්ඞ් රසල්ටත් ආගමක් තිබුණේ නැහැනේ.
පවුලේ සහෝදර සහෝදරියෝ?
මගේ අක්කා ශීලා ගුණවර්ධන. ඞී.එස්. සේනානායක අගමැති වෙන්න කලින් ගොවිකම් ඇමති. ඒ කාලේ එතුමන්ට ඕනෑ වුණා කුණ්ඩසාලේ කාන්තා කෘෂිකර්ම විද්යාලය පටන් ගන්න. ඒත් ගුරුවරු ඉඳලා නැහැ. ඉතිං සේනානායක ඇමතිතුමාම මැදිහත්වෙලා ප්රවේසමෙන් සුදුසුකම් මත ගැහැනු ළමයි හයදෙනකු තෝරාගෙන තිබෙනවා. වේල්ස්වල අල්ස්ටර් සරසවියට යවලා කෘෂි විද්යා උපාධිය ලබාදීමට. මගේ අක්කා ඒ හයදෙනාගෙන් එක්කෙනෙක්. අක්කා කුණ්ඩසාලේ කාන්තා ගොවිකම් විදුහලේ ප්රින්සිපල් වෙලත් හිටියා.
මට අයියෙක් ඉන්නවා. එයා කෘමි විද්යාඥ ඩොක්ටර් හෙක්ටර් ෆීලික්ස් ගුණවර්ධන. මගේ පියාගේ නමමයි. වයස අවුරුදු 17දී ඕස්ටේ්රලියාවට ගියේ ඉගෙන ගන්න. ඕස්ටේ්රලියානු ගැහැනු ළමයෙකුත් කසාද බැඳගෙන ඕස්ටේ්රලියාවෙන් ඇමරිකාවට ගියා. වයස අවුරුදු 92යි. එයා එහේ. මං මෙහේ...
  කතාබහකොට ලිව්වේ ඞී.එස්. දයාරත්න ය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger