BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, September 10, 2013

පොලිසියේ දණගැස්‌සවීම පුළුල් පරීක්‍ෂණ

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා කාත්තන්කුඩි පොලිසියේ නිලධාරින් දණගැස්‌සුවේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස්‌ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති (පරිපාලන) ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

ඒ අනුව කොළඹින් ගිය විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (10 වැනිදා) සිද්ධියට මුහුණ දුන්නේ යෑයි කියන කාත්තන්කුඩි පොලිසියේ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබිණ.

කාත්තන්කුඩි පොලිසියේ සැරයන්වරයකු රුපියල් දෙදහසක අල්ලසක්‌ ගැනීමේ සිද්ධියක්‌ මුල් කර ගනිමින් එම පොලිසියට ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සියලු පොලිස්‌ නිලධාරින් ශාලාවකට කැඳවා පැය භාගයක කාලයක්‌ දණගස්‌සවා තැබූ බව ඉකුත්දා වාර්තා විය.

එසේ දණගස්‌සවා තිබියදී පොලිස්‌ නිලධාරින් දෙදෙනකු ක්‌ලාන්තය සෑදී ඇද වැටීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පොලිසියට දුන් දඬුවම අවසන් කළ බවද සඳහන් විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පරීක්‍ෂණයක්‌ ආරම්භ වීම පිළිබඳ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී පරීක්‍ෂණ කණ්‌ඩායම් තමාගෙන් ප්‍රකාශයක්‌ ගැනීමට පැමිණියහොත් ඊට නිසි පිළිතුරු දීමට සුදානමින් සිටින බව හෙතෙම පැවසීය.

අල්ලස්‌ ගන්නා පොලිස්‌ නිලධාරින් ආරක්‍ෂා කිරීමට ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරින් පියවර ගන්නා බවද කී පූජිත් ජයසුන්දර මහතා මෙම සිද්ධිය පිටුපස ක්‍රියාකාරීව සිටින්නේ ඔවුන් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger