BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

පාසල් සිසුන්ට පෙම්සුව විඳින්න සැප බස් රිය ගෙස්ට් හවුස් එකක් කරලා...!!!

පාසල් සිසු සිසුවියන්ට පෙම්සුව විඳීමට සුඛෝපභෝගී බස්රථයේ දොර ජනෙල් වසා බස්රිය ගෙස්ට් හවුස් එකක් බවට පත්කළ රියැදුරු හා කොන්‍ෙදාස්තරවරයා කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.පෞද්ගලික පන්තිවලට සහභාගි වන බව නිවෙසට පවසා කුරුණෑගල නගරයේ සිට මෙම සුඛෝපභෝගී බස්රියෙන් පැමිණි වයස අවුරුදු 16 - 17 අතර පසුවන ජෝඩු 4ක් ඉකුත් 3 වැනිදා එක් ජෝඩුවකින් රුපියල් 400 බැගින් අයකර බස්රථය පැය කීපයකට ලබාදී ඇත.

පාසල් සිසු සිසුවියන්ට පෙම්සුව විඳීමට සුඛෝපභෝගී බස්රථයේ  ‍දොර ජනෙල් වසා බස්රිය ගෙස්ට් හවුස් එකක් බවට පත්කළ රියැදුරු හා කොන්‍ෙදාස්තරවරයා කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
පෞද්ගලික පන්තිවලට සහභාගි වන බව නිවෙසට පවසා කුරුණෑගල නගරයේ සිට මෙම සුඛෝපභෝගී බස්රියෙන් පැමිණි වයස අවුරුදු 16 - 17 අතර පසුවන ජෝඩු 4ක් ඉකුත් 3 වැනිදා එක් ජෝඩුවකින් රුපියල් 400 බැගින් අයකර බස්රථය පැය කීපයකට ලබාදී ඇත.
කටුපොත - හිඳගොල්ල - හෙංගමුව - ඉබ්බාගමුව - රම්බඩගල්ල - වඳුරැස්ස - අවුලේගම ආදී ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන් පිරිසක් මෙසේ බස්රථය කුලියට ගෙන ඇත.
මෙම පිරිස මීට පෙරද කුරුණෑගලින් මෙම බස්රියට නැඟී කුලියාපිටියට පැමිණ එම බස්රියෙන්ම කුරුණෑගල බලා නැවත ගොස් ඇති බව පොලිසිය හෙළිකරගෙන තිබේ.
මෙම සිසුන්ගේ මවුපියන් පොලිසියට කැඳවා තරයේ අවවාදකොට ඔවුන් භාරදී ඇති අතර රියැදුරු හා කොන්‍ෙදාස්තරවරයා  (05දා) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සරත් කුමාර ජෝශප්ගේ උපදෙස් පරිදි නි.පො.අ. (ධ්) ධර්මසේන රත්නායකගේ අධීක්‍ෂණයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප්‍ර.පො.ප. සුජීව විජේසේන හා රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. මාධව විජේසිංහගේ මෙහෙයවීමෙන් පො.සැ. බන්නැහැක (7352), පො.සැ. නන්දසේන (64323), පො.කො. මිල්රෝයි (41373) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මෙහෙයවති.
 

වැටලීම කළ අවස්‌ථාවේදී බස්‌ රථය තුළ මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දුන් වයසේ පෙම් යුවල 4 ක්‌ සිට ඇත.

තම ගමන්වාරය එනතෙක්‌ බස්‌ රථය වෙනත් ස්‌ථානයක ගාල්කර එම පෙම්වතුන්ගෙන් මුදල් අයකරගෙන තිර රෙදි වසා අගුල දමා මෙසේ බාලවයස්‌කාර පෙම්වතුන්ට ඉඩ ලබාදී ඇත. පොලිසිය එම දරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මීට පෙර සිට බස්‌ රථවල එවැනි අයථා ක්‍රියා දිගින් දිගට වන බැව් අනාවරණය කරගත හැකි වී ඇත.

මෙසේ ගමන් වාරය එළඹෙන තෙක්‌ නවතා ඇති සාමාන්‍ය බස්‌ රථවලද එවැනි නොයෙකුත් අපචාර හා අයථා කටයුතු සිදුවන බැව් ජනතාව පවසයි. පාසල් සිසුන් අතර ශීඝ්‍රයෙන් වර්ධනය වෙන මත් කුඩු සඳහාද විශාල අනුබලයක්‌ මෙම පොරොත්තු බස්‌ රථවලින් සැපයෙන බවත් ඔවුහු චෝදනා කරති.

අදාළ බස්‌ රථයේ සිටි දරුවන්, සිය දෙමාපියන් පොලිසියට කැඳවා ඉතා තද බල ලෙස දෙමාපියන්ටද දෙමාපියන් ඉදිරියේ දරුවන්ටද අවවාද කොට ප්‍රකාශ සටහන් කොට මුදා හළේය.
බස්‌ රථය හා එහි රියෑදුරු- කොන්දොස්‌තර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger