BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 16, 2015

ජිවිතයක වටිනාකම නොදත් මිනිසුන් අතර කිරිදරුවෙකු බේරා ගත් බළල් වීරවරියක්....!!!

''දරුවාගේ ජීවිතය බේරා ගත් මෙම සිද්ධියේ වීරවරිය මාෂා. ඇය ඉතා බුද්ධිමත් සත්ත්වයෙක් " වෛද්‍යවරියක් වන වේරා ඉවන්නිනා පැවසුවාය.

උදෑසනින්ම යටිගිරියෙන් හඬ නගන බළලෙකුගේ ශබ්දයක් ඇසී නඩෑෂ්දා මාක්හෝවිකෝවා නිවාස සංකීර්ණයේ පහළට දිව ආවාය.
ඇය රුසියාවේ, කලූගා පළාතේ පිහිටි ඔබ්නින්ස්ක් තට්ටු නිවාස සංකීර්ණයේ ජීවත් වන්නියකි.
ශබ්දය ඇසුනු දෙසට දිව ආ නඩෑෂ්දා දුටුවේ විදුලි සෝපානයේ කෙළවරක කුඩා දරුවෙකු වැළඳගෙන කෑ ගසන මාෂා නම් බැළලියයි.
සියලූම ගෙවල්වලට යමින් එමින් කෑමෙන්, බීමෙන් සප්පයාම් වෙමින් නිදැල්ලේ හැදෙන මාෂා නිවාස සංකීර්ණයේ කවුරුත් හොඳින් හඳුණන බැළලියකි.
මාෂා වැළඳගෙන, ලෙවකමින් සිටියේ සිටියේ විදුලි සෝපානය අසළ කුඩා පෙට්ටියක බහා අතහැර දමා ගොස් සිටි මාස 02ක් හෝ 03ක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකි.
මේ රුසියාවට ශීත සමයයි. මාෂා දරුවා වැළඳගෙන උණුසුම ලබා දීම නිසා ඔහුගේ ජීවිතය රැකී ඇති බවත් අධික ශීතලට නිරාවරණය වීම නිසා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වූවත් එය බිය විය යුතු නැති බව වෛද්‍යවරු පවසති.
දරුවා හමු වුණු විගසින්ම ඔහුව පොලීසිය මාර්ගයෙන් රෝහලට බාර කරන්නට නිවාස සංකීර්ණයේ වැසියන් එක්ව කි‍්‍රයාකර තිබුණි.
මාෂා විසින් අඩුම වශයෙන් පැය හතරක් දරුවාට උණුසුම ලබා දී ඇති බවට පරීක්ෂණවලින් හෙලි වී තිබේ.
දරුවා බහා තිබුණු පෙට්ටියේ පිරිසිදු ඇඳුම් සහ නැප්කින් කිහිපයක්ද තිබුණි.
මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් සොයා පොලීසිය විසින් පරීක්ෂණ අරඹා තිබේ.
''දරුවාගේ ජීවිතය බේරා ගත් මෙම සිද්ධියේ වීරවරිය මාෂා. ඇය ඉතා බුද්ධිමත් සත්ත්වයෙක් " වෛද්‍යවරියක් වන වේරා ඉවන්නිනා පැවසුවාය.

Russia: Meet the hero cat who SAVED an abandoned baby

A long-haired cat named Masha was basking in the glory of her reputation as a neighbourhood hero in the Russian city of Obninsk on Wednesday, days after she rescued an abandoned baby from sub-zero temperatures.
On Jan 10, Masha used her body to keep the two-month-old boy warm for several hours after he had been abandoned in the cold. Meowing loudly for help, Masha was able to alert one of the residents of the high-rise apartment building where she lives near a staircase, who thought Masha's calls of distress meant she had been injured. The resident found Masha in her cat box with the baby boy, who had diapers and baby formula with him.
Masha would not leave the baby's side until after authorities arrived, often licking him with her tongue. As authorities took the baby to a hospital, the cat tried to follow them by jumping into the ambulance with the boy. Her attempt thwarted, Masha remained in the area long after the boy had left, pacing around and sniffing the box where she had stayed with the infant.
The baby is said to be perfectly healthy. Police are currently trying to locate the baby's parents. According to Head Nurse at Obninsk City Hospital, Ludmila Ivanova, Masha's heroics are "unique."

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger