BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 16, 2015

ගුවන් යානා ද හිමි සජින් වාස්‌ මහත් හොරා...

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහත් හොරා  ඇමරිකානු ඩොලර් කෝටි ගණනක්‌ ගෙවා ගුවන් යානා පහක්‌ මිලට ගෙන ඇතැයි පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ 16  අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.ලංකාවේ හොරුන් අතර නැව් පමණක් නොව ගුවන් යානා ද ගිලපු කම්බ හොරුද ඇති බව පෙනේ.

ගුවන් යානා පුහුණු පාසලක්‌ පවත්වාගෙන යන බව පවසමින් සජින් ද වාස්‌ ගුණවර්ධන මෙම ගුවන් යානා ඇමරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයෙන් මිලට ගෙන ඇතැයි ද වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.
මෙම ගුවන් යානා නතර කිරීම සඳහා 2011 වසරේ සිට රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනය රුපියල් 415000 ක මාසික කුලියකට භාවිත කරන නමුත් වසර හතරක්‌ තිස්‌සේ එම කුලී මුදල ගෙවා නැතැයි ද වසන්ත සමරසිංහ කීවේය.

සජින් වාස් ඇමෙරිකානු ඩොලර් කෝටි ගණනක්‌ ගෙවා

සජින් ද වාස්‌ ගුවන් යානා 5ක්‌ මිලට අරන්!
එම ගුවන් යානා මේ වන විට ඇමෙරිකාවේ
* අල්ලස්‌ දූෂණ කොමිසමට පැමිණිල්ලක්‌
* ගුවන් යානා පදවන පුහුණු පාසලක්‌ පැවත්වීමට කියා...
   එක්‌ ශිෂ්‍යයකුගෙන් මසකට රුපියල් ලක්‍ෂ 13ක්‌ අය කරලා

   නමුත් පුහුණුවීමක්‌ හෝ සහතිකයක්‌ ලබා දී නැහැ

ස්‌ ගුණවර්ධන විසින් ගුවන් යානා පුහුණුව ලබාදීමට යෑයි පවසමින් ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේ සමාගමක්‌ පවත්වාගෙන යන බව ද ඒ සඳහා බඳවාගෙන ඇති සිසුන් 120 දෙනකුගෙන් එක්‌ අයකු සඳහා මසකට රුපියල් ලක්‍ෂ 13 ක්‌ බැගින් අයකර ඇතැයි ද කීය. එහෙත් මෙම සිසුන්ට පුහුණුවීමක්‌ හෝ සහතික පත්‍රයක්‌ හෝ ලබා දී නැතැයි කී වසන්ත සමරසිංහ  තම නිලය හා බලය අයථා ලෙස යොදවමින් සිසුන් සමඟ ඇතිකර ගත් ගිවිසුම් කඩකර අයථා ලෙස මුදල් ඉපයීම් කර ඇතැයි ද කීවේය.
දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද, මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද, හිටපු ජනාධිපතිවරයාගේ වෙළෙඳ හා විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ සජින් ද වාස්‌ ගුණවර්ධන  වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ  අල්ලස්‌ කොමිසමට දැනුම් දී ඇත.
ඔහු මෙවන් විශාල වත්කම් ප්‍රමාණයක්‌ උපයා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න ඉතාමත් සැකසහිත බව ද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර මෙතරම් වත්කම් අත්කර ගැනීමේ හැකියාවක්‌ ඇති පුද්ගලයකු ලෙස සජින් වාස්‌ ගුණවර්ධන  නොසිටි බව ද අල්ලස්‌ කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සියලු වත්කම් ඔහු විසින් උපයාගෙන ඇත්තේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමෙන් පසුව බව ද සිය පැමිණිල්ලේ සඳහන් කරන වසන්ත සමරසිංහ ඔහු මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශනයක්‌ පවත්වා නීතිය හමුවේ දඬුවම් කරන ලෙස ද ඉල්ලා සිටී.
මෙම ගුවන් යානා මේ වන විට ඇමරිකාවේ ටෙක්‌ස්‌සාහි නතර කර ඇතැයි ද වසන්ත සමරසිංහ  කීවේය.

 අජිත් අලහකෝන්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger