BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, December 25, 2014

ලස්සනට පිපිණු වනමලට මං අදත් ආදරෙයි....!!!

පනස් වසරකට පෙර (1963) මාර්තු 31 දිනය ගැන අද සිහි කරද්දී ඇතිවෙන හැඟීම් මොනවාද?ඒ දිනය වර්තමානයේ රැඳීගෙන සිහිපත් කරද්දී සතුටක් වගේම විස්මයකුත් ඇති වෙනවා. මගේ මුල්ම ගීතය වන 'ලස්සනට පිපුන වනමල්' ගීතය 1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට කරු අයියා (අග්‍රගණ්‍ය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන්) ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙම හඳුන්වා දීමක් කරමින්.

පනස් වසරකට පෙර (1963) මාර්තු 31 දිනය ගැන අද සිහි කරද්දී ඇතිවෙන හැඟීම් මොනවාද?
ඒ දිනය වර්තමානයේ රැඳීගෙන සිහිපත් කරද්දී සතුටක් වගේම විස්මයකුත් ඇති වෙනවා. මගේ මුල්ම ගීතය වන 'ලස්සනට පිපුන වනමල්' ගීතය 1963 මාර්තු 31 වැනිදා දවල් 11.20ට කරු අයියා (අග්‍රගණ්‍ය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන්) ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙම හඳුන්වා දීමක් කරමින්.

'අද මම මල්වෙඩිල්ලක් පත්තු කරනවා. මේ මල් වෙඩිල්ලේ ආලෝකය සදාකාලික වෙයි කියල මට විශ්වාසයි. මේ ගායකයා නිහාල් නෙල්සන්....'

කරු අයියාගේ ඒ හඳුන්වාදීම මට මේ ගමන පනස් වසරක් එන්න ආශීර්වාදයක්ම වුණා. නිහාල් නෙල්සන් කියන මල් වෙඩිල්ල අවුරුදු පනහක් පත්තු වුණා නේද කියල හිතනකොට සතුටුයි. පුදුමයි. අවුරුදු පනහක් මා වටේ යුගයෙන් යුගයට හිටපු රසික ජනතාවට මම මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.
සංගීත ලෝකයට ආ හැටි සිහිපත් කළොත්?
මොරටුවේ රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පාඨශාලාවේ (නිර්දෝෂී මරියා පාඨශාලාවේ) ඉගෙන ගන්න කාලේ සාහිත්‍ය සංගමයේ කවි ගීත ගායනා කළා. මමම හදා ගෙනයි කිව්වේ. ඊළඟට මොරටු මහා විද්‍යාලයේදීත් එහෙමයි.

ඉන් පස්සේ යාළුවෙකුගේ මඟුල් ගෙදරකදී ප්‍රවීණ වාදක - ගායක ඒ.ජේ. කරීම් මට හමුවුණා. මඟුල් ගෙදරදී ඔහුගේ සංගීතයට මම සිංදු කිව්වාම ඔහු සතුටු වෙලා කැන්ඩි ලේක් ක්ලබ් එකේ සිංදු කියන්න අවස්ථාවක් දුන්නා. ඒ 1962දී එතැනදී ඔහු මාව ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතවේදියාට හඳුන්වා දුන්නා. කරු අයියා තමයි කැන්ඩිලේක් ක්ලබ්වල ප්‍රසංගවල නිවේදන කටයුතු කළේ. කරු අයියා මාව ගුවන් විදුලියට එක්ක ගිහින් වෙනත් වැඩසටහන්වලට සහභාගි වෙන්න ඉඩ ලබා දුන්නා. ඔය අතර සරත් මුණසිංහ කවියා (වර්තමානයේ මීගහවෙල සුමනශාන්ත හිමි) රචනා කළ ලස්සනට පිපුන වනමල් ගීතය ච්ම්අඉ ලේබලයේ තැටියකට ගායනා කරමින් ගීත ලෝකයට එන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගීතයේ තනුව මගේ සංගීතය ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ. තැටියට ඇතුළත් වූ අනෙක් ගීතය ගම නගරෙ ඇවිදිනා ඒකත් ලිව්වේ සරත් මුණසිංහ. එදා පටන් මේ දක්වා අඛණ්ඩව ගීත ලෝකයේ රැඳී සිටින්න මට වාසනාව ලැබුණා.
 මේ පනස් වසර තුළ ගායනා කළ ගීත අතරින් නිහාල්ගේ ප්‍රියතම ගීතය මොකක්ද?
කෙළින්ම කියන්න වෙන්නේ ලස්සනට පිපුන වනමල් ගීතය බවයි. අවුරුදු පනහක් මාව ආරක්‍ෂා කළ ඒ ගීතය තමයි තවමත් මගේ පැවැත්ම ගැන වග කියන්නේ. මට ශක්තිමත් 'මුලක්' හදල දුන්න ඒ ගීතයට මම හැමදාමත් ආදරෙයි.

ඔබ ගැයූ ගීත අතරින් පෞද්ගලික ජීවිතයට සමීප අත්දැකීම් ඇති ගීත මොනවාද?
ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී ගීතය මම ගායනා කළේ මගේ බිරිය මාලිට ආදරය කරන කාලෙදියි. ඒ වගේම කිරට හඬන පුංචි පුතේ ගීතය ගායනා කළේ මගේ එකම පුතා කාංචන තරංග නෙල්සන් වෙනුවෙන් මේ ගීත දෙකම ලිව්වෙත් මම තනුවත් මගේ.


 සිනමා සක්විති මහා නළු ගාමිණී ෆොන්සේකා ගැන නිහාල් ගීතයක් ගායනා කළා නේද?
ඔව්. හිතහොඳ මිනිහගෙ සංදේශය දෙමි ලියලා කියල ඔහු වෙනුවෙන් මම ගීතයක් ගායනා කළා. කිව යුතු කෙනෙක් ගැන එහෙම කියන්න ලැබීම සතුටක්.
 'ලස්සනට පිපුන වනමල්' හා 'ගම නගරෙ ඇවිදින' ඔබේ මුල්ම ගීත දෙකේ වයලින් වාදකයා වික්ටර් රත්නායක නේද?
ඔව්. ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ වයලින් වාදකයකුව සිටි වික්ටර් මගේ මුල්ම ගීත දෙකට වයලින් වාදනය කළා. මම හිතන්නේ පටිගත කිරීම්වලදී මුලින්ම ඉලෙක්ට්‍රොනික් වයලීනයක් වාදනය කළ වාදකයා වික්ටර්.

 ඔබේ ගීතවලින් සමාජ මෙහෙවරක් සිදු වුණාද?
නැතුව. මිනිසුන්ගේ සිත්වලට සතුට ලබාදීමත් මෙහෙවරක්නේ. ඒ හැර එපා එපා මස්කන්නට හා 'කුඩු' ගීත දෙක අහල මස් කෑමෙන් වැළකුණු හා මතට තිත තැබූ බොහොමයක් මට හමුවෙලා තියෙනවා. ඒක මම මේ ආත්මයේ කරගත් විශාලම පිනක් කියල මට හිතෙනවා.

නිහාල් බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුගේ ගෝලයෙක්ද?
නෑ. මම කාගේවත් ගෝලයෙක් නෙමෙයි. හැබැයි මම එම්.එස්. අයියාගේ ගීතවලට හැමදාමත් ප්‍රිය කරනවා.
ඔබේ පුතා තරංග ඔබේ ගීත ගයනවාට ඔබ අකැමැතිද?
පුතාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. සංගීත නිර්මාණය කරන්නත් පුළුවන්. දැන් එයා ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකවරයෙක් හැටියට සේවය කරනවා. පුතා මගේ සිංදු කියනවට වැඩිය නව නිර්මාණ කරනවටයි මම කැමැති. නව ගායකයෙක් බිහි විය යුතුයි. ඒ වගේම මේ ගීත ලෝකයේ මගේ ගීතවලට අකැමැති අයත් ඉන්නවනේ පුතා මගේ ගීත ගැයුවොත් ඒවාටත් ඔවුන් අකමැති වේවි. එයාගෙම නිර්මාණ ගායනා කළොත් ඒ තත්ත්වය උදාවෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.

ගීත ලෝකයේ ප්‍රතිපත්තිගරුක ගායකයෙක් හැටියට ඔබ ප්‍රසිද්ධයි නේද?
අනුන්ගේ ගීත ගායනා නොකරීම NON STOP (නන්ස්ටොප්) ගායනා නොකිරීම - වරක් ගැයූ ගීයක් නැවැත පටිගත නොකිරීම 'සියැක්' සහ 'මේරියන්ස්' සංගීත කණ්ඩායම් සමඟ ගීත ගායනා නොකිරීම මගේ ප්‍රධාන ප්‍රතිපත්ති. සියැක් - මේරියන්ස් සමඟ තරහක් නෑ. ඒත් යම් හේතූන් මත ඔවුන් සමඟ ගී ගයන්නේ නෑ. ඒ වගේම ජෝති උපහාර ප්‍රසංගවලදී හැමෝම ජෝතිගේ ගීත ගයද්දී මම ගැයුවේ නෑ. 1988දී ජෝති පිළිරුව විවෘත කළදා ප්‍රසංගය නිමිත්තෙන් ෆ්‍රැන්සිස් වන්නිආරච්චි හා ආනන්ද සංස්කරණය කළ සමරු කලඹට මම පළ කළේ මෙන්න මේ අදහස.

මම ජෝතිගේ ගීත ගායනා නොකරමි. හේතුව ඔහුගේ ගීත විකෘති කරන්නට මා අකමැති නිසාය.
ජෝති ගැන කියද්දී පසුගිය විසිපස් වසර පුරාම සඳහන් වූ හදවත රත්තරන් ජෝති යන යෙදුම හඳුන්වා දුන්නේ ඔබ නේද?
ඔව්. 1987 ජූලි 9 වැනිදා බොරැල්ල කනත්තේ පැවැති ජෝතිගේ අවමඟුල් උළෙලේදී මම කිව්වා ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. කියන අකුරු දෙකෙන් කියවෙන්නේ 'හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ්' කියා නොව 'හදවත රත්තරන්' කියා බව. ඒක මේ වන විට ජනප්‍රවාදයක් බවට පත්වී තිබීය ගැන මම සතුටු වෙනවා. ඒ යෙදුම භාවිත කරලා ජෝති ගැන සිංදු හැදුවා පොත් ගැහුවා, කවි ලිව්වා. ඒ සියල්ලට හේතු වණේ එදා මගේ සඳහන් කිරීම නේද කියල හිතල මම සතුටු වෙනවා.

ගී ලොවේ අවුරුදු පනහක් සපිරීම නිමිත්තෙන් මොනවද කරන්නේ?
මේ අවස්ථාව සමරමින් මාර්තු 15 වැනිදා සවස 7ට මියුසියස් විදුහල් රඟහලේදී වසර පනහයි නිහාල් ඇවිත් යනුවෙන් මගේ ගී ප්‍රසංගයක් පැවැත්වෙනවා. 'සන්ෆ්ලවර්' සංගීතය සපයනවා. තිලක් කුමාර රත්නායක ඉදිරිපත් කරනවා. ප්‍රසංගය සංවිධානය කරන්නේත්, එදින ‍ෙදාරට වඩින මගේ අලුත්ම ගී එකතුව නිපදවන්නේත් 'ටොරානා' අධිපති සරත් කොතලාවල විසිනුයි.

ආනන්ද පද්මසිරි

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger