2004 අප රටේ සිදුවූ ඒ මහා විපත මෙනෙහි කරමින් .අප පළ කරන විශේෂ ලිපිය...
දස වසරක් යනු සුළුපටු කාලයක් නොව. එකල වැවු ගසක් නම් මේ වන විට මල් ඵල හටගන්නේය. එහෙත් සබ්බ සේසතම පමණක් නොව ඇකයේ හුන් දරුවන් ද රැගෙන ගිය ඒ දරුණ රළගෙඩි පහර තවමත් රට අවට මුහුදු තීරයේ (විශේෂයෙන් ම උතුර දකුණ නැඟෙනහිර) වෙසෙන්නන්ට පමණක් නොව මුළු රටටම අදත් කඳුළක් ඉතිරිකර ඇත. දෙදහස් හතර වසරේ දෙසැම්බර් 26 වැනිදා උදෑසන සිදුවූ සුනාමි ඛේදවාචකයේ නොමැකුණ මතකයන් සොයා ගිය ගමනකදි පැරැලියේදි අපට හමුවූයේ හතළිස් අට හැවිරිදි එස්.එම්. කුමුදු ප්‍රියන්තය. පරැලිය සුනාමි ස්මාරකය ඉදිරියෙන් ඇති පදුමගබ්බ විහාර මාවතේ පිහිටි ප්‍රියන්තගේ නිවෙස සොයා අපි ගියෙමු. ලද ආරංචියට අනුව ගිය ගමනේදි මඟ තොටින් ඇසූ තොරතුරු අපේ නෙතට කඳුළක් එක් කළේය.“ආ ප්‍රියන්ත අයියද? එයාගේ බිරියයි දරුවෝ හතර දෙනාම සුනාමියට ගියානේ.”
අපි ගැමියන් කියූ තොරතුරු ඔස්සේ ගියෙමු. ඒ සුනාමියට ලක්ව අසරණ වූ ජනතාව වෙනුවෙන් ඉදිකෙරුණ නිවාස සංකීර්ණයකි. අපි ප්‍රියන්තගේ නිවෙස සොයා ගතිමු.
ඔහු අප ඉදිරියට ආවේ සිනහමුසු මුහුණිනි.
‘එන්න ඇතුළට.’ ඔහු අප ඇතුළට කැඳවූයේය.
ඔහු ගෙතුළ කබඩ් එකක් මත තබා ඇති ඡායාරූප එකිනෙක ගෙන අපට පෙන්වීය.
බිරියත් දියණියන් හතර දෙනෙකුත් දෑස් පනාපිට සුනාමි රළපහරේ ගසාගෙන ගිය අයුරු කොතැනින් කරුණු අසන්නදැයි සිතාගත නොහැකිව අපි මොහොතකට ගොළුව ගියෙමු. ඔහු ද අප ඉදිරියේ නිහඬය. පරණ තෝම්බු ඇද පෙන්වන අතරේ ඔහු හඬ අවදි කළේ බොහෝ වේලාවකට පසුවය.
“එතකොට මගෙ වයස අවුරුදු තිස් අටයි. මම බහුදින යාත්‍රාවක සේවය කළේ. අපේ ගෙවල් තිබුණේ පැරැලිය පාර අද්දර. මගේ බිරියගේ නම කේ.ඒ. චිත්‍රානි. එයාට අවුරුදු විසිනවයයි. මම මුහුදු ගිහිල්ලා ආවේ සුනාමි එන්න කලින් දවසේ. ඒ දෙසැම්බර් ඉස්කෝලේ නිවාඩුව නිසා අපි දරුවොත් එක්ක ගිහිල්ලා එයාලට පොත් අරගෙන ආවා. ඒ වෙනකොට මගෙ ලොකු දුව චමිලා ක්‍රිෂනිට අවුරුදු දහතුනයි. එයා අවුරුදු දාහතරෙන් වැඩිවිය පැමිණෙන බව වේලපත්කඩය බැලුවම කියලා තිබුණේ. ඒ නිසා අපි පරණ ගේ පිටිපස්සෙන් අලුත් ගෙයක් හැදුවා සියලු පහසුකම් ඇතුව. දෙවෙනි දුව රුවනි ප්‍රියදර්ශනි. එයාට නිවුන් සොයුරියක් ඉන්නවා. ඒ දුව හිටියේ බිරියගේ අක්ක ළඟ. ඒ දුවලා දෙන්නට අවුරුදු එකොළහයි. මහේෂා සංදීපනි දුවට අවුරුදු නවයයි. බාලයා තරුෂා හංසනි. තරුෂා දුවට ඒ වෙනකොට අවුරුදු තුනයි. තරෑෂට පපුවේ ඔපරේෂන් එකක් කරලා තිබුණේ. කොහොමහරි විසි
ප්‍රියන්ත තම ජීවිතයේ අතීත ශ්‍රී විභූතිය කියාගෙන යන අතරේ මොහොතකට ගොළුව ගියේය. ඔහුගේ දෑසේ කඳුළු පිරී යයි. මුවින් සුසුමන් නැඟෙන්නේ නිරායාසයෙනි.
“කොහොමහරි එදා උදේ බිරිය පොඩි දුවවත් වඩාගෙන කඩේට ගියා කෑම ගේන්න. මමත් එයා පිටිපස්සේ ගියා. ඒත් එයා ආයෙත් ගෙදර ආවා. එහා තියෙන කඩයට යන්න ඕන කියලා. අනිත් දුවලා හිටියේ අලුත හදපු ගේ ඇතුළේ. ඒගොල්ලෝ අලුතෙන් ගෙනාව පොත් බෑග්, පැන්සල් බල බලා හිටියේ. බිරිය ආයේ ගේ පැත්තට ආවාම මං පොඩි දුවත් වඩාගෙන කඩේට ගියා. එතකොට තමයි මං දැක්කේ විශාල රළ ගෙඩියක් එනවා. ඒක අඩි අටකට දහයකට වැඩියි. මම දරුවත් වඩාගෙන ගොඩ පැත්තට දිව්වා. මම සරම ඇඳලා ඒක දෙකට නවාගෙන හිටියේ. මම දරුවන් අරගෙන යනකොට තමයි කෝච්චියේ රළගෙඩිය වැදෙනවා දැක්කේ. හිතාගන්න බැරුව ගියා මොකද වෙන්නේ කියලා. මළගෙදරක යන්න වෙන්න ඇති සුදු ඇඳගෙන පිරිසක් හිටිය සුදුපාට වෑන් එකක් ගෙයක් කඩාගෙන යනවා දැක්කා. මං දන්නෑ මට එක පාරටම ඊට කලකට පෙර රූපවාහිනියේ පෙන්නපු ඇමරිකාවේ ගංවතුරක් මතක් වුණා. කොහොම හරි දරුවත් අරගෙන කෝච්චිය ගාවට ගිය මම කෝච්චියේ ගාඩ් මහත්තයට මගෙ දුවව දුන්නා.
මුකුත් වෙලා තිබුණේ නෑ. මම ඒ දුවවත් බිරිය ළඟට එක්කගෙන ආවා. මට ඊට පස්සේ ඕන වුණේ අනිත් දුවලා දෙන්නා ගැන බලන්න. වෙන්නේ මොකක්ද කියලවත් හිතාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට හොඳට පීනන්න පුළුවන්. මම වතුරේ යනකොට අහල පහල මාමා කෙනෙක් ගහක ඉන්නවා දුටුවා. ඒ මාමවත් බේරලා යැව්වා. මං දැක්කා මනමාලයෙක්ගේ මිනියක් වැටක එල්ලිලා තියෙනවා. ගේ හොයා ගන්න අමාරුයි. පේර ගහක නැගලා හිටිය බඩදරු අම්මා කෙනෙක්වත් බේරලා කෝච්චියට යැව්වා. ඒ වෙලාවේ මොනවා වේවිද කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඒ වෙනකොට මුහුද හිදිලා ගිහිල්ලා තිබුණේ. ඒත් ඊට සුළු මොහොතකට පස්සේ යාළුවෙක් කෑගහැවුවා ප්‍රියන්ත ඔන්න තව එකක් එනවා කියලා. මම දකුණු පැත්තට දිව්වා.
ආයෙත් උතුරු පැත්තට දිව්වා. ඒත් අර ආව මහ රළගෙඩියට අහුවෙලා මාව උඩ ගියා වතුරත් එක්කම පොල් ගහක එල්ලුනා. ඒ වෙලාවේ මං දුටුවා රෙජිෆෝම් කෑලිවගේ කෝච්චි පෙට්ටිය කෑලිවලට ගහගෙන යනවා. ඊටත් හුඟවෙලාවකට පස්සේ වතුර බැහැලා ගියා. හවස තුන හතර වෙනකොට
ප්‍රියන්ත පමණක් නොව සුනාමිය දා අවතැන්වූවෝ අවතැන් කඳවුරුවල ද පන්සල් පල්ලිවල ද රැඳී සිටියහ. ඇතැමෙකුට කරන්නේ කියන්නේ මොනවාද කියාවත් හරිහැටි කල්පනාව නොතිබිණ. ඒ තරමටම ඔවුහු කැලඹී සිටියහ.
“ඊට දවස් දෙකකට පස්සේ බිරියගෙයි රුවනි දුවගේ හා බාලම දුවගේ මිනී මට හමුවුණා. බාල දුවගේ මිනියට මුකුත්ම වෙලා තිබුණේ නැහැ. අනිත් දුවලගේ මිනී හමුවුණේ නැහැ. මගේ දුවලා හතරදෙනා බිරිය නැත්තටම නැති වුණා. සුනාමියට අහුවෙච්ච හැමෝගෙම ඇදුම් ගැලවිලා ගියා. ඒත් මං ඇඳගෙන හිටපු සරම ඒ විදිහටම ඇඟේ තිබුණා. නිවුන් දියණියන්ගෙන් ශානිකා සන්දීපනී දුව විතරයි ඉතිරි වුණේ.
ගෙදර තිබුණ හැමදේම මුදල් නැති වුණා. මට කාත් කවුරුවත් නැතිව ගියා.
ඔහුගේ හඬ හැඬුම්බරය. සුනාමියෙන් අවතැන්වූවකු වූ ප්‍රියන්ත ද අනෙක් අය මෙන් ම යළිත් ගොඩනැගිය යුතුව තිබිණි. එහෙත් අම්මා තාත්තා හෝ තමන්ගේ කියා වෙනත් කිසිම ඥාතියකු නැතිවූ ඔහු සම්පූර්ණයෙන් ම කඩා වැටුණේය. එහෙත් ජීවත් විය යුතුයැයි කියා ඔහුට ශක්තිය ගෙන ආවේ ඉතිරි වූ එකම දියණියයි.
ප්‍රියන්ත ඒ අතීතය සිහිපත් කරන්නේ වේදනාවෙනි. එහෙත් සුනාමියෙන් පසුව උදව් කිරීමට බොහෝ අය ඉදිරිපත් වූහ. ප්‍රංශ ජාතිකයකු මඟින් ඔහුට ඉඩමක් මිලට ගැනීමට මඟ පෑදුණේය. ඔහුට රුපියල් ලක්ෂයක් වැනි මිලකට ඉඩම ලබාදීමට ඉදිරිපත් වූයේ ප්‍රියන්ත සුනාමිය දා දිවි ගලවා දුන් ගම්වැසියාය. ඉන්පසුව ඔහුට තම නිවෙස ඉදිකර ගැනීම සඳහා ප්‍රංශ ජාතිකයෙක් ද තවත් බොහෝ අය උදව් කළහ. ඒ වනවිට ඔහුගේ බැංකු පොතේ තිබූ මුදල් ද යොදා ප්‍රියන්ත ශක්තිමත් නිවසක් සාදා ගත්තේය. එහෙත් ඒ නිවසේ වුවද ඔහුට සැනසුමක් නොවූයේය. බිරිය, දරුවන්ගේ මතකය ඔහු හද පෑරුවේය.
“මට සැනසුමක් තිබුණේ නැහැ. අයියා කෙනෙක් තමයි මට චම්පිකාව කතා කළේ. මගේ අම්මයි තාත්තයි විවාහ වෙලා තිබුණේ කල් ගිහිල්ලා. තාත්තට අවුරුදු පනහයි; අම්මට හතළිස් පහයි කාලේ තමා විවාහ වෙලා තිබුණේ. මම පවුලේ එකම දරුවා. මමත් කල්පනා කළා මටත් කාත් කවුරුවත් නැති නිසා විවාහ වෙන එක හොඳයි කියලා. දුව හදන්නේ චිත්‍රානිගේ අක්කා. කොහොම හරි මේ විවාහයෙන් මට අවුරුදු හයයි, අවුරුදු හතරයි වයස පුතාලා දෙන්නෙක් ඉන්නවා. චම්පිකා මටත් දරුවන්ටත් හොඳින් බලනවා. එයා මගේ කලින් බිරියටයි දරුවන්ටයි දානමාන පිංකම් කරලා පින් දෙනවා.” ප්‍රියන්ත පවසන්නේ චම්පිකා ගැන අවංක හැඟීමෙනි.
තවත් දින කිහිපයකින් සුනාමියට දස වසරක් සපිරෙන්නේය. රටම මළගමක් කළ ඒ බිහිසුණු ඛේදවාචකයෙන් මිය ගිය ජනතාව සමරා රට පුරා විවිධ පින්කම් දිග හැරෙන්නේය. ඒ අතර විශේෂයෙන් ම පැරැලිය සුනාමි ස්මාරකය ඉදිරියේ ද පැරැලිය පදුමගබ්බාරාම විහාරස්ථානයේදී ද විශේෂ පිංකම් මාලාවක් පැවැත්වෙන්නේය. මෙම පිංකම සඳහා පදුමගබ්බාරාම විහාරය පිටුපස ඇති මොලපු ඔය දියමත අපූරු ධර්ම මණ්ඩපයක් ද ඉදිකර ඇත්තේය. ප්‍රියන්තද මේ සඳහා උදව් කර ඇත. ඊට අමතරව ඔහු පැරැලියේ බස් නැවතුම් පොළක් ද ඉදිකර ඇති අතර තමන්ගේ ඉඩමෙන් කොටසක් ද සමූපකාර සමිතිය සඳහා ලබාදී තිබේ.
ඔහු මේ සියල්ල කිරීමෙන් අවසානයේ බලාපොරොත්තු වන්නේ තම දරුවන්ට බිරියට පිං පැමිණවීමය.
“මගේ දරුවෝ හිටිය නම් අද ලොකුයි. ලොකු දුව රස්සාවක් කරන වයසේ. එහෙනම් අද මට රජෙක් වගේ ඉන්න තිබුණා. මගේ දරුවෝ ඉගෙන ගන්න දස්සයි. මොනදේ තිබුණත්, මොනදේ කළත් මගේ හිතේ යම් තැනක විශාල දුකක් තියෙනවා. ඒ මගේ දරුවන්ගේ මතකයත් එක්ක.”
ප්‍රියන්ත තම පුතුන් දෙදෙනා තුරුලට ගනිමින් පැවසුවේ දෑසේ නැඟි කඳුළක් ද පිසදමමිනි.
Post a Comment