BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 22, 2014

වැඩිම ආපදාව මැදිරිගිරියට හා ලංකාපුරට...!!!

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ 21 වැනි දින වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේම ජනතාව විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර පවසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂතුමා මෙසේද කීය.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය 20 වැනි දින සවස 18.00 පැය වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවුල් දෙදහස් තුන්සිය දහසයක් ආපදාවට පත්ව තියෙනවා. ඒ අනුව එම පවුල් ඒකක 2,316 තුළ පුද්ගලයන් නවදහස් අටසිය පනස් හතරදෙනකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.
මෙම ආපදාවට ලක්වූ පුද්ගලයන් අතරින් දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කර ඇති රැඳවුම් කඳවුරු 38ක පුද්ගලයන් හාරදහස් හතළිස් තුන්දෙනකු මේ වන විට රැඳී සිටින බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම පුද්ගලයන් සඳහා පිසින ලද ආහාර ලබා දීම සිදු කරන බව පැවැසීය.

මේ වන විට වැඩිම පුද්ගලයන් පිරිසක් ආපදාවට ලක්ව ඇත්තේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බව පොළොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
මෙහිදී වාන් ‍ෙදාරටු විවෘත කිරීම හේතුවෙන් ඇතිවූ ජල ගැල්ම නිසා පොළොන්නරුව - මඩකළපුව මාර්ගය මනම්පිටිය ප්‍රදේශයේදී ද, සෝමාවතිය මාර්ගය සහ මැදිරිගිරිය - හිඟුරක්ගොඩ මාර්ගය විහාරමාවත ප්‍රදේශයද ජලයෙන් යටව ඇතැයි පොළොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපුල් නානායක්කාර අප කළ විමසීමට පිළිතුරු දෙමින් පැවැසීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger