BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, December 23, 2014

ලෝක වෙළඳ‍පොළේ බොර තෙල් හා රත්‍රං මිල පහළට...!!!

ලෝක වෙළඳ‍පොළේ බොර තෙල් මිල අමෙරිකානු ඩොලර් 60 සීමාව දක්වා පහළ වැටී ඇති අතර එය පසුගිය පස්වසරක දී වාර්තා වූ අඩුම මිල ලෙස විදෙස් වාර්තා පවසයි.

 පසුගිය ජුනි ‍මාසයේදී ලෝක වෙළඳපොළේ අමෙරිකානු ඩොලර් 110ක් ව පැවති බොර තෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 60 දක්වා පහළ වැටී ඇති අතර රුසියාවට පනවන ලද ආර්ථික සම්බාධක නිසා රුසියානු තෙල් සැපයුම් නතරවීමත් චීන තෙල් සැපයුම්වල අඩුවීමත් මේ තත්ත්වයට බලපා තිබේ. ගල්ෆ් කලාපයට පසු ව වැඩි ම තෙල් අපනයනය කරන රට වන්නේ රුසියාව බව පැවසේ.
එසේම රත්‍රං අවුන්සයක මිල අමරිකානු ඩොලර් 1195.50 දක්වා පහත වැටී ඇත. සතියකට පෙර රත්‍රං අවුන්සයක මිල අමරිකානු ඩොලර් 1217ක් ලෙස සටහන් වේ.තෙල් මිල මෙන් ම රත්‍රං මිල ද පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ සැපයුම ඉහළ අගයක තිබියදී ඉල්ලුම පහළ වැටීම බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.මේ අතර ලෝක තෙල් අපනයනය කරුවන්ගේ ප්‍රධාන එකමුතුව වන ඔපෙක් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තෙල් මිල පහළ ගිය ද නිෂ්පාදනය අඩු කිරීමට මෙතෙක්තීරණය කර නොමැති බව ය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger