BREAKING NEWS

රටතොට

Friday, December 19, 2014

ඉරාක හමුදාවේ 1700 ක් අමු අමුවේ මරා දමති...!!!


මේ වනවිට තමන් විසින් අල්ලා ගනු ලැබූ ඉරාක හමුදා සෙබළුන් 1,700 ක් දෙනා මරා දැමූ බව අයිඑස්අයිඑස්  ත‍්‍රස්තයෝ කියති. ඉරාකයේ සුන්නි ත්‍රස්ත්‍රවාදීහු සටන්වලදී අල්ලා ගන්නා ඉරාක රජයේ හමුදා සෙබළුන් සිය ගණනින් පෙළට තබා අමු අමුවේ මරා දමති. ඉරාකය සුන්නි ත්‍රස්තයන්ගෙන්  බේරා  ගැනීමට ඇමෙරිකාව එතොත්  ඉරානයද සහාය දීමට සැරැසේ.

ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ, අයිඑස්අයිඑස් නමැති සුන්නි ත‍්‍රස්තවාදී කණ්ඩායමය.
‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් ලෙවොන්ත්’ යනුවෙන් හැඳින්වෙන මොවුන් ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ට පක්ෂපාතී පිරිසකි.

2003 වසරේ ඇරැඹි ඉරාක සංග‍්‍රාමයේ දී අල් කයිඩාව සමඟ අත්වැල් බැඳගෙන සිටි මොවුහු, සිරියා සිවිල් යුද්ධය මුල්කොට ගනිමින් සුන්නිවරුන්ගෙන් සැදුම්ලත් අල් කයිඩාව සමඟ මතභේද ඇතිකර ගත්හ. අද වනවිට මොවුහු අල් කයිඩාවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරති. කෙසේ නමුත් ඇමෙරිකා සහ බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ මෙම ත‍්‍රස්ත සංවිධානය හඳුන්වා දී ඇත්තේ අල් කයිඩාවේ නව මුහුණුවර යනුවෙනි.
අයිඑස්අයිඑස් ත‍්‍රස්තයන් උත්සාහ ගනිමින් සිටින්නේ, බැග්ඩෑඩ් අගනුවර අල්ලා ගැනීමටය. ඔවුන් බැග්බෑඞ් නුවරට රොකට් ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඉකුත් සති අන්තයේ සිටය. ‘අයිඑස්අයිඑස්’ සංවිධානයට නායකත්වය දෙන අබු බක්ර් අල් බැග්ඩෑඩි සැඟවී සටන් මෙහෙයවන නායකයෙකි.
මේවනවිට ඉරාකයේ මොසූල් සහ ටික්රිත් ඇතුළු ප‍්‍රධාන නගර රැසක් අත්පත් කරගෙන සිටින්නේ ද මෙම ත‍්‍රස්තවාදී සංවිධානයයි.

සුන්නි ත‍්‍රස්තවාදීන් බැග්ඩෑඞ් අගනුවර අල්ලා ගැනීමට සැරැසෙද්දී ඉරාකයේ ෂියා මුස්ලිම් රජය සමඟ එක් වී සටන් කරන්නැයි, ෂියා ආගමික නායක අයතුල්ලා අලී අල් සිස්ටානී ෂියා මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව, ෂියා තරුණයන් සිය ගණනක් සහ රජයට පක්ෂ ගෝති‍්‍රක වැසියන් දහස් ගණනක් ද මේ වනවිට ඉරාක හමුදාව සමඟ එක් වී සිටිති.
මේවනවිට ඉරාක කුර්දිස්තානයේ කුර්දි හමුදාව ද ඉරාක ෂියා මුස්ලිම් රජයට සහාය දක්වමින් ඉරාක හමුදාව සමඟ එක් වී සුන්නි ත‍්‍රස්තයන් සමඟ සටන් වදින බව ද වාර්තා වේ.
ඉරාකයේ නගර එකිනෙක අල්ලා ගනිමින්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීමටත් අල්ලා ගන්නා එම නගරවල ෂරියා නීතිය පැනැවීමටත් ‘අයිඑස්අයිඑස්’ ත‍්‍රස්තයෝ කටයුතු කළහ. එම අවස්ථාවේදී ඉරාක අගමැති නූර් අල් මලිකී කුර්දිවරුන්ගේ සහාය ඉල්ලූවේ නැත. ඒ, කුර්දිවරුන් අතර පවතින මතභේද නිසාය.
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අල්ලා ගැනීමට වෙර දරන සුන්නි ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් වැදීමට ඇමෙරිකාව මැදිහත් වෙන්නේ නම්, ඇමෙරිකාවේ කැමැත්ත අනුව තමන් ද ඇමෙරිකාව සමඟ එක් වී සුන්නි ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් කරන බව ෂියා මුස්ලිම් ඉරානය පවසා ඇත.
මේ අතර ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා පවසා ඇත. ඇමෙරිකා නාවික හමුදාවට අයත් ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් යුද නැව ගල්ෆ් කලාපයට යවා සීරුවෙන් තැබීමට ජනපති ඔබාමා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger