ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන බැසිල් සැලසුම් කර තිබී ඇත. මෙම යුධ ජයග්‍රහණ පුවත් අතිරේකය සැලසුම් කිරීමේදී 2009 මැයි 20 වෙනිදා යුධ ජයග්‍රහණ පුවත්වල පලවූ එවක යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ නම වෙනුවට හමුදා ප්‍රකාශක වශයෙන් යොදා ගන්නා ලෙසට බැසිල් විසින් එම කාර්ය කිරීමට භාර දී තිබූ ‘ට්‍රයි ඇඩ්' ඇඩ්වර්ටයිසින් සමාගමේ සම හිමිකාරියක වන වරුණි අමුණුගමට උපදෙස් දී තිබේ.
සැලසුම් කර තිබූ මෙම අතිරේකයේ ජනාධිපතිවරයා යුධ ජයග්‍රහණය සමරමින් කටුනායක ගුවන්තොටුපොලේ පොලොව සිප ගන්නා අයුරු දැක්වෙන මාධ්‍ය වලින් අවුරුදු 5 ක් පුරා පට්ට ගැසූ ඡායාරූපයක් පලකිරීමට සැලසුම් කර තිබුනි. මේ පිළිබඳව ජනාධිපතිවරයාට අදහස් දක්වා ඇති ඔහුගේ දමිල හිතවතුන් පවසා ඇත්තේ එම ඡායාරූපය නැවත පලකළ හොත් කිසිදු ද්‍රවිඩ ජාතිකයෙක් ජනාධිපතිවරයාට ඡන්දය නොදෙන බවයි. ඒ වෙනුවට ඔවුන් ඉල්ලා ඇත්තේ යාල්දේවී දුම්රිය යාපනයට පැමිණුනු දා ගත් ඡායාරූප උතුරේ මුද්‍රණය සමග පලකරන ලෙසයි. දමිල හිතවතුන්ගේ අවවාදය තරයේ හිතට ගෙන ඇති ජනාධිපතිවරයා බැසිල් ඇමතිවරයාට කතාකොට ‘උඹ හදන්නෙ මට කෙලවන්නද?' කියමින් තිත්ත කතාවෙන් බැණ වැදීඇත. ඉන්පසු මහරෑ දෙගොඩ හරියේ වරුණි අමුණුගම අමතා ඇති ජනාධිපතිවරයා වහාම එම අතිරේකය මුද්‍රණය කරන එක නවතා උතුරේ මුද්‍රණයට යාල්දේවී පින්තූර යොදා ගන්නා ලෙස උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා ඉන්පසු තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සිය පුතුන් තිදෙනා හට ඔවුන්ගේ සිතු මනාපය පරිදි සිදු කිරීමට ඉඩහැර ඇත. ඒ අනුව බැසිල් අමාත්‍යවරයා මේ වන විට ඡන්ද කැම්පේන් එකෙන් කැපී ගොස් සිටී.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment