BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, October 7, 2014

නවතම හෙරොයින් සොයා ගැනීමෙන් පැයකදී ලක්ෂ තුනක් සාක්කුවේ.....

හෙරොයින් වෙනුවට කොළඹ පැරසිටිමෝල් කුඩු විකුණයි



හෙරොයින් වෙනුවට පැරසිටිමෝල් පෙති කුඩු කර හොර රහසේම අලෙවි කිරීම කොළඹ නගරය පුරා බහුල වශයෙන් සිදුවන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
උග්‍ර හෙරොයින් හිඟයක්‌ රට පුරා පවතින නිසා ජාවාරම්කරුවන් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් පැරසිටිමෝල් පෙති කුඩු කර මත්කුඩු ලෝලීන්ට අලෙවි කරමින් සිටිති.

ජාවාරම්කරුවන් මේ ආකාරයට පැරසිටිමෝල් පෙති කුඩු අලෙවි කරන්නේ පිට පළාත්වල සිට හෙරොයින් මිලදී ගැනීමට කොළඹට එන හෙරොයින් ලෝලීන්ට බව ද අනාවරණය වී තිබේ.

පසුගිය දිනෙක තොටළඟ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකු පැරසිටිමෝල් පෙති කුඩු කර හෙරොයින් ලෝලීන්ට අලෙවි කර පැයක කාලසීමාවකදී රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මුදලක්‌ උපයාගත් බව ද වාර්තා විය.

පසුගිය කාලසීමාවේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය, ශ්‍රී ලංකා රේගුව සහ පොලිසිය සිදු කළ මහා පරිමාණ වැටලීම්වලදී හෙරොයින් අතිවිශාල ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger