BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, October 9, 2014

රුපියලකට සහල් කිලෝවක් දුන් අම්මාගේ කිඹුල් කඳුළු....

* සිරදඬුවම් නියම කළ විනිසුරු කුන්හා පැමිණිලිකරු සාක්‍ෂිකරු විනිසුරු ලෙස ක්‍රියා කළා -ජයලලිතාගේ නීතිවේදී රාම් ජෙත්මලානි
* ජයලලිතාට ඇප දෙන්න එපා.- රජයේ නඩු අධ්‍යක්‍ෂ භවානි සිං 
* "අම්මා"ට ඇප ලැබුණු බවට අසා නැටූ පිරිස්‌ වැළපෙති


ඇයට ඇප ලබාදීම සුදුසු නැතැයි පැවසූ විනිසුරුවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ක්‍රියා කර ඇතැයි කියා සිටියේය.ජයලලිතාට ඇප ලබාදෙන ඇතැයි සිතා ඇයව තමිල් නාඩුවට ගෙන ඒමට විශේෂ ගුවන් යානාවක්‌ සූදානම් කර තිබූ බව හෙළි වෙයි. 

තමිල්නාඩුවේ "අම්මා" යෑයි හඳුන්වනු ලැබූ ජයලලිතා ජයරාම්ට දූෂණ ක්‍රියා නිසා නියමවූ සිව්වසරක සිරදඬුවමින් ගැලවීම සඳහා කර්ණාටක මහාධිකරණය වෙත ඉදිරිපත් කළ ඇප අයදුම විනිසුරු චන්ද්‍රසේකර් විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඇයට ඇප ලබාදීම සුදුසු නැතැයි පැවසූ විනිසුරුවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ක්‍රියා කර ඇතැයි කියා සිටියේය.

ඇප ලබාගැනීම සඳහා ජයලලිතා ඉන්දියාවේ ඉහළම මුදලක්‌ අයකරන රාම් ජෙත්මලානිගේ සහාය ලබා ගත්තාය.

පැය 2 ක්‌ තිස්‌සේ රාම් ජෙත්මලානි විනිසුරු ඉදිරියේ තර්ක කරමින් හිටපු බිහාර් ප්‍රාන්ත මහ ඇමැති ලාලු ප්‍රසාද් යාදෙව්ටද සිරදඬුවම් නියම වූ අතර පසුව ඔහුට ඇප නියම වූ බව පළ කළේය.

එසේ වුවත් ජයලලිතාට ඇප ලබා නොදෙන ලෙස රජයේ නඩු අධ්‍යක්‍ෂ භවානි සිං අධිකරණය වෙතින් ඉල්ලීමක්‌ කරනු ලැබීය.

ඇය බලවත් කාන්තාවක්‌ නිසා රටින් පැනයාවි යෑයි ඔහු කීවේය. ඊට ප්‍රතිචාර දැක්‌වූ රාම් ජෙත්මලානි ජයලලිතා නීතිගරුක පුරවැසියකු නිසා රටින් පැන යන්නේ නැතැයි කියා සිටියේය.

මේ නිසා ඇයට ඇප නියම කරනු ඇතැයි තමිල්නාඩුවේ සිටින ඇගේ ආධාරකරුවෝ විශ්වාස කළහ. ඇප ලබාදීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර තමිල්නාඩුවේ රජයේ සහ පෞද්ගලික පාසල් වසා දැමීය. බස්‌රථ ධාවනය ද නතර විය. ජයලලිතාට ඇප නුදුන්නොත් තමිල්නාඩුවේ සිටින කර්ණාටක ප්‍රාන්ත වැසියන් ප්‍රාණ ඇපයට ගන්නා බවටද තර්ජන එල්ලවිණ. මේ අතර ජයලලිතාව සිරගෙටයෑවූ කර්ණාටක විනිසුරු මයිකල් සී කුන්හාටව එරෙහිව පෝස්‌ටර්ද තමිල්නාඩුවේ අලවා තිබිණි.

ජයලලිතාගේ ආධාරකරුවන් පිරිසක්‌ කර්ණාටක මහ ඇමැති හමු වී ඇය තමිල්නාඩුවට එවන්නැයි ඉල්ලීමක්‌ ද කළහ. එහෙත් එයට කර්ණාටක ප්‍රාන්ත රජයට බලයක්‌ නැතැයි මහ ඇමැතිවරයා කියා සිටියේය.

ජයලලිතා නිදහස්‌ නොකළහොත් කර්ණාටකය ගිනි ගන්නා බවටද ජය ලලිතාගේ ආධාරකරුවෝ තවදුරටත් තර්ජනය කරනු ලැබීය.

මේ අතර (7දා) පෙරේදා සවස 3.15ට නවදිල්ලි මාධ්‍ය ජයලලිතාට කොන්දේසි සහිතව ඇප ලබාදුන් බවට විශේෂ පුවත් ප්‍රචාරය කළේය.

කොන්දේසි සහිතව ඇයට ඇප ලබාදීම ගැන විරෝධයක්‌ නැතැයි නඩු අධ්‍යක්‍ෂ භවානි සිං පළ කළේය. මේ අතරතුර තමිල්නාඩුවේ පී. එම්. කේ. නමැති කොටි හිතවාදී පක්‍ෂය ජයලලිතාගේ සියලුම ඡායාරූප රජයේ ආයතනවලින් ඉවත් කළ යුතු යෑයි ඉල්ලා සිටියේය.

කොන්දේසි සහිතව ජයලලිතාවට ඇප ලබාදීමට විරුද්ධ වන්නේ නැතැයි කී භවානි සිං විනිසුරු චන්ද්‍රසේකර් වෙත ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක්‌ වූයේ කිසිසේත් ඇයට ඇප නොදෙන ලෙසයි. මේ පසුබිම මත ජයලලිතාගේ නීතිවේදී රාම් ජෙත්මලානි ජයලලිතා බේරාගැනීමට විවිධ කරුණු ඉදිරිපත් කළේය. මේ ඊට නිදසුන්ය.

සවස 3.11 ට - විනිසුරු කුන්හා රජයේ නඩු අධ්‍යක්‍ෂ මෙන්ම සාක්‍ෂිකරු ලෙසද ක්‍රියා කළා. පැමිණිලිකරු සාක්‍ෂිකරු විනිසුරු ලෙස ඔහු කටයුතු කළා.

සවස 3.15 - ඇප ලබාදීම ගැන තීන්දුව කඩිනම් කළ යුතුයි මුළු තමිල්නාඩුවම බලාසිටිනවා.

එහෙත් කර්ණාටක මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේකර් ජයලලිතාගේ නීතිවේදී ජෙත්මලානිගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

ඒ සමගම කොන්දේසි සහිතව ජයලලිතාට ඇප ලබාදුන් බවට වූ පුවත ඉතා වේගයෙන් පැතිරයැමත් සමගම අධිකරණය අසල සිටි ජයලලිතාගේ ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා කළා.

එසේ වුවත් ඊට පැයකට පසු විනිසුරු චන්ද්‍රසේකර් ඇයට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. අධිකරණයට බලපෑම් කිරීමේ අරමුණින් චෙන්නායි නගරයේ ස්‌ථාන රැසක කර්ණාටක විරෝධී පෝස්‌ටර් අලවා තිබුණත් අධිකරණය ඊට හිස නැමුවේ නැත. එම පෝස්‌ටරයක මෙලෙස සඳහන් විය.

"අවවාදයයි" වහාම ජනතාවගේ අම්මා නිදහස්‌ කරනු, නැත්නම් තමිල්නාඩුවේ සිටින කර්ණාටක ජනතාව ප්‍රාණඇපකරුවන් වෙයි. පසුව චෙන්නායි පොලිසිය එම පෝස්‌ටර් ඉවත් කළේය.

මුදල් කොල්ලකෑ ජයලලිතා බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ඇගේ පක්‍ෂයේ පිරිස්‌ බව හෙළි විය.
එහෙත් ජයලලිතා සාමාන්‍ය ජනතාව වෙත යොමු වූයේ රුපියලකට සහල් කිලෝවක්‌ ලබාදීම හා ලුණු හා ධාන්‍ය අඩුමිලකට සැපයීමෙනි.

මේ පසුබිම මැද ඇය "අම්මා" වෙළෙඳ නාමය භාවිත කලාප එහෙත් කර්ණාටක අධිකරණය "අම්මා" ඉදිරියේ හිස නැමුවේ නැත.

ජයලලිතාගේ නීතිවේදී රාම් ජෙත්මලානි විනිසුරු මයිකල් කුන්හාගේ තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා සඳහන් නොකළ කරුණු විනිසුරු විසින් ඉදිරිපත් කර ඇතැයි කියා සිටියේය. 

විනිසුරුවරයා සාක්‍ෂිකරුවන් විශ්වාස කළා. ජයලලිතාගේ හදාගත් පුත් සුදාකරන්ගේ විවාහ මංගල්‍යයට වැය වූ මුදල කොපමණදැයි තීරණය කළේත් විනිසුරුයි ජෙත්මලානි පළ කළේය.

සවස 3.30 ට ඉන්දීය මාධ්‍ය ප්‍රචාරය කළ පුවතක සඳහන් වූයේ රජයේ නඩු අධ්‍යක්‍ෂ භවානි සිං ජයලලිතාට කොන්දේසි සහිතව ඇය ලබාදීමට එරෙහි වන්නේ නැති බවයි. 

ඒ සමගම ජයලලිතා කර්ණාටකයේ සිට තමිල්නාඩුවට ගෙන ඒමට විශේෂ ගුවන්යානාවක්‌ සූදානම් කර තිබිණි.

මේ අතර නීතිවේදී රාම් ඡේත්මලානි ජයලලිතා බේරා ගැනීමේ අවසාන ප්‍රයත්නය වූ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක්‌ ගොනු කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger