BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 4, 2014

මුල සිට අගට....අවසන සියල්ල ඔබට සියල්ල පැහැදිළිය....රට යන අත....අනේද කියන්නේ... අංක 1


බි‍්‍රතාන්‍ය මහ කොමසාරස් ධුරයට කොළඹ නඩුකාරයෙක්..?

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු කොළඹ අධිකරණයක රාජකාරි කරන මහේස්ත්‍රාත්වරයෙකුගේ නමක් යෝජනා කොට ඇතැයි වාර්තා වේ.
විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා එම අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න  විසින් මෙම නම යෝජනා කර ඇතැයිද දැනගන්නට ඇත.
අප රට වෙනුවෙන් මහැඟි මෙහෙවරක් කළ ක්‍රිස් ට අවසානයේ සිදුවූ දේ ගැන අප කණගාටු වෙමු...නමුත් අද අප රට ගෙන යමින් පවතින්නේ අගාධයකටය...හේමන්ත වර්ණකුළසූරිය හට එම ධූරය ලබාදීමට ඉහත දෙදෙනා වෑයම් කරන බව දැන ගැනීමට තිබේ....


ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස්  සිරස රූපවාහිනිය වෙත පවසා තිබේ.
තමන්ට පහර දීමක් සිදු වූ බවද ඔහු කියා ඇත.

බි‍්‍රතාන්‍යයේ මහ කොමසාරිස් ධුරයේ තව දුරටත් තමන් කටයුතු කරන්නේ තමනට පහර දුන් මන්ත‍්‍රීවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නේ නම් පමණක් යයි වෛද්‍ය ක්‍රිස් නෝනිස්  දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ඒ මහතා සිය ඉල්ලා අස්වීම විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කල බව මින් පෙර වාර්තා වුවද කැබිනට් ප‍්‍රකාශක ඇමති කෙහෙලය රඹුක්වැල්ල මහතා පැවසුවේ එවැන්නක් ලැබී නොමැති බවයි.
නෝනිස්ට පහර දුන් බව චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනට බව මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන එම සිද්ධිය සම්බන්ධයෙන් මුල් වරට අදහස් පලකරයි.
සිරස රූපවාහිනිය සමඟ අදහස් පල කරමින් ඔහු පවසා ඇත්තේ බහින් බස් වීමක් සිදුවූ නමුත් පහරදීමක් නොවූ බවයි.
ධුරයෙන් ඉල්ලා අස්වීම ක්‍රිස් නෝනිස් මහතාගේ පෞද්ගලික තීරණයක් බව ද පවසන ගුණවර්ධන මන්ත‍්‍රීවරයා රටේ නීතියක් පවතින බැවින් පැමිණිල්ලක් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger