ඇඟපත රිදෙනවා... පැරසිටමෝල් පෙත්තක් ගත්තම හරියයි... සාමාන්‍යයෙන් අපි පවසන්නෙමු. ඇතැම් දෙනා එසේ පවසනවා පමණක් නොව කිසිදු වෛද්‍ය උපදේශයකින් තොරව නියමිත ප්‍රමාණයටත් වඩා ඖෂධ භාවිත කරති. එය එතරම් හොඳ ක්‍රියාවක් නොවේ.
වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ ලබාගැනීම නිසා හානිකර ප්‍රතිඵල රැසක් සිරුරට ඇති වේ.
එදිනෙදා ජීවිතයේදී වෛද්‍ය නිර්දේශයකින් තොරව ගත හැකි ඖෂධ වනුයේ (Non prescription Medicines) ඇතැම් විටමින් වර්ග, පැරසිටමෝල්, යකඩ පෙති, කැල්සියම් පෙති, ජීවනී, ඇස්ප්‍රීන්, උපත් පාලන පෙති, පපුවේ දැවිල්ලට භාවිත කරන ඇතැම් ඖෂධ, ග්‍රයිප් මික්ස්චර්, කැස්ස සඳහා ගන්නා ඇතැම් සිරප් වර්ග, පීනස සමනය සඳහා යොදාගන්නා ඇතැම් ඖෂධ වර්ග ආදිය පමණි.
නමුත් මෙම ඖෂධ වුව නිසි මාත්‍රාවට නියමිත කාල පරතරය අනුව නොගැනීම නිසා අක්මාවට හානි සිදුවී භයානක ප්‍රතිඵල ඇතිවිය හැකිය.
ප්‍රතිජීවක ගන්නා හැටි
වඩාත් අවධානය යොමුකළ යුතු අවස්ථාව වනුයේ ප්‍රතිජීවක ඖෂධ (antibiotics) ගන්නා විටදීය. හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුය. එය අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය මත ගත යුතුය. ප්‍රතිජීවක ලබාදෙන්නේ බැක්ටීරියා ආසාදනවලටය. එනිසා වෛරස් රෝග සඳහා ප්‍රතිජීවක ගැනීමෙන් ඵලක් නැත. නමුත් සමහරු උණ, කැස්ස, උගුරේ හෝ කනේ ආසාදන සඳහා ද ප්‍රතිජීවක ඖෂධ ගැනීමට පෙළඹෙති. ඉන් කිසිදු ගුණයක් නොලැබේ.
කිවිසුමක් ගිය පමණින් උගුර හෝ කන කැසූ පමණින් ඇඟපත රුදාවක් හෝ මඳ උණක් සෑදුණු පමණින් ප්‍රතිජීවක ඖෂධ ගැනීමට යැමෙන් වළකින්න. ඉන් සිදුවන්නේ නිකරුණේ මුදල් නාස්තිවීමක්. ඔබගේ ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්ටීරියා විනාශ වීමත්ය. මේ නිසා රෝග කාරක බැක්ටීරියාවලට පැතිරීමට සහ රෝග ඇති කිරීමට අවස්ථාව සැලසේ.
අතුරු ආබාධ
ඖෂධ නිසා අතුරු ආබාධ ඇතිවිය හැකිය. එනම් සෞඛ්‍ය තත්ත්වයේ අයහපත් වෙනසක්, අධික විඩාව, මළබද්ධය, බඩ බුරුලම යැම, කෑම අරුචිය, ඔක්කාරය සහ වමනය, හිසරදය, සිහි කල්පනාව වෙනස් වීම පාලනයෙන් තොරව මුත්‍රා හෝ මළ පිටවීම, වැඩුණු ශරීරය දුර්වල වීම, මත්ගතිය, අධික නිදිමත, හෝ නින්ද නොයැම, කලබලකාරී බව, කැරකිල්ල, ක්ලාන්ත ගතිය, හමේ පළු, කුෂ්ට, ලප ඇතිවීම වැනි ආබාධ මතු වේ.
මෙවැනි අතුරු ආබාධ මතු වූ වහාම එම ඖෂධ ගැනීම තාවකාලිකව නතර කර වෛද්‍යවරයකු හමුවී මතුව ඇති අතුරු ආබාධ ගැන පවසා ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.
ඖෂධ භාවිත කරන විට විටමින් සහ යකඩ ලවණ අඩංගු පෙති කිරි ආහාර සමඟ එකට ගැනීමෙන් වළකින්න.
විශේෂයෙන් නිර්දේශ කර නැති විට උණු දියරවල ඖෂධ දිය කිරීමෙන් වළකින්න. මධ්‍යසාර සමඟ ඖෂධ එක විට ගැනීම හොඳ නැත.
වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ ආහාර සමඟ මිශ්‍ර කිරීම හෝ ඖෂධ කරල් ගැලවීමෙන් වළකින්න. ඉන් ඖෂධයේ ගුණාත්මක බව හා ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
විශේෂ ස්තුතිය
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී විශේෂඥ වෛද්‍ය චාමරී ලෝචනා වීරරත්න මහත්මියට
උපාලි ද සේරම්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment