BREAKING NEWS

රටතොට

Thursday, September 11, 2014

විජිත හේරත් උන්නැහේ කියන වග නම්....

හැබැයි ඇත්ත ගොඩයි උන්දැගෙ කථාවේ ...කියවලම බැළුවනම් ඔහේලම..
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිවෙලා අවුරුදු 05 ට පස්සේ මේ පළාතේ බොන්න වත් වතුර කඳුළක් නැහැ. ඔන්න අවුරුදු 05 ට පස්සෙ වෙච්ච දේ. එනකොට ආවෙ කොහාමද? බාප්ප ජනාධිපති, තාත්තා කථානායක, මම පුද්ගලික ලේකම් කියලා. ඌව නැගිට්ටෝල ගන්නවා කිව්වා. වෙල්ලස්ස පුබුදනවා කිව්වා. මතක ඇති නේ කියපුවා. ඇවිල්ලා මොකක්ද කළේ.
එදා එනකොට අපේ මොණරාගල දිස්ති්‍රක්කයේ දුප්පත්කමේ පතිශතය ඇත්තටම තිබුණෙ 14.5%යි. ටිකක් අඩුවෙලා තිබුණේ. අවුරුදු 05 ට පස්සේ බලන කොට ලංකාවේ තිඛෙන දිස්ත්‍රික්කවලින් දුප්පත්ම දිස්ත්‍රික්කය බවට ඌව පළාත පත්වෙලා තියෙනවා. දුප්පත්කම වැඩිකරලා. ප්‍රතිශතාත්මකව 20.8%ක් වෙලා. දැන් ඇවිත් කක්කුස්සි පෝච්චි ඛෙදනවා. උදලූ තළ ඛෙදනවා. බකට් ඛෙදනවා. ඇයි අපට කක්කුස්සි පෝච්චි ඛෙදන්නේ. අපිට කක්කුස්සි පෝච්චියක් නැති නිසා. උදළු තළ ඛෙදන්නේ අපිට උදළු තළ නැති නිසා. ඒ කියන්නෙ මේ මොණරාගල දිස්ති්‍රක්කයේ බහුතර ජනතාවට උදළු තළයක් ගන්න කක්කුස්සි පෝච්චියක් ගන්න වත්කමක් නැති හින්දා. ඒ තරමට අපි දුප්පත්. උන්නැහේලම ඒක ඔප්පු කරල නේද? අපිව දුප්පත් කරපු හින්ද තමයි අද ඇවිල්ල එක එක දේවල් ඛෙදන්නේ. කවුද අපි ඒ අන්ත අසරණ තත්වයට පත් කළෙ. කව්ද මේ සභා පාලනය කළෙ උන්නැහේලම නේද? දුප්පත්කම සංකේතවත් කරන්න තමයි මේව ඛෙදන්නේ.

හොඳට කල්පනා කරල බලන්න. මේ අවුරුදු 05 ඇතුළේ මේ රාජපක‍ෂ අයියලා මල්ලිලා බාප්පලා මහප්පලා පුතණ්ඩියල ඇවිල්ල මොකද කරේ කියල. ඉස්සරහ තියෙන මේ කුඹුරු යාය පේනවා නේද. වේලිල, පුරන් වෙලා. ඒක වපුරගන්න විදියක් නැහැ. මේකට ඕන වතුර ටික සැපයුවෙ නැහැ. හැබැයි ඌවෙ ලොක්ක කව්ද? නිමල් සිරිපාල. ලංකාවටම වාරිමාර්ග හා ජලකළමණාකරණ ඇමතිවරයා. ඇමති ඉන්නෙ ඌවෙ. ඌවෙ හිටියට අපිට වතුර නැහැ. දැන් වතුර බෝතල් ඛෙදනවා ශෂින්ද්‍රගෙ නම ගහලා. මෙච්චර කල් වතුර ටික දුන්නෙ නැහැ. ඡන්දෙට වතුර බෝතල් ඛෙදනව ශෂින්ද්‍රගේ මනාප අංකය ගහලා. මොකක්ද මේ කරන්නෙ. අර ආසියානු සංවර්ධන බැංකුවෙන් චීනෙන් ගිණි පොළියට ණය අරගෙන මත්තල ගුවන් තොටුපොලක් වරායක් අධිවේගී මාර්ගයක් හැදුවා. මෙලෝ මිනිහෙක් යන්්නෙ නැහැ. අලි, මොණරු විතරයි යන්නෙ. ණය අරගෙන පොළී ගෙවන ගමන් කාපට් පාර හැදුවා. හැබැයි ලෝකෙ හතර වටේට ණය වෙලා ඒ පොළියත් අපිට ගෙවන්න වෙලා. දැන් ගමේ පාර තිබුණට කුඹරු පුරන් වෙලා තරුණයන්ට රස්සාවල් නැහැ අපේ සහෝදරවරු අරළු බුළු විකුණනව. මේ කැළේ තියෙන ගස්ගෙඩි ටික කඩන් පොළට ගිිහිල්ල විකුණනව. පුවක් ගෙඩියක් පොල් ගෙඩියක් විකුණනව. කෙසෙල් කැනක් අරන් ගිිහින් මැදගම පොලේ විකුණනව තුට්ටු දෙකට. ගොවියගෙ නිෂ්පාදනවලට මිළක් නැහැ. ඉතින් ගෙදර කන්න නැහැ. හාමිනේ කෑ ගහනව ගෙදර කොත්තමල්ලි ටික තුනපහ ටික නැහැ කියල. පොඩි එවුන්ට ඉස්කෝලෙ යන්න නැහැ. උන්නට දෙන්න කෑමක් නැහැ. පොඩි එවුන් බලා ඉඳිද්දී කෙට්ටු වෙනවා ඇටකටු පේනවා. මෙහේ වැඩි දෙනෙකුගේ එහෙමයි. ඇයි ඒ මිනිස්සුන්ගේ ජීවිත ශක්තිමත් කරන්න කන්න බොන්න දෙන්න විදියක් නැහැ.


යුද්දෙ තියෙන කාලේ සීනි කිලෝ එක කීයද. අම්මලාට මතක ඇති රුපියල් 42 යි. දැන් කීයද? 122යි. වෙනම සිීනි ඇමතියෙකුත් ඉන්නව. හරිනම් වෙන්න ඕනි මොකක්ද. සීනි කිලෝ එක රුපියල් 20 ට විතර අඩුවෙන්න ඕන. හැබැයි වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත. අර සුමේදා නෝනා එහෙම ආවාම අහල බලන්නකො. ඇයි සුමේදා නෝනේ සීනි මේ තරම් ගණන් කියල. ඒකට උත්තරයක් තියෙන්න එපාය. ආර්ථීක විද්‍යාව ගොඩාක් ඉගෙන ගන්න ඕන නැහැ ඒකට උත්තර දෙන්න. හරිම සරළයි නේද? යුද්දෙට ගිය සල්ලි කෝටි ගණනක් ඉතිරි වුණා. පැල්වත්ත, සෙවනගල, හිගුරාන සීනි කර්මාන්තශාලා වැඩනම් ඇයි රුපියල් 42 තිබුණු සීනී කිලෝ එක මේ තරම් ගණන් ගියේ.

හාල් 85යි. කුඹුරු පේන්න තියාගෙන කඩෙන් ගන්නව හාල් 85ට. බස් ගාස්තු වැඩියි. ලයිට් බිල් වැඩියි. ජීවත් වෙන්න බැහැ. ජීවන වියදම ඉහළයි. අපේ ජීවිත අපේ ශරීර ඇවිදින ඇටසැකිලි වෙලා. හෙට අනිද්දා අපට බලාගන්න පුලූවන් අර කාපට් පාරේ ඇවිදින ඇටසැකිලි. කන්න නැහැ බොන්න වතුර නැහැ මේකද ආණ්ඩුවේ සංවර්ධනය. ණය අරගෙන කාපට් පාරවල් හදල ඒවට ගිනි පොළිය ගෙවනවා. ඉතින් බඩුවල මිළ ඉහළ යන එක අහන්න දෙයක්ද? මේක තමයි මේ පාලකයෝ අපිට උරුම කරල දීල තියෙන්නෙ. ඒ නිසා අම්මේ තාත්තේ සහෝදරිය සහෝදරය මේ රාජපක‍ෂලා කළේ මොකක්ද රට හදන්න. ඌව පළාත හදන්න ඌවෙ සංවර්ධනය ඇති කරන්න කෘෂිකර්මාන්තය හදන්න සැළැස්මකට අනුව මැදිහත් වූයේ නැහැ. එහෙම මැදි හත් වුණානම් මේ කූඹුරු මේ විදියට පුරන් වෙන්නේ නැහැ.


කල්පනාකරල බලන්න පසුගිය කාලේ මහා නියගයක් ආවා. තමුන්නාන්සේලා දන්නව මේ දිස්ත්‍රික්කයේ කතරගම තියෙනව ග්‍රාමසේවා වසම් 05ක්. ගඟෙන් මෙහා පැත්තේ ග්‍රාමසේවා වසම් 04යි. ගඟෙන් දකුණු පැත්තේ 01යි. ඒ ග්‍රාම සේවා වසම් 05 තමයි කතරගම ප්‍රදේශය කියන්නෙ. පසුගිය දවස්වල පෙරහැර තිබුණා ලක‍ෂ ගාණක් බැතිමතුන් රටේ විවිධ ප්‍රදේශවලින් ආව වන්දනාමාන කරන්න. හැමදාම එහෙම තමයි. අදත් ගිහිල්ල බලන්න කතරගමට වතුර තියෙනව. කුඹුරු කොළපාටට පේනව. පැණි කොමඩු හොඳට හැදෙනව. අර ලක‍ෂ ගාණක් ආපු බැතිමතුන්ට බොන්න වතුර තියෙනව. එහේට තියෙන්නෙත් මේ ඉරම තමයි. බිබිලට පායන ඉරම තමයි කතරගමටත් පායන්නේ. එහෙට විතරක් වතුර කෙහොමද ආවෙ. එහෙ විතරක් කුඹුරු කොහොමද අස්අවැද්දුවෙ. වෙන කිසිවක් නොවෙයි. එදා 2005 දි අපේ පක‍ෂයේ වත්මන් නායක අනුර දිසානායක සහෝදරයා දුර දැක්මකින් යුක්තව ඒ කතරගම ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය කරන කෘෂිකර්මාන්තයේ ජී්වනාලිය බඳු වෙහෙරගල ජල ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉන් පස්සෙ තමයි ඒ ප්‍රදේශයේ ජල ප්‍රශනය විසඳුවේ. අන්න නියම නායකයෝ. අන්න රට හදපු හැටි. ඒ වෙහෙරගල ජල ව්‍යාපෘතියෙන් තමයි ගඟෙන් වම් පැත්තේ තියෙන ඒ ග්‍රාම සේවා වසම් 05ටම අවශ්‍ය කරන වතුර ටික දෙන්නේ එදා 2002 පටන් ගත්තු කුඩා ගල් අමුණ ජල ව්‍යාපෘතියෙන්. මුලූ ප්‍රදේශයේම තියෙනවා වැව් 19 ක්. ඒ වැව් 19ටම අද වතුර සැපයෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ රට හදන කෘෂිකාර්මික ප්‍රථීපත්තිය නිසා. අදත් කතරගම ජනතාව ජල ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙනවා. මේක තමයි අද රටට ඕනෑ. තමුන්නාන්සේලාගේ ප්‍රදේශයට ඕන එහෙම දැක්මක් තියෙන අරමුණක් සහිත මැදිහත් වීමක් නේද?
තමුන්නාන්සේලා හොඳට කල්පනා කරල බලන්න. මුන්නැහේල රට හැදුවෙ නැහැ. කළේ පවුල හදපු එක විතරයි. අයියල, මල්ලිලා, අප්පල, බාප්පල, මහප්පල ටික ඇමතිකම් ගත්තා. ලේකම් තනතුරු ගත්තා. තානාපතිකම් ගත්තා. සංස්ථා සභාපතිකම් ගත්තා. මේ රටේ අපි දුප්පත් මිනිස්සු ඕගොල්ලො දහඩිය මහන්සියෙන් හම්බ කරන ටික උන්නැහේලා අර පුටුවල ඉඳගෙන හූරං කනවා. කල්පනා කරල බලන්න, මහින්ද රාජපක‍ෂගේ අවුරුද්දක වියදම කීයද කිියලා. රුපියල් කෝටි 856යි. මේ තනි පුද්ගලයෙකුගේ වියදම. අවුරුද්දට දින 365යි. ඒ විදියට දිනක වියදම රුපියල් දෙකෝටි තිස් හතර ලක‍ෂයයි. අපි රුපියල් කෝටියක් දැකලවත් තියෙනවද? නැහැ. මේ තාත්තල ජීවිතේට රුපියල් කෝටියක් දැකලා තියෙනවද? රාජපක‍ෂ මහත්තයාගේ දවසක වියදම අරගත්තොත් අපිට මේ පුරන් වෙච්ච කුඹුරු ටික අස්වද්දන්න ඇලවල් දෙකක් කපා ගන්න පුලූවන්. ඒ මහින්ද රාජපක‍ෂගේ වියදම. නිකං හිතන්නකො මේ පැත්තට නාමල් බේබි ආවොත් මොකේද එන්නෙ. අපි වගේ ඩබල් කැබ් එකේ එනවද? එන්නෙ චොපර් එකේ. එන දවසට කලින් දවසේ එනව කළු පාට කාර් දෙකයි ගිනි නිවන රථයයි. පී. එස්. ඩී. එකේ මහත්වරු ටිකයි. ඇවිල්ල හෝටලේ නැවතිලා කාලා බීලා ඊළග දවසෙ එළිවෙනකම් ඉන්නව. ඉතින් ඊළ`ග දවසේ නාමල් බේබි එනව චොපර් එකෙන්. ඇවිල්ල චොපර් එක බාල ඉන් පස්සෙ අර කළු කාර් දෙකෙන් හැම තැනම ඇවිදිනව. පසුවදා උදේට අපහු අර චොපර් එකෙන් කොළඹ යනව. ආපහු අර කාර් දෙක අර විදියටම කොළඹ යනවා. ඒවට යන වියදම එකතු කරල බැලූවාම ලක‍ෂ ගාණක් වෙනවා. ඉතින් දිනකට වියදම රුපියල් දෙකෝටි තිස් ලක‍ෂයයි. ලෝකෙ තියෙන ඉස්තරම්ම කෑම කෑවත් මෙච්චර වියදම් වෙන්නෙ නැහැ. වියදම් කරන්නෙ තාත්තල පුතාලගේ මේ වගේ නාස්තිකාර වැඩවලට. මේ පවුල් පාලනය විසින් කරන නාස්තිකාර වියදම් නිසා තමයි අපේ රෙටි ආර්ථීකය බලාගෙන ඉඳිද්දී කඩාගෙන වැටෙන්නේ.


අද මුළු රටම එතනෝල් කුඩුවලින් පිරිලා. අද අපේ රට, මුළු සමාජයම යන්නේ අයාලේ. මත්කුඩු මාෆියාවක් හැදිලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඉන්නව කැබිනට් ඇමතිවරු තුන්දෙනෙක්. එක්කෙනෙක් විජිතමුණි සොයිසා. සොයිසා කියනවා එයාට බාර් 04ක් තියෙනවා කියලා. ඊට පස්සේ අපේ සුමේධා නෝන, එයා කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කය මෙච්චර දුප්පත් වෙලා තියෙන්නෙ ගංජා හේන් ටික පොලිසියෙන් වටලන හින්දලූ. ගංජා හේන් ටික තිබුණා නම් මොණරාගල මෙච්චර දුප්පත් වෙන්නෙ නැතිලූ. ඒ කියන්නෙ ගංජා වවන්න දෙන්නලූ. ඊළ`ගට ඇමති පුෂ්ප කුමාර උන්නැහේ කියන්නේ ගංජා කියන්නේ පිළිිකාවටත් හොඳ ෙඖෂධයක්ලූ. ඒ නිසා ගංජා වැඩි වැඩියෙන් වවන්න ඕනලූ.


මේ ගොල්ලො තමයි උව හදන්න ඉන්න ලොක්කෝ. මේ තුන් දෙනා එහෙම කියන කොට හිටපු මහ ඇමති කියනව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඌව පළාතේ ඇති කරනවයි කියලා. තමුන්නාන්සේලා කල්පනා කරල බලන්න. හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක‍ෂ මහ ඇමති කියනව මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවලූ. ප්‍රදේශයේ ඇමතිවරු කියනව වෙනත් එකක්. ඊට හාත්පසින්ම වෙනස් එකක්. මේක තමයි ඇත්ත කතාව. මහ ඇමති ශෂින්ද්‍ර රාජපක‍ෂගෙ බිරිඳ හිටියෙ හි`ගුරාන ඩිස්ටිලරීස් කියන අරක්කු කොම්පැණියෙ. ඒව දන්නෙ නැහැ මේ ගම්වල මින්ස්සු. ඒ නිසා අම්මේ තාත්තේ සංස්කෘතිකමය වශයෙන්, සදාචාරාත්මක වශයෙන් අපේ රට විනාශයකට යවල තියෙන්නේ මේ පවුල් පාලනය විසින්. මේ විදියට රටේ ආර්ථීකය, සංස්කෘතිය විනාශ කරන කොට අනික් එවුන් නිකන් ඉඳීවිද. උනුත් ඒ මගේම තමයි යන්නේ. උනුත් හිතනව ලොක්ක එහෙම නම් අපි මොකටද වෙනස් මාර්ගයක යන්නෙ කියලා. ඒ නිසා සුමේධා හිතුව මමත් මගේ පුතත් දානව පළාත් සභාවට. සුමේධත් දැම්ම එයාගෙ පුතයි අක්කගෙ පුතයි දෙන්නම. ඊයෙ පෙරේදි ගහ ගත්ත එ.ජා.ප යේ තිස්සකුට්ටි ආරච්චියි සම්පත් ජයසූරියයි. කව්ද සම්පත් ජයසූරිය කිියන්නෙ. එක්සත් ජාතික පක‍ෂයේ වුණාට එයා සුමේධ නෝනගෙ මස්සිනා. තිස්සකුට්ටි ආරච්චි සම්පත් ජයසූරියට ගහන කොට කව්ද බේරගත්තේ. බේරගන්න ගියේ සුමේධ නෝනගෙ කට්ටිය. මොණව උනත් මස්සිනානේ කියල. ඕක තමයි ඇත්ත. ඊළ`ගට ධර්මදාස බණ්්ඩා. මොණරාගල හිටපු පතාක අලියා. කැපුවත් යූ.එන්.පී. පසුගිය කාලයේ ඇමතිකමක් වෙනුවෙන් අනික් පැත්තට පැන්න විතරක් නොවෙයි උන්නැහේගේ පුතා දැන් ඉන්නෙ පළාත් සභාවේ. ඔන්න දැන් ඊයේ ඉඳල අලූත් හාදයෙක් ඇවිල්ල ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ හ`ගුරන්කෙත සම සංවිධායක එස්. බී. දිසානායකගෙ පුතා. සාලින්නද දිසානායක බාප්ප මැරුණට පස්සෙ පුතණ්ඩියා දැම්මා එතෙන්ට. දැන් මේව දේශප්‍රේමීද. පටන් ගත්තෙ ඌව පළාත් සභාවට අයියගෙ පුතා ශෂින්ද්‍ර රාජපක‍ෂව දාලා. ඊට පස්සෙ පඩිපෙළ වගේ ඔක්කොම ඉන්නෙ පුතණ්ඩියලා ටික. අක්කගෙ පුතාලා ටික. මස්සිනාලා ටික. පැටව් ගහල තියෙන්නෙ. මේකද දේශපේ්්‍රමය කියන්නේ. මේක දේශපේ්්‍රමය නොවෙයි අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. මේක තමයි ඥාතිපේ්්‍රමය.

ඥාතිප්‍රේමය වැඩි වුණාම තමයි මුලූ පරම්පරාවම බුරුත පිටින් පළාත් සභාවට එන්නේ. පාර්ළිමේන්තුවට එන්නේ. මේ ඌව වෙල්ලස්ස ආදරණීය ජනතාවගේ හදවතේ තියෙන ඇත්ත දේශපේ්්‍රමී හැ`ගීම පාවිච්චි කරලා පවුල් පෝෂණය කරන්න, පරම්පරාව පෝෂණය කරන්න මග පාදා ගන්නවා. බඩ ගෝස්තරය පෝෂණය කරන්න යොදාගන්නවා. මේක ඉබෝලා වෛරසය වගේ බෝවෙනවා. ඒ නිසා දැන් අපි මොකද කරන්න ඕනෑ. තව දුරටත් අපි කැපුවත් නිල් පාට, අපි කැපුවත් කොළ පාට කිය කියා උන්ටම කතිර ගහනවා. අපේ පරම්රාවම ශ්‍රී ලංකා නිසා කව්රු වුණත් කමක් නැහැ අපි ගිහින් උන්ට කතිරෙ ගහනව.


දැන් මේ රට යන විදිය හොඳ නැහැ මේක වැරදියි මේක වෙනස් කරන්න ඕනෑ. මේක වෙනස් කරන්න නම් අපිත් වෙනස් වෙන්න ඕනෑ. අපි තුළ තිඛෙන පරණ හන මිටි අදහස් වෙනස් කරල ඒව පැත්තකට දාලා අපි මේක වෙනස් කරමු. එහෙම හිතල ඇත්ත දුකිවිඳින මිනිස්සු වැඩ කරන මිනිස්සු, දහඩිය වගුරන මිනිස්සු, අපි දුප්පත් වෙලා තියෙන්නෙ අපේ වරදින් නොවේ. අපිව දුප්පත් කරල කියන ඇත්ත තේරුම් අරගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න. දැන් ඇවිල්ල වැසිකිලි පෝපච්චි ඛෙදල අපිව රවට්ටන්න හදනව. ඒවට රැවටෙන්නෙ නැතිව මේ දුප්පත් කමට එරෙහිව මේ රැවැට්ටීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ වටා එක්වන්න කියල අපි ඉල්ලා සිටිනව. එහෙම උනොත් විතරයි මේක වෙනස් කරන්න පුලූවන් වෙන්නේ. මුළුමණින්ම මේක වෙනස් කරන්න මේ පළාත් සභා මැතිවරණයෙන් බැහැ. එක අපි ඊළ`ගට එන ඡන්දෙන් ජනාධිපතිවරණයෙන් මේ ගම්වල ඉන්න අපි හැමෝම එකතු වෙලා, එක මිටකට එකතු වෙලා මේ ඒකාධිපති පවුල් පාලනය පරාජය කරන සටන ජයග්‍රණයෙන් අවසන් කරමු. ඒ සටනේ ආරම්භය තමයි මේ තියෙන්නේ.


එදා දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාව සංවිධානය කරපු ගම්බිම් තමයි මේ තියෙන්නෙ. අද අපි මේ සංවිධානය කරන්නෙත් ඒ සටනම තමයි. අද අපි ඒ සටන ආරම්භ කරල තියෙන්නේ. අපිව දුප්පත් කරපු, අපේ ජීවිත කාලකණ්නි කරපු, අපේ දහඩිය මහන්සිය උරා බීපු මේ බඩජාරී, බඩගෝස්තරවාදී මංකොල්ලකාරයින්ට එරෙහිව ඌව වෙල්ලස්ස ජනතාව වශයෙන් අපි ඒ සටනයි මේ ආරම්භ කරලා තියෙන්නේ. වෙල්ලස්සෙ ජනතාව කවදාවත් බයේ පැනලා ගියෙ නැහැ. සමෘද්ධිය කපනව, නියං සහණාධාරය කපනව, රස්සාව දෙන්නෙ නැහැ, පාර හදන්නෙ නැහැ, වතුර දෙන්නෙ නැහැ, ලයිට් දෙන්නෙ නැහැ කියල අපිව බය කරල අපේ අයිතිවාසිකම් අහෝසි කරන්න දෙන්න එපා. තමුන්නාන්සේලාගේ ඇත්ත හැ`ගීම බය කරල යටපත් කරන්න දෙන්න එපා. බය නැතිව ඉදිරියට එන්න. ඔබ දකින ඇත්ත වෙනුවෙන්, ප්‍රථීපත්තිය වෙනුවෙන් නිර්භීතව නැගිට්ටොත් මේ බඩගෝස්තරවාදී බඩජාරී දේශපාලනය පරාජය කරන්න පුලූවන්. පළවා හරින්න පුලූවන්. ඒක කරන්න ඕන එකම දේ තමයි තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීම. ඒක තමයි අද ඕන වෙලා තියෙන්නෙ.

මේ පාර අපි හොඳින් හෝ නරකින් මේ පළාත් සභාව දිනනව කියනවා. ඡන්ද පෙට්ටි පෙට්ටියෙන් පෙට්ටියට බලනවා කියනවා. එහෙම ඡන්ද පෙට්ටි බලන්න බැහැ. උන් ඒ තරමටම බය වෙලා. එහෙම බියවද්දල අපේ ඡන්දය මංකොල්ලකන්න හදන්නේ. ඒ් නිසා රජයේ සේවකයෝ බොහෝ දෙනෙක් ඡන්ද වැඩවලට ගෙනල්ලා. රැකියා ඉල්ලූම් පත්‍ර පුරවනවා. යුධ හමුදාවෙ කොල්ලො ටික ගෙනල්ලා දැන් සංදර්ශන තියනවා. මොකක්ද මේ කරන්න හදන්නෙ. ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරපු හමුදාවෙ කොල්ලො ටික බංකොලොත් වෙච්ච, පරාජය වෙච්ච සංධානයේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගන්න හදන්නෙ. කොයිතරම් නිර්ලජ්ජිත දෙයක්ද? ඒ හමුදා නිලධාරීන්ට නිවාඩු නැහැ. ඕටී නැහැ. බටා නැහැ. මොකුත් නැහැ. ඒත් වැඩ කරන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි ඒ ප්‍රදේශයේ ඉස්කෝල ටිකත් වහලා. ඉස්කෝලවල දැන් ඉන්නේ හුමදාවෙ අය.

ජනතාවට වතුර ටික දෙන්න බැරිව, රස්සාවල් දෙන්න බැරිව ජනතාවගෙන් ප්‍රතිෙක‍ෂ්පවන සංධාන ආණ්ඩුව දැන් සංදර්ශන පෙන්වල ජනතාවගේ ඡන්දය ගන්න හදනවා. පාසල් වහල එම පාසල් මැතිවරණ වැඩවලට ගන්න ආණ්ඩුව දේශප්‍රේමීද? මේක ජනතා ද්‍රොහී ආණ්ඩුවක්. අම්මේ තාත්තේ මේ වගේ ජනතා ද්‍රෝහී ආණඩු පළවා හරින්න ඕනෙ නැද්ද? පළවා හරින්න ඕනෑ. ඒකට තමයි ජනතා විමුක්ති පෙරමුණ ඌවට ආවේ. ඒකට අපි පෙළ ගැසෙමු. සංවිධානය වෙමු. ජනතා විමුකති පෙරමුණේ අපිට මේ ගම්වල ජනතාව සංවිධානය කරල දැනුවත් කරල මේ තත්වය වෙනස් කරන්න පුලූවන්. අප තමුන්නාන්සේලාගෙන් ඡන්දය ඉල්ලන්නේ ඒකට. එහෙම නැතිව වැලි පර්මිට් එකක් ගන්නවත් එහෙම නැතිනම් පැට්‍රල ෂෙඩ් එකක්, බාර් පර්මිට් එකක් ගන්න නෙවෙයි. මේ ප්‍රදේශයේ තියෙන බාර් ටික ඔක්කොම සුමේධා නෝනගෙ. බිබිලේ තියෙන බාර් ටික සොයිසගේ. මේ මන්ත්‍රී බලතල පාවිච්චි කරල තමයි මේව හම්බකර ගන්නෙ.

තමුන්නාන්සේලාට ජීවත් වෙන්න විදියක් නැහැ. මේක අසාධාරණයි. මේක අයුක්ති සහගතයි. මේකට විරුද්ධව නැගී සිටින්න ඕන. ඔබගේ අත්‍යාවශ්‍ය ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සොයමු. ජනතා විමුක්ති පෙරමුණෙ අපි ඔබලාගෙන් ඡන්දය ඉල්ලන්නේ යුක්තිය, අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න. කථා කරන්න. එහෙම නැතිව අපේ දෙයක් වෙනුවෙන් නොවෙයි. අපි අපේ වැටුප අපේ පෞද්ගලික පරිහරණයට ගන්නේ නැහැ. ඒ නිසා ජනතාව වෙනුවෙන් කතාකරන, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන ජනතා විමුක්ති පෙරමුණය ඡන්දය දෙන්න.

අපගේ ස්තූතිය ලංකා ඊ නිව්ස්  අඩවියට...
www.lankaenews.com

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger