අනේක ප‍්‍රකාර විපක්ෂ දේශපාලන ඝෝෂා ඇසේ. මේවා එදිනෙදා වොයිස් කට් දේශපාලනය සඳහා වේල සොයා ගන්නා ඝෝෂාවන්ය. එබැවින් තොලේ, කටේ, දිවේ, උගුරේ, ආබාධ සදාගන්නා දෝෂ නොවේ. මේ ඉලව්, වළහම් හඩින් කොතරම් ඝෝෂා නැගුවද මව්බිමට ආදරය කරන කිසිවකු ඒවාට නොරැුවටේ.
ඉකුත් සතියේ කොහොඹා කංකාරිය නටන ඔවුහු මේ සතියේදී මහසොහොන් සමයම, රට යැකුම නටති. ඉදිරි සතියේදී හූනියම් කැපිල්ල, දහඅට සන්නිය පටන් ගෙන මහා බලි යාගයක් සිදුකළද පුදුමයක් නැත.
මේ කවුද? මොනවද කරන්නේ.......? ජිනීවා සම්මුතියට ආවඩමින් මව්බිම අධිරාජ්‍යවාදීන්ට පාවාදීමේ දේශද්‍රෝහී කුමන්ත‍්‍රණයට පාවඩ එළීමකි. දවුල් ගැසීමකි.
විපක්ෂයේ කල්ලි සහ කණ්ඩායම් සමග එක්ව චෞර රැුජිනද එහි ප‍්‍රධාන රඟපෑමක යෙදේ. මෙය විපක්ෂ දේශපාලනයේ නවතම විලාසිතාවය.
ගමේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට කිසිදු පහසුකමක් නැතැයිද ඔවුහු බෙරිහන් දෙති. අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය වැරදි බව කරන ප‍්‍රකාශයන් මී විරෝධයකි. වසර 1977දී ශ‍්‍රී ලංකාවට අදාළ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ ගෙනාවේ එජාප රජය මගිනි. අධ්‍යාපන ධවල පති‍්‍රකාව හරහා 1981දී එම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම ඇරඹීය. සරසවි සිසුන් වසර 33ක් තිස්සේ නොනවතින අරගලයක නිරත වන්නේ එම ධවල පත‍්‍රිකාව කොටස් කොටස් වශයෙන් එජාප ආණ්ඩුව කි‍්‍රයාවට එදා නැගීම නිසාය. එවකට අධ්‍යාපන ඇමැතිවරයා වූයේ වත්මන් විපක්ෂ නායකවරයාය.
ජාතික සම්පත් සහ ජනතා බදු මුදල් වැය කළ යුත්තේ අයාලේ නොව ක‍්‍රමවත් පිළිවෙළකට බව ජනතා විමුක්ති පෙරමුණ නිරතුරුව බෙරිහන් දේ. අසූව දශකයේ ධවල භීෂණයේදී ජවිපෙ ලංගම බස් රථ 553 සහ පෞද්ගලික බස් රථ 60ක් ගිනි තැබූහ. දුම්රිය 16ක් සහ දුම්රිය මාර්ග 12ක් කඩා බි`ද දැමූහ. තැපැල් කාර්යාල 680ක්, අධි විදුලි කුලූනු 13ක්, මධ්‍යම දුරකථන මධ්‍යස්ථාන 12ක්, සීනි කර්මාන්තශාලා 2ක් ඇතුළු බිලියන ගණනක ජනතා දේපළ මුළුමනින් විනාශ කළහ.
වර්තමානයේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ජීනීවාවට ගතු කියන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ එජාප ආණ්ඩුව එදා 1987 සිට 1990 දක්වා ජවිපෙ දෙවන කැරැුල්ලේදී අමු අමුවේ මරාදමන ලද මිනිසුන් සංඛ්‍යාව 50,000කට ආසන්නය.
එජාප ආණ්ඩුවේ මර්දනයට පිළිතුරු ලෙස ජවිපෙ විසින් 1987 සිට 1990 දක්වා ඝාතනය කළ පුරවැසියන්ගේ සංඛ්‍යාව 6,577කි. ජවිපෙ නායකයා නිල වශයෙන් මැරූ සංඛ්‍යාව 6,000ක් බව පිළිගෙන තිබේ. ජවිපෙ විසින් බෙල්ල කපා හෝ ගල්කටස් තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කළ පිරිසට රජයේ සේවකයින් 487, පොලිස් නිලධාරින් 342ක්, හමුදා භටයින් 209ක්, සරසවි සහ පාසල් සිසුන් 187ක්, නීතිඥයින් 14ක්, වෛද්‍යවරුන් 16ක්, කලාකරුවන් 08ක්, විදුහල්පතිවරුන් 52, උපකුලපතිවරුන් 02ක්, පොලිස් පවුල් සාමාජිකයින් 93ක්, භික්ෂූන් 30ක්, කතෝලික පූජකවරුන් 02ක් ඇතුළු තවත් සාමාන්‍ය ජනයා 5,135ක් අයත් වූහ.
යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සුදු නෙළුමක් වීමට අද විපක්ෂයේ ඝෝෂාවන්ට ඔල්වර හඬ දී මහත් ගරු ගාම්භීරාකාරයෙන් ඔවුන් වීරාභිවාදනය කරයි. ආණ්ඩුව පරාජය කිරීම සඳහා ගිනිපෙට්ටියට ගිනිකූරකින් ගසයි. එහෙත් දැල්වීමක් නැත.
චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයෙන් පහවී එජාප ආණ්ඩුවේ අගමැති ලෙස දිවුරුම් දුන්නේ රනිල් වික‍්‍රමසිංහය. එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ මුදල් සේප්පුව තිබුණේ ඇගේ නමට නොව සොහොයුරිය වන සුනේත‍්‍රාගේ නමටය. පුද්ගලික බැංකුවක සුදුවැල්ල ශාඛාවේ එසේ තිබූ මුදල රුපියල් දශලක්ෂ 1,200ක් බව කියති. එහෙත් අනුරුද්ධගේ සේප්පුව අත්අඩංගුවට ගත් රනිල් වික‍්‍රමසිංහ චන්ද්‍රිකාගේ සේප්පුවට අත තිබ්බේ නැත. ඔවුන් එකගෙයි කෑවේ අද ඊයේ නොව එදා සිටම බව ඉන් පැහැදිලිය.
නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කළ නායිකාව චන්ද්‍රිකා කුමාරතුංගය. ඇය වසර 11ක් ජනාධිපති තනතුරේ රැු`දී සිටියාය. ජේ.ආර්. පවා ජනාධිපති ධුරයේ සිටියේ වසර 10 මාස 06ක කාලයක් පමණි. වසර 11 තුළ මව්බිමට හෝ රටේ ජනතාවට චන්ද්‍රිකා කළ කෙංගෙඩියක් නැත. ඇය සිදු කළේ සිය හිතවතුන් සමග මන්දිරයේදී ජයපැන් බීම පමණි. විජය කුමාරතුංග ඝාතනයෙන් පසු රටින් බැහැර වූ ඇයගේ දරුවන් වන විමුක්ති සහ යශෝධරා රැුක බලාගැනීම සඳහා වෛද්‍ය තාරා ද මෙල් කල උපකාරයට චන්ද්‍රිකා ප‍්‍රතිඋපකාර කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්කම ඇයට පිරිනමමිනි. ටකරං වහලයකට හෙණ ගැසුවාක් මෙන් මුළු රටේම අධ්‍යාපනය උඩුයටිකුරු විය.
මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැුස්වීම 2014 අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේදී පැවති අතර එහිදී මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර ජයතිස්ස කියා සිටියේ දඹුල්ල පැල්වහර ගොවිපොළේ අක්කර 33ක් පෞද්ගලික අංශයට විකිණීමට රජය තැත් කරන බවයි. එවිට හෙළිවූයේ එය චන්ද්‍රිකා පාලන සමයේදී විකුණා දමා ඇති බවය. මෙම රජය ජනතා දේපළ විකුණන රජයක් නොවන බවත් එදා විකුණපු රක්ෂණ සංස්ථාව පවා යළි පවරාගත් රජයක් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
චන්ද්‍රිකා ජනාධිපතිනිය පිරිසිදු සුර¥තිකාවක් ලෙස පෙනී සිටිමින් රටේ සාරය උපරිම ලෙස උරා බිව් බවද බි‍්‍රතාන්‍යයේ ඇන්ඩෘ කුමරුගේ මාලිගාවක් පවුම් මිලියන 10කට මිලදී ගෙන ඇති යන කථාව පිළිබ`දව තමා පුදුම නොවූ බවද කියා සිටියේ වෙනින් කවුරුත් නොව වික්ටර් අයිවන්ය.
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට එදා එක්සත් ජාතික පක්ෂය කිසිදු පියවරක් ගත්තේ නැත. ලක්ෂ 06ක් වූ රාජ්‍ය සේවය ලක්ෂ 03ක් දක්වා ලෝක බැංකුවේ උපදෙස් පරිදි අඩු කිරීමට රනිල් වික‍්‍රමසිංහ අගමැති සමයේදී සියලූ පිඹුරුපත් සැකසීය. එහෙත් අද රාජ්‍ය සේවය ශක්තිමත්ය. උපාධිධාරින් 50,821ක් රාජ්‍ය සේවයට ඇතුළත් කරගත්තේ වසර දෙකකට ඉහතදීය.
ජවිපෙ නායක අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලංකාවේ විදේශ සේවයට නිලධාරින් පත් කිරීමේදී දේශපාලන පත්කිරීම් කර ඇති බවය. පරිපාලන සේවයට එහි නිලධාරින් පත් නොකර ස්ථීර ලේකම්වරුන් වශයෙන් ඕනෑම අයකු පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලයම විදේශ සේවය සම්බන්ධයෙන්ද බලාත්මකය. එම ව්‍යවස්ථාව සකසනු ලැබුවේ එජාප ආණ්ඩුව මගිනි. ඒ අනුව ජනාධිපති ජයවර්ධන කළ පත්කිරීම් බොහෝය. එවකට සිටි විදේශ ඇමැති ඒ.සී.එස්. හමීඞ්ද තම ඥාතීන්ට එම හැන්දෙන්ම බෙදා ගත්තේය. ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා වරෙක සිය බිරි`දගේ සොහොයුරාද තානාපති තනතුරකට පත් කළේය.
ජේ.ආර්., පේ‍්‍රමදාස, විජේතුංග ජනාධිපති ධුරය දැරූ එජාප ආණ්ඩු මගින් පමණක් නොව චන්ද්‍රිකා ජනාධිපති ධුරය දරන කාලයේදී පවා විදේශ සේවයට පිටතින් පත්කළ අය බොහෝය. ඔවුන් කිසිවකු විදේශ සේවයේ නිලධාරින් නොවේ. මොවුන් අතර කරු ජයසූරිය, පී.බී.ජී. කළුගල්ල, ඊ.එල්.බී. හුරුල්ලේ, සුසිල් මුණසිංහ, රූපා කරුණාතිලක, රෝසි සේනානායක, ධර්මසේන ආටිගල, සිරිසේන කුරේ, නෝමන් වෛද්‍යරත්න, යූ.බී. විජේකෝන්, ආරිය බී. රැුකව, කරුණාසේන කොඩිතුවක්කු, චන්ද්‍රානන්ද සිල්වා, ලාල් ජයවර්ධන, සුමිත‍්‍රා පීරිස්, කුසුම්සිරි බාලපටබැ`දි, සිරිල් රණතුංග, ජානක පෙරේරා ඇතුළු විශාල පිරිසක් වෙති. මේවා ගැන විපක්ෂය නෝ කතාය.
ජනාධිපතිවරයාට රට යුද්ධයෙන් ජයගැනීමෙන් පසු දෙමළ ඩයස්පෝරාවට සහ ජිනීවාට ආවඩන බටහිර රටවලට නොබියව මුහුණදීමට හැකි වූයේ විදේශ සේවයට පත්කරන ලද කාර්යශූර තානාපති නිලධාරින් නිසාය. එමෙන්ම සන්ධාන ආණ්ඩුව විදේශ සේවයේ නිරත වන කිසිම වැඩකාරයකු කොන්කර නැත. එවැනි දක්ෂයින්ට ඉහළට යන්නට සියලූ අවස්ථාවන් විවර කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවි අමෝරාගෙන සිටින රවිනාථ ආර්යසිංහ තානාපතිවරයා විදේශ සේවයට අයත් නිලධාරියෙකි. ඔහුට විදේශ සේවයේ සිදුවූ අසාධාරණයන්ට එරෙහිව චන්ද්‍රිකා ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් නඩුවක් ගොනුකර ජයගැනීමට ඔහු සමත්විය.
එදා ගැමියෝ පාළුව කාන්සිය මකා ගැනීමට කීවේ සිව් පදය. කවියක මාත‍්‍රා ගණන සඳහා ගැනීමට තේරුමක් නැති පදයක් යෙදුවහොත් එය සක්ක පදයකි. කාව්‍යයක් ගැයීමට හැකිවන පරිදි ලීවොත් එය ගේය පද රචනයකි. පදවල අගමුල මාරු කළහොත් එය පද පෙරළියකි. එහෙත් විපක්ෂය කරන්නේ එවැනි පද පෙරළියක් නොවේ. පද ගැහීමකි. ඔවුන් නටන්නේ එන්.ජී. ඕ. ඩොලර් කාක්කන් සහ දෙමළ ඩයස්පෝරාව ගහන බෙර පදයටය. මෙසේ පදමට ගැසීමෙන් සිදුවන්නේ ජන පදනම නැතිවීමකි.
ගොනා වුණාට උම්බෑ කියන්න එපායැයි ජන කථාවකි. එය ගොන්නු නොව ගොන්නු වන්නට හදන මිනිසුන් ගැන කියවුණ කතාවකි. මිනිසුන් ගොන් හඬ නොනගන තාක් ඔහු ගොනකු ලෙස පිළිගන්නේ නැත. එහෙත් විපක්ෂයේ මෙම කෙරුම්කාරයෝ එය කඩා බි`ද දමා ඇත්තේ උම්බෑ දේශපාලනයේ යෙදීමෙනි.
දමිත් කෝට්ටේගොඩ
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment