BREAKING NEWS

රටතොට

Saturday, August 30, 2014

දීග කන්න යන්න කළින් දෙන ඔවදන් ජපානයෙන්....

ජපන් දෙමවුපියන් විසින් දියණියක විවාහ වන දිනයේදී උදේ පාන්දරම හාපුරා කියා දෙන අවවාද දොළස...


1- නුඹ විවාහ වූ මොහොතේ පටන් මගේ දියණියක් නොවේ.නුඹගේ මවුපිය දෙදෙනාට මෙන් නුඹගේ නැන්දාට මාමාට කීකරු වෙන්න.
2- නුඹගේ එකම නෑයා ස්වාමි පුරුෂයා වන අතර ඔහුට යටත්ව කාන්තාවකට අවශ්‍ය වටිනාම ධරමය වන සීලාචාරකම රැක ගන්න.
3- නිතර නුඹේ නැන්දම්මාට ආදරෙන් සිටින්න.


4- ඊර්සියා කිරීමෙන් නුඹගෙත් ස්වාමියාගෙත් හිත් දුෂ්‍ය වන හෙයින් ඊර්සියාවෙන් වැලකි සිටින්න.
5- සැමියාගේ වරදකදී කෝප නොගෙන ඉවසා තරහ සංසිඳුණු පසු ආදරෙන් මෘදු ලෙස සැමියාට කථා කරන්න.
6- වැඩි වශයෙන් කථා කිරීමෙන් අසල්වැසියන්ගේ ඇඳ කුදසෙවීමත් ,බොරු කීමත් කිසි විටෙක නොකරන්න.
7- උදේම අවදිවෙන්න.දවල්ට නොනිදන්න.රැස්කමින් සෙනඟ ගැවසෙන ස්ථාන අතරට යන්න එපා.නුඹට වයස අවුරුදු 50 සපිරෙන තුරු ප්‍රසිද්ධ රැස්වීම වලට යන්නත් එපා.
8- කවරදාවත් නැකත් සහ ශාස්ත්‍ර අහන්නත් එපා.
9- ගෙදර භාණ්ඩ නියමිත තැන්වල තබන්න.පිළිවෙළට වැඩ කරන්න.වියදම් කිරීමේදී පිරිමසා ගන්න.
10- නුඹ බාල කාලයේදීම විවාහ වූ නමුත් යෞවනයින්ගේ සමාගම් වලින් දුරු වී සිටින්න.
11- බබලන්නා වූ ඇඳුම් ආයිත්තම් පැළදීමට වෑයම් නොකරන්න.ලෝ සිරිතට එකඟ වන අන්දමට අඳින්න.
12- නුඹගේ පියාගේ වස්තුව දේපළ කියලා උඩඟු නොවන්න.සැමියාගේ නෑදෑයන් ඉදිරියේදී ඒ ගැන පුරසාරම් කථා නොකියන්න.


 සියලුම ජාතීන්ට ඔවුන්ටම උරුම වූ වටිනා සංස්කෘතික සිරිත් විරිත් ඇත.පහත දැක්වෙන්නේ ජපන් මංගල උත්සව  කිහිපයකී.  







ජපන් මංගල උත්සව කිමෝනා මෝස්‌තර කිහිපයක්.ජපන් කිමෝනා මෝස්‌තර අලංකාරයෙන් සුවිශේෂී තැනක් ගනී.







                                        ඉතා විසිතුරු ජපන් නියපොතු මෝස්‌තරයක්

                                                        ජපන් මංගල උත්සව කේක් ආකෘතියක් 

ජපන් මංගල උත්සව සුන්දර කොණ්ඩා විලාසිතාවක් 

"ලංකා නිවුස්" විටින් විට මෙවන් වටිනා තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger