එමෙන්ම මිනිසාගේ සුව පහසුව වෙනුවෙන් මේ දෑ නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් බොහෝ පිරිසක් මේ ලොව සිටි බව අප මෙනෙහි කිරීම ඉතාමත් වැදගත්ය.විශේෂයෙන්ම පසුගිය සියවසේ මුල් අවදියේ සහ 18 වන සියවසේ ඇග භාගයේදී මේ නව නිපැයුම් සංඛයාව වැඩි දියුණු කිරීමට ගොස් මරු වැළඳ ගත් ප්‍රමාණය ඉතා බොහෝය.
මේ සුවිශේෂ නිර්මාණ කරුවන්ගේ ඇතැම් නිර්මාණ සහ ඔවුන් මරණය වැළඳ ගන්නා ඉතා දුර්ලභ ජායාරුප රැසක් අප වෙත ලැබී තිබුණා.
අද අප ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ මෙවැනි අළුත් නිර්මාණ කරුවන් සහ දක්ෂ නිර්මාණ.කලාත්මක බැවින් සහ විද්‍යාකුලව මනුෂ්‍යගේ සුභ විවරණය සඳහා නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් අය වේ.
ඔහු මරණයට පත් වී ඇත්තේ, දැනට අහසේ රටකින් රටකට යාම සහ බොහෝ විට අප ගමන් ගන්නා ගුවන් යානා අද මෙන් නොවූ යුගයක අහසින් ගමන් ගැනීම සිහිනයක්ව තිබුණි.(පිටරටවල ජීවත්වූ මිනිසුනට සිතා ගැනීමටත් නොහැකි කළෙක අප රටේ මහා රාවණ රජු දඬු මොණරයක් නිපදවා අහසින් ගමන් ගත් බව කියැවේ...) එසේ වූ කළ විදිධාකාර පුද්ගලයන් පැරිශුටයක් පවා නොමැතිව උඩ සිට පහතට පැනීමට පැරිෂුට් වෙනුවට ආදේශකයක්, නිෂ්පාදනය කිරීමට ගොස් මරු වැළඳ ගත් අවස්ථා ඇත.මොහු මැරුණේ පියාඹන ඇදුම් නිර්මාණයක් ඉදිරිපත් කිරීමට ගොසිනි.මෙහි දැක්වෙන්නේ ඔහු මරු වැළඳ ගත් එම නිර්මාණය කළ ඇඳුම. මෙම නිර්මාණය සමඟින් ජනතාවට පෙන්වීම සඳහා පැරිසියේ අයිපල් කුළුණේ සිට පහතට පැනීමට ගොස් බිමට වැටී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු මරණයට පත් විය.මේ මරණයට පත් වීමට මොහොතකට පෙර ඔහුගේ නිර්මාණය සමඟින් ඔහු සිටින ජයාරුපයක්.

මෙහි තිබෙන්නේ ඔහු නිෂ්පාදනය කළ කාරය ය. මෙම කාරය ධාවනය කිරීමට යොදා ගත්තේ ඇල්කොහොල් නැතිනම් මද්‍යසාර දාවණයයි. මෙම මද්‍යසාර ද්‍රාවණය ඉතා ඉක්මනින් ගිනි ගන්නා සුළු බැවින් මෙම ගමන් ගත් වාහනය ඔහු සමඟින්ම තප්පර කිහිපයකින් ගිණි ගෙන පුපුරා විනාශයට පත් විය. මේ තිබෙන්නේ ඔහු සමඟ එම වාහනය පුපුරා ගිණි ගැනීමට මොහොතකට පෙරය. එකල අද මෙන් ඩිජිටල් කැමරාවක් සහ රූපවාහිනි කැමරාවක් නොවූ යුගයක ගත් මෙම ජායාරූපය ඉතිහාස ගත වන එෙතිහාසික ජායාරූපයකි.
රූප අංක-3 Otto Lilienthal
ඔහු හැඳින්වුනේ 18 වන සියවස මැද භාගයේ පමණ ෆ්ලයින් කිං නමිනි.ෆ්ලයින් කිං යනු "පියඹන රජා" . (අපේ රජා ද ෆ්ලයින් කිං ලෙසින් සම හරක් හඳුන්වන්නෝය...)මොහු මැරුණේ මෙවැනි පියාඹන යන්ත්‍රයක් උඩ සිට පහළට යාමට යාමේදී බිමට වැටී මරණයට පත් වීමෙනි.මෙහි දැක්වෙන්නේ එම නිෂ්පාදනය සමඟ උඩින් ගමන් ගන්නා අවස්ථාවක් .
රූප අංක-4 William Bullock
ඔහු මැරුණේ ඔහුගේ අභිමානවත් නිෂ්පාදනයක් වන එම දිනවල බහුලව නොතිබුණු රොටරි මුද්‍රණ යන්ත්‍රයක් සිය කකුළ යොදවා ක්‍රියාත්මක කිරීමට යාමේදී එය ඔහුගේ ඇඟ මත කඩා වැටී මෙනි.
රූප අංක-5 Sylvester H. Roper
ඔහු මිය ගියේ 18 වන සියවසේ මැද භාගයේදී ඔහු නිෂ්පාදනය කරලා තිබුණා වාෂ්ප බලයෙන් ක්‍රියා කරන බයිසිකල් රෝද සහිත යන්ත්‍රයක්.එකල වාහන පවා නොතිබුන යුගයක්.එතකොට මේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයේ බොයිලේරුව පුපුර ඔහු මරණයට පත් විය. මෙහි තිබෙන්නෙත් එහි ඉතා දුර්ලභ ජායාරූපයක්
අද මෙවැනි නිර්මාණ ශිල්පින් ගැන මිනිසුන් කථා වෙන්නෙත් නැහැ. මොකද ඒ ගොල්ලෝ මතකත් නැහැ .දන්නෙත් නැහැ .එම රටවල අපේ ලංකාව වගේ නෙමෙයි ඒ මිනිස්සුන්ට නියමිත ස්ථානය හිමි වෙලා තියෙනවා . අදටත් ඒ මිනිස්සුන්ගේ නිර්මාණ ලොවට ඉදිරිපත් කරලා, කිරීමට උත්සාහ දරලා මේ මිය ගිය මිනිසුන්ට හිමි ගෞරවය නොවැඩුව ලබා දීමට උත්සාහ කරනවා.
රූප අංක-6 Thomas Andrews
ඔහු ලෝක ප්‍රසිද්ධ නාවික නිර්මාණ ශිල්පියෙක්.මොහුගේ කර්මාන්ත ශාලාවේ තමයි ටයිටැනික් නැවත නිර්මාණය කලේ.ඔහු මරුනෙත් ඔහු සතු සමාගම නිෂ්පාදනය කරපු නැවකින් සාගර චාරිකාවක නිරත වන අවස්ථාවක.
රූප අංක-7 Karel Soucek
ඔහු දක්ෂ සටන් සර්කස් ශිල්පියෙක්. ඔහු මැරුණේ සංදර්ශණයකදී යම් කිසි දර්ශනයක් පෙන්වීමට යාමේදී ,ඔහු නිපදවූවා කිසිම ඝට්ඨණයකදී හානියක් නොවන බැරළයක්. බැරළය නිර්මාණය කර තිබුනේ කිසිම කෙනෙකුට හානියක් කරන්නට බැහැ.වැටුනොත් පුපුරන්නේ නැහැ. මෙම බැරළය තුළ සිටින මිනිසා ඉතාම නිරුපද්‍රිතව පතිත වීමට හැකි ,සහ ඕනෑම ඝට්ටනයක් සහ අවකාශයක් තුළ සිට බිමට වැටීමේදී පවා හානියක් නොවන . නමුත් අවාසනාවන්ත ලෙස මොහු මිය ගියා.මෙහි සිටින්නේ ඔහු.මිය ගියේ මෙම බැරලය තුළමයි.මෙම බැරලය තුළ උඩ සිට පහළ දක්වා මෙම බැරලය අත ඇරිමේදී , මෙය මිනිසුන්ට පෙන්වීමට යාමේදී ඔහු ඒ ඇතුලෙම හිර වී බැරලය තැලි පොඩි වී ඔහු මරණයට පත් වුණා.
රූප අංක-8 James F. Fixx
මොහු විසින් ඉතාම ප්‍රසිද්ධ පාවහන් යුගලක් නිෂ්පාදනය කළා.මිනිසුන්ට ව්‍යායාම කරමින් ඇවිදීමට.... ඔහු උදේ පාන්දර ඔහු විසින්ම නිෂ්පාදිත පාවහන් යුගලක් පැළඳ ව්‍යායාම සඳහා උදේ පාන්දර දිවිමේදී අවාසනාවන්ත ලෙස මිය ගියා.
රූප අංක-9 Horace Lawson Hunley
මොහු සබ්මැරින තාක්ෂණය ගොඩක් දුරට වැඩි දියුණු කළ පුද්ගලයෙක්.දීය යටින් යන සබ්මැරින නොතිබුන කාලෙක 19 වන සියවසේ මුල් භාගයේදී පමණ ඔහු මැරුණා. ඔහුම නිපදවපු සබ්මැරිනයක්තුළට ජලය කාන්දු වීම නිසා.
රූප අංක-10 Jean-François Pilâtre de Rozier
මිනිසා අහස තරණය කිරීමට මාන බලමින් ඒ සඳහා විවධ දෑ නිර්මාණය කරමින් අත්හදා බැලීම් වල නිරතව සිටි කාළයක් ඒ 18 වන සියවසේ අග භාගයේදී 19 වන සිය වසේ මුල් භාගයේ දි ගුවන් යානා නොතිබුන යුගයක අහසට යාම සඳහා භාවිතා කලේ බැලුනයන්ය. ඔහු තමයි ලෝකේ පළමු වතාවට අහසේදී බැලුනයක් පිපිරී මැරුණේ.මේ ජායාරූපයේ දැක්වෙන්නේ.., මේ ජායාරූපයක් නොවේ ඇත්තටම ඇඳපු චිත්‍රයක්.මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ ඔහු ගමන් ගත් ඒ බැලුනයේ සැබෑ සිතුවමක්. මොකද ඒ කාලයේ ජායාරූප ශිල්පය පවා නොතිබූ කාලයක්. 18 වන සියවස මුල් භාගයේ 1800 , මේ චිත්‍ර ශිල්පියෙකු ඔහු ගමන් ගත් බැලුනය රූපයට නගා තිබු අයුරුයි.
රූප අංක-11 Henry Fleuss
ඔහු විසින් ලෝකෙට ඉදිරිපත් කරන්න ගියා න්‍යායක්. වතුර යට ඉන්න කිමිදුම් කරුවන්ට ඔක්සිජන් පමණක් භාවිතා කරලා කිමිදුම් කටයුතු කිරීමට හැකියි කියල ඔහු නිර්මාණය කෙරුවා ඔක්සිජන් පමණක් භාවිතා වෙන මුහුණු වැස්මක් සහ ඔක්සිජන් පමණක් භාවිතා වෙන ඔක්සිජන් ටැංකියක්. කිසිම කෙනෙකු මේ ලෝකේ ඔක්සිජන් පමණක් ලබාගෙන මුහුද යටදී ජිවත් වෙන්න බැහැ. ඔක්සිජන් වෙනුවට තව ආදේශකයක් භාවිතා කිරීමට යොදා ගැනීමට අවශ්‍ය යි. මොහු මැරුණේ ඔක්සිජන් පමණක් ආශ්වාස කිරීමට යාමේදී ජලය යට දීම අවාසනාවන්ත ලෙස.මේ ඔහු මිය ගිය අවස්ථාවේදීම ගත් ජායා රූපයක්. මෙයත් ඉතාම වටිනා ජායාරූපයක් ලෙස ඉතිහාස ගත වෙනවා.
රූප අංක-12 Fred Duesenberg
මොහු ජර්මන් සහ ඇමෙරිකානු ජාතික මෝටර් රථ නිෂ්පාදනයේ පුරෝගාමියෙක්.මොහු මැරුණේ ඔහුම නිෂ්පාදනය කළ රථයකින්. .
ඉහත ජායාරූප වලින් ඔබට පසක් වෙනවා ඇති ලොව වඩාත් සුවදායක ,සැපපහසු කිරීම සඳහා අතීතයේ පටන් මිනිසුන් කොතරම් වෙහෙසක් දරන්නට ඇති ද කියා කොතරම් පිරිසක් සිය දිවි අහිමි කොට හෝ මිනිසාගේ සුභ විවරණය සඳහා විවිධ දෑ නිර්මාණය කිරීමට උත්සාහ කර ඇද්ද කියා ඔබට සිතෙනවා ඇති.
එමෙන්ම ලංකාවේ සිටපු තවත් බොහෝ දෑ කළ නිහඩ මිනිසුන් සිටිනවා.
උදාහරණයක් ලෙසින් අද යුරෝපයේ දුවන සෑම දුම්රියක්ම ගමන් ගන්නෙ සිල්පරන් කොට මත නොව කොන්ක්‍රීට් සිල්පරන් කොට මතය.කොන්ක්‍රීට් මගින් තමයි මෙම දුම්රිය ගමන් ගන්නා මාර්ගය සදා ඇත්තේ.මෙම නිෂ්පාදනයට මුලික වුනේ ලංකාවේ සිටි "කුලසිංහ " නම් මහාචාර්‍යවරයා.අද ඔහු මිය ගිහින්. නමුත් ඔහුගේ තාක්ෂණය ලංකාවේදී කිසිඳු අකාරයකින් ඇගැයීමකට ලක් නොකළ නිසා ඔහු එම තාක්ෂණය විදේශයට ලබා දුන්නා.අද එහි ප්‍රථිපල භුක්ති විදින්නේ ලංකාව නොව පිටරටයි.මෙයත් අප ලංකාවේ සිටි බොහෝ නිර්මාණ ශිල්පින් ලංකාවේ ඉපදීම නිසා ලද අභායසම්පන්න ඉරණමක්.
කිසිදු නිර්මාණයක් අද වන තුරු අපට කිසියම් දෙවි කෙනෙක් දි නොමැත. මේවා අප විසින්ම මවාගත් දුර්මතය.අප නිපදවන පැන්සල පවා සහ මේ කොළ කැබැල්ල පවා නිපදවා ඇත්තේ මිනිසුන්ගේ මනසින් නැගෙන චිත්ත ධාරාවෙන් මිසක කිසිදු මැවුම්කරුවෙකු අප වෙත ඒවා මවාදී මවා නොතිබුණු බව දැන් ඔබට වැටහෙනවා ඇති.
කිසිදු නිර්මාණයක් අද වන තුරු අපට කිසියම් දෙවි කෙනෙක් දි නොමැත. මේවා අප විසින්ම මවාගත් දුර්මතය.අප නිපදවන පැන්සල පවා සහ මේ කොළ කැබැල්ල පවා නිපදවා ඇත්තේ මිනිසුන්ගේ මනසින් නැගෙන චිත්ත ධාරාවෙන් මිසක කිසිදු මැවුම්කරුවෙකු අප වෙත ඒවා මවාදී මවා නොතිබුණු බව දැන් ඔබට වැටහෙනවා ඇති.
"ලංකා නිවුස් " ඉදිරියේදී තවත් මෙවැනි වටිනා රසවත් ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
Post a Comment