මෙය ලියන මම සමහරවිට ඔබට මතක නැතුව ඇති. අසූ ගණන්වල මුල් භාගයේ එක්තරා හැන්දෑවක ගුණදාස කපුගේ ගේ බෝඩිම හොයා ගන්න බැරිව රස්තියාදු වෙමින් ඉද්දි ඔබ තමයි මට කපුගේ ගේ බෝඩිමට යන්න පාර කියා දුන්නේ.
“මල්ලි, කපුගේ ඉන්නේ එම්. එස්. පෙරේරා ෆ්ලැට් එකේ” ඒ විදියට ගොරෝසු කටහඬකින් ඔබ උත්තර දුන්නා මට මතකයි. (කපුගේ හිටියේ සේන වීරසේකරලගේ ගෙදර; ඒක තමයි ඔහුගේ බෝඩිම) ඒ තමයි මම ජෝති අයියාත් එක්ක කතා කරපු ප්‍රථම හා අවසාන අවස්ථාව. අවුරුදු 25 කට 30 කට පස්සෙ අද ආපහු හැරිල බලද්දි ඒක මට අපූරු සිහිවටනාත්මක අත්දැකීමක්.
අමුතුවෙන්ම කියන්න ඕනැ නැහැ ජෝති අයියේ, මම නම් ඉස්සර මාර පික්චර් පිස්සෙක්. මගේ පි‍්‍රයතම නළුවා වුණේ ගාමිණි ෆොන්සේකා. පි‍්‍රයතම ගායකයා වුණේ ඔබ. ‘සූරයන්ගෙත් සූරයා’ පිචර් එකේ ජෝති අයියයි - ඇන්ජලිනුයි කියන ඩුවට් එක ‘කෝ මාගේ ජීවන ගීතේ’ මතක ද? පට්ට තමයි.
ඒ කාලේ මගෙ පාසල් මිතුරන්ගේ ගෙවල්වල කෙසේ වෙතත් අපේ ගෙදර නම් ‘රෙකෝඩ් ප්ලෙයර්ස්’ තිබ්බෙ නැහැ. ඒ නිසා අපිට ජෝති අයියගේ සින්දු අහන්න ලැබුණේ රේඩියෝ එකෙනුයි (එහි වෙළෙඳ සේවයෙන්) පික්චර්වලිනුයි තමයි. ඒ හැරුණුකොට සංගීත සංදර්ශනවලදි ජෝති අයියලා හැබැයින් සින්දු කියනවා අපිට දැකගන්න ලැබුණා. ඉස්සර අපේ ඉස්කෝලේ (මීගමුව මාරිස්ටෙලා) වර්ෂාවසානයේ ‘මාරිස්ට් මේලා’ නමින් සැණකෙළියක් තියෙනවා. ඒක ඉවර වෙන්නෙත් මහා සංගීත සංදර්ශනයකින්. මම ජීවිතයේ මුල් වරට සී. ටී. ප්‍රනාන්දු, රුක්මණි දේවි, නෙවිල් ප්‍රනාන්දු (ලොස් කැබරලොස්), එම්. එස්. ප්‍රනාන්දු මෙන්ම ජෝති අයියත් සින්දු කියනවා දැක්කේ ඒ වගේ මාරිස්ට් මේලාවකින්.
අපි ජෝති අයියලගේ සින්දු රේඩියෝ එකෙන් ඇහුවේ හැත්තෑව දශකයට කලින්. ඒ කියන්නේ හැට ගණන්වල. හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ තිබ්බේ ‘ප්‍රබුද්ධ ගී’ නේ. ඉතිං ඒ දවස්වල ජෝති අයියලාව නිකම් පීචං තත්ත්වයට දාලයි තිබුණේ. ජෝති අයියා දන්නවනේ ඕවා. 1977 ඡන්දෙදි උ ව් ර්‍ථ එක දින්නට පස්සේ දාපු මුල්ම සින්දුව මට තාමත් මතකයි. ඒ ජෝති - අයියයි එම්. එස්. ප්‍රනාන්දුයි කියපු ‘ගෙදර හිටිය රෝස කැකුළ රෝසා’ (හැබැයි ඒක යූ එන් පී විරෝධි කේමදාස මාස්ටර්ගෙ මෙලඩි එකක් කියන එක නම් ගුවන්විදුලියේ බලධාරීන්ට අහුවුණේ නැහැ)
ජෝති අයියගේ ස්ක්‍රීන් වොයිස් එක නම් මාරම මාර තමයි. ආනන්ද ජයරත්නගෙ ඉඳන් ගාමිණි, විජය, තිස්ස, රෝයි මේ ඕනැම නළුවකුට ඒ හඬ හරි ගියා. ඇත්තටම මේ බොහෝ නළුවන්ගේ ජනපි‍්‍රයත්වය කෙරෙහි හුඟක් බලපෑවේ ජෝති අයියාගේ සින්දු.
ජෝති අයියා කියපු හුඟක් සින්දු හින්දි කොපි. ඒකට ඉතිං ජෝති අයියාට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒවායේ සුවිශේෂත්වය තියෙන්නේ ඇතැම් හින්දි සින්දුවලට වඩා ජෝති අයියගේ සින්දු අති මිහිරි වීමයි. උදාහරණයක් විදියට අපි ගමු, ‘නින්ද නේන රාත්‍රියේ.’ ඒක අර හින්දි සින්දුවටත් වඩා ෂෝක්. ජෝති අයියා නියමෙට ඇඟට අරන් කියනවා. ඒක ලිව්වේ අජන්තා නේද? (සොරි සොරි! ආචාර්ය අජන්තා රණසිංහ)
ජෝති අයියගේ මරණයෙන් පස්සේ මාර වැඩ තමයි වුණේ. අපේ ආචාර්ය මහාචාර්යවරු, ප්‍රබුද්ධයෝ, විදග්ධයෝ ජෝති අයියාව හරිම ඉහළින් අගය කළා නේ. ඩොක්ටර් අමුණුගම කිව්වා, ජෝති අයියා ‘සංස්කෘතික බලකණුවක්’ කියලා. ඩොක්ටර් කියල කිව්වෙ දත් දොස්තර කෙනෙක් නෙමෙයි, ආචාර්ය. ජෝති අයියා කොහොමද ඒ අයව දන්නේ? නේද? අර පොදුජනතාවගේ කවියා - කොඩිතුවක්කු උන්නැහේ එයා ලිව්වනේ ‘ජෝති රශ්මි’ කියලා වර්ණනා කාව්‍යයක්. පිස්සු හැදෙන සඳ ජෝති අයියේ!
කොහොම වුණත් ජෝති අයියා නැතිවෙලා අවුරුදු 25 කට පස්සෙත් ජෝති අයියා තමයි තවමත් අපේ රටේ ජනපි‍්‍රයම ගායකයා. අද දඹාන එෆ්. එම්. එකේ වැද්දොත් වැඩිපුර ඉල්ලන්නේ ජෝති අයියගේ සින්දු. සුපර් ස්ටාර් කොල්ලෝ කුරුට්ටෝ කියන්නෙත් ජෝති අයියගේ සින්දු. බස් එකකට නැග්ගොත් යන්නේ ජෝති අයියගේ සින්දු. ඉතිං ජෝති අයියේ තව මොන කතා ද?
ජෝති අයියාට ඔහෙ පාළු නැතුව ඇති. බෙග් මාස්ටර්, වල්පොල, මිල්ටන් අයියා ගැන්සිය ඉන්නවනේ. ඉඳලා හිටලා පැදුරු පාටිත් දානව ඇති. ඔය පැත්තේ ආපු දවසක ඉතුරු ටික කියන්නම්. එතකම් නවතිනවා.
මීට සුනිල් මිහිඳුකුල

Post a Comment