BREAKING NEWS

රටතොට

Sunday, February 22, 2015

හොර අටපට්ටමා සහ මහාචාර්‍ය ඡේ. බී. දිසානායකයන් අතර මතකය....!!!

මෙම ලිපිය පළකිරීමට සූදානම් වද්දී ඈත මෑත දෝළනයවූ මතකයක ඉමක් සඳහන් කිරීම කාගේත් දැන ගැනීමට පළ කිරීම සුදුසු යැයි සිතුවෙමු
අද රටම බොරුවෙන් අන්දවා මහා පොරක් ලෙසට පෙනී සිටිනා , ඵමෙන්ම වටේම සිටින විද්වතුන් වැඩසටහනට  ගෙන්වා ජේ.ආර්.සූරියප්පෙරුමද අන්දවා උගෙන් පරණ මහාරජාගේ නාඩි අල්ලා ස්වාධීන රූපවාහිනියේ ඉහළ පුටුවකට පැනගත් හසන්ත ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි නම් කපටියාගේ සැබෑ ආගමනය ගැන ඇති ස්වාධීන රූපවාහිනියේ පැරණි අය දන්නා මතකයකී
මේ....
අටපට්ටමාගේ මුල්ම රූපවාහිණී කළඵලි දැක්ම....
ඵසේම මෙම කපටියාට ඇති නියම උපාධියක්ද නොමැත.කපටියන්ගේ හැටි ඵසේය...උන් පළමුවෙන් අමතක කරනුයේ උන්ගේ මුලය.මොහුගේ අටපට්ම මෙන්ම උපාධි පට්ටම්ද පට්ට බොරුය..
ඵකල 1998 දී පමණ බාහිර නිෂ්පාදන සහයකයෙකු ලෙසින් බැඳෙන මොහු ඒ අවදියේ  රූපවාහිනි කැමරාවට ඔළුව ඔබා ගැනීමට පුදුම ආශාවක් දැක්වූ අතර නිතරම චිත්‍රාගාර මැදිරි අතර ගැවෙසෙමින් ඔළුව දමා ගැනීමට පොඩි කෑල්ලක් ඉල්ලමින් නිෂ්පාදකයන් පසුපස ගොස් අවසන ඔහු ප්‍රථම වතාවට රූපවාහිනී තිරයට ඵන්නේ  තත්පර 30 පමණ කෙටි දැන්වීමක් මගිනී...බහිරව රූපයක මුහුණත ඉවත් කොට ඊට මොහුගේ මුහුණ බද්ධ කොට තිබුණී.( බහිරවයෙක් කථාකරයි )
ඵකළ ජාතික රූපවාහිනීයේ නලීන් කළ නවයයි පහ වැඩසටහන හිණි පෙත්තේ තිබුණී.ඵම ආකෘතියම ගෙන ඇති අටපට්ටම නම් වැඩසටහනට වැඳවැටී අවසර ඉල්ලා කළ කන්කෙඳිරියේදී ඵකළ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්‍ෂකවූ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතා ගෙන් ඊට අවසර ලැබිණ.
පසුව මහාචාර්‍ය ඡේ. බී. දිසානායකයන්ගේ පොත් වල ඇති ඵකට ඵකක් සමාන පද සොයා ඒවා එකතු කොට ,ඵතුමා පසුපස යමින් ඒවා උගෙන පසුව මහාචාර්‍ය ඡේ. බී. දිසානායකයන් නිහීන ලෙසින් අමතක කොට දමා ජේ.ආර්.සූරියප්පෙරුමගේ උදව්වෙන් පොරක් වු සැබෑ හොරෙකුගේ නිරුවත මහාචාර්‍ය ඡේ. බී. දිසානායකයන් සමග දිවයින පුවත්පත කළ සාකච්ඡාව පළකිරීමට පෙර හුදී ජනතා දැන ගැනීම අරභයා පළකිරීම සුදුසු යැයි සිතුවෙමු.



කෝටි දෙකකට මදක්‌ වැඩි ජනගහණයක්‌ ජීවත් වන අපේ රටේ ඉන් 90% ක්‌ පමණ දෙනා කතා කරන භාෂාව සිංහල බව අපි කියන්නේ මහත් අභිමානයෙනි. "මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි....." යනුවෙන් ජනප්‍රිය සිංහල දේශාභිමානී ගීතවල කොටස්‌ ද හුවා දක්‌වමින් මේ තත්ත්වය විග්‍රහ කරන සිංහලයෝ ජාතියට වඩා භාෂාව ගැන මහත් ආඩම්බරයෙන් යුතුව කතා කරති. එහෙත් අද අපේ ජාතික පාසල් පද්ධතියේ උගෙන ගන්නා ලොකු කුඩා දරුවන් අතර අමාරුම විෂයයන් කිහිපය අතර "සිංහල භාෂාව" ද තිබෙන බව පිළිගන්නට සිදුව තිබේ. මීට කලකට පෙර පාසල් විෂය මාලාව අතර අමාරුම විෂයයන් වූයේ ගණිතය, ඉංගී්‍රසි, විද්‍යාව ආදී මූලික විෂයයන් ය. එනමුත් අද සිංහල භාෂාව ඒ සියලු විෂයයන් අභිබවා ප්‍රමුඛත්වයට පත්ව ඇති බව කියන්නට තරම් මේ රටේ සිංහලයෝ අවාසනාවන්තයන් වී සිටිති.

මේ උභතෝකෝටික ප්‍රශ්නය තේරුම් බේරුම් කර ගන්නට වගකිවයුත්තන් සොයා ගිය අපි නතර වූයේ ශ්‍රී ලංකාවේ අංක එකේ ගනයේ සිංහල භාෂා විශාරදයකු වන සම්මානනීය මහාචාර්ය ඡේ. බී. දිසානායකයන් ඉදිරියේය. මේ එම ප්‍රස්‌තුතය පිළිබඳ එතුමන්ගේ විග්‍රහයයි.

අපේ සිංහල භාෂාවට මේ රටේ ජනතාව කියන්නේ "මවුබස" කියලයි. දරුවෙක්‌ මුලින්ම උගෙන ගන්න භාෂාව මවුබස. ඉංගී්‍රසියෙන් අපි ඕකට කියනවා "ෆස්‌ට්‌ ලැන්ග්වේඡ්" කියලා. දරුවෙක්‌ උපදිනකොට ඔහුට බසක්‌ නෑ. කතා කිරීමේ ශක්‍යතාව තියෙනවා. බසක්‌ නෑ. බස තීරණය වෙන්නේ ඒ දරුවගේ මව ජීවත්වන සංස්‌කෘතිය අනුවයි.

අම්ම තමයි දරුවට බස දෙන්නේ. ඒක නිසා අපි කියනවා ඒකට මවුබස කියලා. ඒ තත්ත්වය වර්ධනය වුණාම ටික ටික දරුවා වැඩෙද්දී සමාජානු භෝජනය අනුව දරුවාට පුළුවන් වෙනවා ඔහුගේ උවමනා එපාකම් ටික මවු බසෙන් දෙමවුපියන්ට වැඩිහිටියන්ට කියන්න. සන්නිවේදනය කරන්න.

පාසල් යන අවධිය.. ඒ කිව්වේ අවුරුදු 5 ක්‌ පමණ වනවිට තම ඕනෑ එපාකම් කියාගන්න පුළුවන් දරුවා පාසලේදී සිංහල ඉගෙන ගන්න පටන් ගන්නවා. හැබැයි දරුවා ඒ වනවිට සිංහල කතා කරන්න දන්නවා. ගුරුවරුන්ට වගකීමක්‌ තියෙනවා මේ දරුවා දන්න බස තවදුරටත් උගන්වන්න. කොහොමද මේක කරන්නේ... දන්න බසේ මොනවද උගන්නන්න තියෙන්නේ.

මෙන්න මේ වැඩේට තියෙනවා වෙනමම න්‍යාය පත්‍රයක්‌. ඒ න්‍යාය පත්‍රයට අනුව දරුවා දන්න දේ තවදුරටත් ඔහුට කියාදීමේදී කළ යුත්තේ ඔහුගේ නිපුණතාවය වැඩි කිරීමයි. දරුවා සතු දැනුම පාවිච්චි කර යමක්‌ ප්‍රකාශ කිරීමට නිපුණතාවක්‌ ලබාදීම.

අපේ නිපුණතා කීපයක්‌ තියෙනවා.. එකක්‌ තමයි "බස කතා කිරීමේ නිපුණතාවය".... අපේ භාෂාවේ කතා කිරීමේ නිපුණතාවය විශේෂයි. දරුවකුට කියල දෙන්න ඕන තාත්තට කතා කරන හැටි. අම්මට කතා කරන හැටි, හාමුදුරුවන්ට කතා කරන හැටි.. තාත්තා යනවා... හාමුදුරුවෝ යනවා නෙමෙයි. වඩිනවා. හාමුදුරුවෝ කනවා කියන්නේ නැහැ. හාමුදුරුවෝ වළඳනවා.... මෙන්න මේවා අපි දරුවන්ට කතා කිරීමේ නිපුණතාවය ලබාදීමේදී කියා දිය යුතුයි.

ඊළඟට ඔන්න තියෙනවා කතා කරන දේ ලියා තබන නිපුණතාවය. ලිවීමේ නිපුණතාවය. අපේ රටේ කාලාන්තරයක්‌ තිස්‌සේ තිබුණා කතා කරන්න වෙනම නිපුණතාවයක්‌. ලියන්න වෙනමම නිපුණතාවක්‌. මේ දෙකේ වෙනසක්‌ තියෙනවා.

අපි බොහොම පරිස්‌සම් විය යුතුයි.

කතා කිරීමේදී මම යනවා, ඇය යනවා, අපි යනවා, ඔහු යනවා ඔවුහු යනවා කියලා කියනව. මේ යෙදුම් ලේඛනයේදී යොදා ගන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න ඕන. මම යමි, මම යන්නෙමි. අපි යමු. අපි යන්නෙමු. මේ රටාවන් අපි කියල දිය යුතුයි. මෙන්න මේවා පිළිවෙළට අරන් ළමයට කියල දුන්නොත් එයා ඒවා පිළිවෙළට ඉගෙන ගන්නවා. නමුත් අපි මේ රටාවන් උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියල දෙනවා පාසලේදී භාෂාවේ ස්‌වභාවය ගැන. මෙන්න සන්ධි. මෙන්න සමාස, මෙන්න කෘදන්ත. මේ විදියට භාෂාවේ ස්‌වභාවය කියන්න වෙනවා. ඉතින් ළමයට සිංහල භාෂාව එපා වෙනවා. ඇයි දෙයියනේ මේවාද භාෂාව කියන්නේ.

අපි කියල දෙන්න ඕන රටාවන්. භාෂාවේ රටාවන්. උදාහරණයක්‌ වශයෙන් පිරිමි ගැන කියන වචන කොහොමද අපි ගැහැනු භාෂාවෙන් ලියන්නේ. ඒකයි වැදගත් නායකයා - නායිකාව ගායකයා - ගායිකාව - උපදේශකයා - උපදේශිකාව උපාසකයා - උපාසිකාව. ඔන්න ඔය වගේ රටාවන් තියෙනවා. ඒ වෙනුවට අද ගිහින් ගුරුවරිය ළමුන්ගෙන් අහනවා මොනරගේ ගෑනු සතා මොකාද? ඇතාගේ ගෑනු සතා මොකාද කියලා. ළමයි පාඩම් කරනවා. ඇතා - කෙනර. අශ්වයා - වෙළඹ. මොනරා - සෙබඩ. මේ ආදී වශයෙන් යල් පැනපු තොරතුරු කියල දෙනවා. විභාගයටත් මේක අහවි. නිපුණතාවක්‌ දෙන්නේ නැහැ. ළමුන්ට දෙනවා තොරතුරක්‌. භාෂාවේ තියෙන පැරැණි වචන කියල දෙනවා. ඒ වුණාට ළමයට ඒ ඉගන ගන්න දෙයින් ජිවිතේට වැඩක්‌ නැහැ. උගන්නන්නේ යල් පැනපු දේවල්. මොනරාගේ ගෑනු සතා සෙබඩය කියල කවුද අද භාවිතා කරන්නේ. අන්න අපි සෙබඩක්‌ දැක්‌කා කියල කියනවද? හැබැයි ළමයි කියනවා අන්න මොනරා. අන්න ඉන්නවා මොනරි.... කියනවා.

මම මේක කියන්නේ අලුත් කාර් එකක්‌ එලවන්න කියල දෙනවා නම් අලුත් කාර් එකේ ස්‌වභාවය කියල දෙන්න ඕන. පරණ කාර් එකක ගියර් ගැන උගන්නලා කොහොමද අලුත් ඔටෝ ගියර් කාර් එකක ගියර් දාන්නේ.

ඒකයි මම කියන්නේ. අද ළමුන්ට පාඩමේදී සිංහල එපා වෙන්නේ ඒ සඳහා දෙන්න ඕන නිපුණතාව වෙනුවට දැනුමක්‌ පමණක්‌ දෙන එකයි, ඒ අනුව යල් පැනපු එකක්‌ වන නිසයි...... කියලා.

භාෂාව ගංගාවක්‌ වගෙයි. හැම විටම වෙනස්‌ වෙනවා. හෙරක්‌ලීටස්‌ ඒකයි කිව්වේ එකම ගංගාවක්‌ දෙවරක්‌ දකිsන්න කෙනෙකුට බෑ කියලා. බුදු හාමුදුරුවෝ ඊටත් එහා ගිහින් ඕක කිව්වා.

ඉස්‌සර 'ෆ' කියල එකක්‌ තිබුණේ නැහැ. නමුත් අද අපි ෆෑන් කියල කියනවා. ෆේස්‌ බුක්‌ කියනවා. ෆeක්‌ස්‌ කරනවා. ෆෝන් කරනවා. ෆයිල් ගැනත් දැන් කතා කරනවනේ. ඒක නිසා අපිට 'ෆ' අකුර දැන් ඕන. එදා ඕන වුණේ නැහැ. නමුත් දැන් ඕන. ඒ ඒ අවශ්‍යතාවට අනුව භාෂාව වෙනස්‌ වෙනවා. වෙනස්‌ විය යුතුයි. අවුරුදු 800 ක්‌ පරණ සිංහල භාෂාව පාසලේ උගන්නලා කොහොමද නූතන ලෝකයට අවශ්‍ය සිංහල භාෂාවක්‌ හදන්නේ. ඔය අවුරුදු 800 ක්‌ පරණ භාෂාව නමට පාසලේ උගන්වන නිසයි ළමයින්ට සිංහල අමාරු. ඒකයි ප්‍රශ්නය.

ඊළඟට ගමුකෝ අපේ සිංහල හෝඩිය. අපට තියෙනවා හෝඩි ගණනාවක්‌ මිශ්‍ර සිංහල හෝඩිය තියෙනවා. ශුද්ධ සිංහල හෝඩිය කියනවා. කුමාරතුංග මහත්තයාගේ හෝඩියේ අකුරු 54 යි. ඒකට මම එකතු කළා සංඤ්ඤක අකුරු 4 ක්‌. මට ඔය සමහර භාෂාඥයෝ තවම බනිනවා සංඤ්ඤක අකුරු ටික එකට දැම්මා කියලා.

1980 ගණන්වල එදා හිටපු සංස්‌කෘතික ඇමැති විජමු ලොකුබණ්‌ඩාර මහත්තයා අපිට අභියෝගයක්‌ කළා. එක එක්‌කෙනා සිංහල හෝඩිය ගැන එක එක කතා කියනවා. අකුරු ගණනත් එක එක තැන්වල එක එක ගණන්. ඒක නිසා නූතන සිංහලයට අවශ්‍ය වර්ණ මාලාවක්‌ නිශ්චිතව හදන්න කියලා එතුමා රටේ ඉන්න භාෂා උගත්තු ටික එකතු කරල හැදුවා "තන්වංඥ මණ්‌ඩලය' කියලා එකක්‌. ඒකේ මමත් හිටියා. ඒ අනුව අපි අද අපට භාවිතයේ අවශ්‍ය වන වර්ණ මාලාව අරගෙන, මගේ යෝජනාවක්‌ අනුව ඊට 'ෆ' අකුරත් එකතු කරලා සංඤ්ඤක අකුරු 4 ක්‌ එකතු කරලා හැදුවා අකුරු 60 ක සිංහල වර්ණ මාලාවක්‌.

තව තියෙනවා. ඕක ඇතුලේ අපට අවශ්‍ය නොවන අක්‍ෂර. ඒවා ඉවත් කරල අවශ්‍ය අකුරු දාගන්න මම මහන්සි වුණා. නමුත් සමහර දේවල් කරන්න බැරි වුණා. සමහර උගත්තු කියනවා බස වෙනුවෙන් අපි සිටිය යුතුයි කියලා. මම කියන්නේ අපි බස වෙනුවෙන් නොවෙයි, බස අපි වෙනුවෙන් තිබිය යුතුයි කියලා. සපත්තු දෙක කුඩයි කියලා අපි ඇඟිලි කපාගන්න ඕන නෑ. ඇඳ කොටයි කියලා අපි කකුල් කපාගෙන නිදාගන්න ඕන නැහැ. භාෂාව අප පිණිස මිස අපි ඉන්නේ භාෂාව පිණිස නොවෙයි. ඒක මතක තියා ගන්න ඕන.

ඊළඟ කාරණය තමයි අපේ භාෂාවේ තිබෙන ආවේණික ලක්‍ෂණ, අපේ භාෂාවේ තිබෙන සමහර ලක්‍ෂණ ආයෙත් වෙන කිසිම භාෂාවක නෑ. හෝඩිය අතින් ගත්තාම අපට තියෙනවා ප්‍රාණක්‍ෂර දෙකක්‌. 'ඇ', 'ඈ' කියලා. මේ දෙක කිසිම භාෂාවක නෑ. සුද්දට බෑනේ ඇපල් කියලා ලියන්න. ඒ අය ලියන්නේ අපල් කියලයි. අපි ඇපල් කියල බය නැතුව ලියන්නේ අපිට 'ඇ' අක්‍ෂරයක්‌ තිබෙන නිසා. එතකොට සංඤ්ඤක අකුරු 4 ක්‌ තියෙනවා අපිට. ඒව වෙන මොනම හෝඩියකවත් නැහැ. ඒක නිසා මුළු ලෝකයේම භාෂාඥයෝ පිළි අරන් තියෙනවා ලොව තිබෙන නිර්මාණාත්මකම හෝඩි 16 අතර අපේ හෝඩියත් තියෙනවා කියලා. ඒවා උගන්වනවද පාසලේ. නැහැ. උගන්වන්නෙත් කාටවත් වැඩක්‌ නැති දේවල් ටිකක්‌.

මගෙන් ළමයි අහනවා නපුංසක ලිංග කියන්නේ මොකක්‌ද කියලා. පාසල්වල උගන්වනවා. නමුත් එහෙම ලිංගයක්‌ අපේ භාෂාවේ නැහැ. කොහෙදෝ පරණ පොතකින් කවුද අරන් සිංහල භාෂා විෂය නිර්දේශයට ඕක උගන්වනවා. ළමයින්ගේ මොළ අවුල් වෙනවා. නමුත් අපේ භාෂාවේ හරිම විද්‍යාත්මකව තියෙන්නේ ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග විතරයි. ඔය කියන නපුංසක ලිංගයක්‌ තියෙනවා සංස්‌කෘත භාෂාවේ. ඒක අරන් අපේ අය සිංහලට උගන්වනවා. සිංහලයේ නපුංසක ලිsංගයක්‌ නෑ.. සිදත් සඟරාවේත් නෑ.

සකු සත් අනසුරෙන්

ඇතද සදනට ලිඟුබේ

නොපැනේ වහර වෙසෙසක්‌

පුම ඉතිරි ලිඟු දෙක විනා

අපි කියනවා ලිංග දෙකයි සිංහලයේ තියෙන්නේ කියලා සිංහලෙන්. නමුත් පාසල් වල තුනක්‌ උගන්වනවා. ඇයි මේ උගන්වන්නේ. ඉතින් සිංහල භාෂාව ළමයින්ට ලොකු ප්‍රශ්නයක්‌ තමයි.

ඉංග්‍රීසිය වගේ නොවෙයි. අපේ භාෂාවේ ක්‍රියාපද විශේෂයි. එකම ක්‍රියාපදයේ ශබ්දය වෙනස්‌ කරල පුළුවන් අරුත වෙනස්‌ කරන්න. බලන්න.

මම දොර අරිනවා

දොර ඇරෙනවා

එකක්‌ සකර්මකයි. අනික අකර්මකයි.

අම්මා පහන නිවනවා.

පහන නිවෙනවා.

මම දැල අදිනවා. දැල ඇදෙනවා.

මෙතන තියෙනවා "අ"යන්න "ඇ"යන්න කරල පුළුවන් සකර්මක පද අකර්මක කරන්න. සිංහල එහෙම පුළුවන්. මේවා කියල දෙනවද ළමයින්ට?

තව එකක්‌ තියෙනවා... අපේ සිංහලයේ "නිරුත්සාහක ක්‍රියා" කියල. ඒක නැහැ කොහේවත්. අපේ විතරයි තියෙන්නේ.

අම්ම අඬනවා - අම්මට ඇඬෙනවා

මම නිදාගන්නවා - මට නින්ද යනවා

මම හිනාවෙනවා - මට හිනා යනවා.

මේවා කියල දෙනවද පාසලෙන්. නැහැ. කියල දෙන්නේ තවම "කිරෙන් පිසූ බත් - කිරිබත්," කියන ඒවා විතරයි. ඒකත් "සමාස" තමයි. නමුත් සමාස කොච්චර තියෙනවාද අලුතෙන් හැදිච්ච. සිදත් සඟරාවේ සමාස 10 ක්‌ ගැන කියලා තියෙනවා. ඒක විතරයි තවම කට පාඩම් කර කර ගුරුවරු ළමයින්ට කියලා දෙන්නේ. කිරෙන් පිසූ බත් කිරිබත් කිය කිය ඉන්නෙ නැතුව ඇයි බැරි ලියන මේසය, නාන කාමරය, බොන වතුර, බොන ළිඳ වගේ අලුත් දේවල් කියල දෙන්න.... නාන කාමරය කිව්වාම ඒක සමාසයක්‌. ඒක ඇතුලෙ නැටුවත් අපිට කමක්‌ නැහැ. නාන්න භාවිත කරන කාමරය - නාන කාමරය. ඒ වගේ කොච්චර පුළුවන්ද වරනගා ගන්න.... අපි තවම... බමුණන් සඳහා දෙන දන - "බමුණු දන" කිය කියා ඉගෙන ගන්නවා.

"උප සර්ග" කියල අරන් බලන්නකො.. සිදත් සඟරාවේ උපසර්ග පද 20 ක්‌ ගැන කියෑවෙනවා. ඒක නිසා පාසල් ළමුන්ට උගන්වන්නෙ ඔය 20 විතරමයි. උගන්වන්න දැනගෙන ඉන්නත් ඕන. අලුත් දේවල් දැනගන්න ඕන.

මම විතරයි අදත් මේව ගැන කියන්නේ. විශ්වවිද්‍යාලවල වුණත් අද මේවා ගැන කතා කරන කෙනෙක්‌ නැහැ. නමුත් ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා කවුරුත් දන්නවා. පාසල් විෂය මාලාවන් අතර අද පාසල් ළමුන්ට සිංහල අමාරු වෙලා තියෙනව නම් තියෙන්නේ උගන්වන දේවල්වලයි, උගන්වන විදියෙයි තියෙන වැරැද්ද නිසයි. නැත්නම් සිංහල භාෂාවෙ වරදක්‌ නෑ.

සිංහල කියල උගන්වන්නෙ අවුරුදු 700 ක්‌ 800 ක්‌ පරණ සිංහලයක්‌. ඉතින් ළමයින්ට අමාරු නොවී තියෙයිද? මම කියන්නෙ මේවා ගැන අලුතෙන් හිතන්න ඕනෑ. අලුතෙන් හිතල නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස්‌ කරන්න ඕනෑ. එහෙම නැතුව මේ ගැටලු විසඳන්න බෑ.

භාෂාව මේ රටේ සංස්‌කෘතියට අයිති දෙයක්‌. භාෂාව සංස්‌කෘතියෙන් ගලවලා වෙනතකට ගන්න බෑ. භාෂාව උගන්වන්න ඕන සංස්‌කෘතියත් එක්‌ක. එතකොටයි ළමයා භාෂාව ඉගෙන ගන්නේ සංස්‌කෘතිය හරහා. අපි අපේ බාල පරම්පරාවට භාෂාව උගන්වන්න කලින් සංස්‌කෘතිය පවරා දෙන්න ඕනෑ. එහෙම නැතිව මේක කරන්න බෑ.

සාකච්ඡා කළේ

බුලිත ප්‍රදීප් කුමාර


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger