..මේ ඔබ දකින්නේ ,අසන්නේ එදා අවසන් වතාවට ජෝතිපාලයන් ගම් උදාව වේදිකාවේ ගැයූ ගීතයකී..මීට පසුව ඔහු පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය ගයන්නට විය..හදිසියේම ඔහු සිය පපුව අල්ලා ගනිමින් වේදිකාව මත ඇද වැටිණ...මෙම සිදුවීම වන විට මා ස්වාධීන රූපවාහිනී සේවයේ එවකට තිබූ බාහිර පටිගත කිරීමේ වාහනය තුළ කැමරා මෙහෙයවමින් සිටියෙමි ...අප කැමරා තුනක් මගින් මෙම සංගීත සංදර්ශණය සජීවී ලෙසින් රූපගත කරමින් සිටියෙමු ..මෙම හදිසි සිදුවීම අපටද සිහිනයක් බඳුය...වේදිකාව මතම කැමරා කරමින් සිටි ස්වාධීන රූපවාහිනියේ ඉඳ්‍රජිත් වන්නිඅච්චි හට සිය කැමරාව පාලනය කරගැනීමට පවා අමතක විය...එකළ මධුරසාංග බඳු වැඩසටහන් සඳහා අපගේ චිත්‍රාගාරය සඳහා පැමිණෙන ජෝති අප කාගේත් සිත් දිනා ගත් පුද්ගලයෙකී...
වසර 27 ඇවැමෙන් අදටද ඒ මතකය ...මා හට අද ඊයේ වූවාක් සේ මෙනෙහිවේ..
සුමිත් ජයන්ත ඩයස්
වසර 27 ඇවැමෙන් අදටද ඒ මතකය ...මා හට අද ඊයේ වූවාක් සේ මෙනෙහිවේ..
සුමිත් ජයන්ත ඩයස්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ
එච්.ආර්. ජෝතිපාලයන් ජීවත්ව සිටියදීම ඔහුගේ ජීවිත කතාව, පුවත්පතකට ලියන්නට වාසනාව ලද මාධ්‍යවේදියා ඔහුයි.අර්නස්ට් වඩුගේ නම් ඔහු, සිය ජීවිත කතාව ලියා අවසන් කරනු දැකීමට ජෝතිපාලයන් හට නොහැකි වුවත් ජෝතිට ආදරය කළ සුවහසක් රසිකයන් හට දැන් ඒ අවස්ථාව උදා වී තිබේ.
ඒ, වඩුගේ ලියූ ‘අමරණීය ජෝති – 2’ කෘතියෙනි. මේ කතා බහ පෙළ ගැසෙන්නේ මාධ්‍යවේදියකු, මිතුරකු ලෙස ජෝති හා ගත කළ ඔහුගේ අතීත මතකය ඇසුරිනි.
ඇයි ඔබට ජෝතිගෙ ජීවිත කතාව ලියන්න හිතුණේ...
ඒ හේතුවට බොහොම ඉතිහාසයක් තියෙනවා. 1985 අගෝස්තු 1 වැනිදා තමයි ලංකාවේ පළමු සංගීත පුවත්පත බිහිවුණේ. එහි පූර්ණ ගෞරවය හිමි විය යුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතාටයි. ඔහුගේ සංකල්පයක් ලෙස ‘සත්සර’ පුවත්පත බිහිවූ අතර, එහි හිමිකාරිත්වය සහ ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේ ද ඔහු විසින්. ඒ වගේම ‘සත්සර’ හි ආරම්භක විශේෂාංග කර්තෘ වීමේ භාග්‍යය හිමි වූයේ මට.
සංගීත ලොව සියලුම ශිල්පීන්ගේ තොරතුරු පිරිවරා ඇරැඹූ ‘සත්සර’ මංගල කලාපය සමඟම එවකට ජනපි‍්‍රයÀවයේ හිණි පෙත්තේ සිටි ජෝතිපාලයන්ගේ ජීවිත කතාවද කොටස් වශයෙන් පළ කරන්නට අප තීරණය කළා. එය එතරම්ම පාඨක ප්‍රසාදයක් දිනා ගනීවි යැයි එදා බන්දුලවත් මමවත් ජෝතිවත් නිකමට හෝ සිතුවේ නැහැ. ඒ වගේම ජෝතිගෙන්ම ඒ විශේෂාංගය පටන් ගන්න තවත් හේතුවක් තිබුණා.
ඒ මොකක්ද....
ජෝතිත් මමත් සමීප මිතුරන් සේම සමීපතම අසල්වාසින් වීම. එකල අප දෙදෙනා ම පදිංචිව සිටියේ මාලිගාවත්ත මහල් නිවාසවල. මේ කතාව ලිවීමට පුළුවන් හැමදාකම මං ඔහුගේ නිවෙසට ගියා. එදිනෙදා තොරතුරු ඔහු හා කතා කරමින් හිටියා. ඔහුගේ ජීවිතයේ රසමුසුතැන් දුක්බර අහුමුලු හැමකක් මට දැනගන්න ලැබුණේ එවැනි සුහද කතා බහේදී.
’වඩූ මචං! අපේ කතාව අපි ලස්සනට ලියමු. කිසිම දෙයක් සඟවන්නේ නැතිවම ලියමු. එතකොට තමයි චරිත කතාවක උදාරත්වය මතු වන්නේ. කොච්චර අවිවේකි වුණත් මං උඹට වෙලාව දෙන්නම්...’
ඇත්තටම කිව්වොත් මේ ගැන මං තරමටම උනÁදුවක් ජෝතිටත් තිබුණ බව මේ කතාවෙන් තේරෙනවා. වෙනකක් තබා අපේ කතා බහ අතරතුර කිසිදු අමුත්තකු හමුවීමෙන් පවා ඔහු වැළකී හිටියා. ඔහු තොරතුරු හෙළි කළේ, බොහොම උනÁදුවෙන්. ආසාවෙන්. විටෙක හිනැහෙමින්. විටෙක දුක්මුසු ස්වරූපයෙන්.
ඔහු සිටි තත්ත්වය අනුව ඒ දේවල් හෙළි කිරීම තත්ත්වයට එතරම් හොඳ නැති බව ඔහුට තේරුණේ නැතිවද...
මාත් ඔය ප්‍රශ්නෙම ඇහුවා. ජෝතිට තරහා ගියා. ‘ඇයි බං මක් වෙනවද. ඒ මගේ අතීතේ. ඒක වසං කරන එක මගේ රසික රසිකාවියන්ට කරන වංචාවක්. මං විතරක්යැ බං... ලොවේ ශ්‍රේෂ්ඨ නායකයන් පවා මටත් වඩා අනන්තයට දුක් විඳපු අය. උඹ ලියපන්...’ ඔන්න ජෝති දීපු උත්තරේ.
ඔහුගේ ජීවිත කතාව පුවත්පතේ පළවෙද්දී ලබපු ප්‍රතිචාර ගැන ජෝති මොනවද කිව්වෙ...
දිනක් ජෝති අසනීප වෙලා රත්නම්ස් රෝහලේ ඉඳිද්දී මං ඔහුව බලන්න ගියා. ජෝති මගේ අත්දෙක අල්ලා ගත්තා.
’මචං වඩූ! අපි හිතුවටත් වඩා ජීවිත කතාව ජනපි‍්‍රයයි. මේ රත්නම් එකේ ඒක නොකියවපු නර්ස් කෙනෙක් නැහැ. සමහර ඩොක්ටර්ස්ලත් කියවලා. මට හරි සතුටුයි බං. හෙට අනිද්දා ටිකට් කපයි. මං ගෙදර ආපු ගමන් අපි හමුවෙලා ඉතිරි කොටස් ටිකත් ලියමු...’ එදා ජෝති කිව්වෙ සතුටින් ඉපිළෙමින්.
ඒ විතරක් නෙවෙයි, දවසක් ජෝති ඒ ගැන ‘සත්සර’ ප්‍රධාන කර්තෘ බන්දුල පද්මකුමාරයන්ටත් කියල තිබුණා.
’බන්දු! අනේ හරිම ලස්සනයි බන්දු ඔයාගේ පත්තරේ පළවෙන මගේ ජීවිත කතාව. වඩූ මං කියාපු හැම දේම ලස්සනට ගළපල තියෙනවා. මාර විදිහට ඒ කතාව ජනපි‍්‍රයයි බන්දු...’
මේ කතාව මං දැනගත්තෙ මා මිත්‍ර බන්දුලයන්ගෙන්.
ඒත් ඔබට ඒ කතාව වැඩිකල් ලියන්නට ලැබුණේ නැහැ...
ඒ දවස්වල ලැබුණු පාඨක ප්‍රතිචාර අනුව, ජෝති තරම්ම සතුටක් මාත් මේ ලිපි පෙළෙන් වින්ඳා. නමුත් ජෝතිපාලයන්ගේ සත්‍ය ජීවිත කතාව පිළිබඳ අද මගේ හිතේ තිබෙන්නේ බලවත් පසුතැවීමක්. සාංකාවක්. ඒ, මා ආදර මිතුරාගේ සම්පූර්ණ ජීවිත කතාව, එදා මෙන් ඔහු සමඟ කතා බහ කරමින් ලියා අවසන් කිරීමට නොහැකිවීමයි.
’අමරණීය ජෝති’ පළමු ග්‍රන්ථය පුරාම ඇත්තේ ඔහු හෙළිදරව් කළ කරුණු පමණමයි. ඔහුගේ අභිමතය අනුව කියූ ඒ සියල්ල ‘සත්සර’ පත්‍රයේ පළවනු දැකීමයි ඔහුගේ උවමනාව වුණේ. එය එසේම සිදුවුණා. මරණාසන්න මොහොත වන තුරුම ‘සත්සර’ පත්‍රයේ පළවූ සිය කතාව ජෝති නොවරදා කියෙව්වා. ඉන් අතිශය අමන්දානන්දයට පත්වුණා. එය මට නිරාමිස පී‍්‍රතියක්.
ජෝතිපාලයන් හා ඔබ අතර පැවැති මිත්‍රÀවය දෙස ආපසු හැරී බලද්දී ඔබට මොකද හිතෙන්නෙ...
ඔහු මගේ මිත්‍රයා. අසල්වැසියා. උදේ හවස මං වැඩට ගියේ ජෝතිගේ ගේ ළඟින්. ඔළුව දාලා වචනයක් හරි කතා කරලයි මං එතැනින් ගියේ. පුදුමාකාර සුන්දර – මනුස්සකමින් හෙබි මනුෂ්‍යයෙක්. ඇත්තටම කිව්වොත් ජෝති මිය ගියා කිව්වම ඒ කාලෙ මට දැනුණෙ මගේ ජීවිතෙන් බාගයක් කඩා වැටුණා වගේ.
මේ රටේ කිසිදු රාජ්‍ය නායකයකුගේ මළ ගමකටවත් නොආපු සෙනඟක් ජෝතිගෙ මරණෙට ආවා.
ඔහු ගැයූ නිසාම නෙවෙයි, ඔහු තුළ වූ මනුස්සකම් මේ රටේ ජනතාව හඳුනාගත් නිසා. ගමකට ‘ෂෝ’ එකකට ගියත් කටුමැටි ගෙදරකට හරි ගොඩවදින්නෙ කොහොමද අයියේ... අම්මේ... තාත්තේ කියාගෙන. ඒ තරම් මනුස්සකම්වලින් හෙබි සුන්දර මිනිසෙක් මගේ ජීවිතයේ තවම මට මුණ ගැහිලා නැහැ.
Post a Comment