BREAKING NEWS

රටතොට

Wednesday, March 19, 2014

ඉරණවිල භූමියේ දැවැන්ත ගුවන් පථයක් ?


ඇමරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යනු ලබන ඉරණවිල ප‍්‍රදේශයේ අක්කර 400ක පමණ

ප‍්‍රදේශයක් පුරා ඉදිකර ඇති ඇමරිකන් සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයේ දැවැන්ත ගුවන් යානා ධාවන පථයක් ඉදිකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.


වාර්තා වන ආකාරයට වාහන ගමනාගමනය සඳහා යයි සඳහන් කරමින් කිලෝ මීටර් තුනක් දිගට සහ අති විශාල පලලකින් යුතු මෙම මාර්ගය යටට අඩි පහකට වඩා වැඩි  කොන්ක‍්‍රීඞ්  තට්ටුවක්ද දමා තිබේ. සාමාන්‍ය මාර්ගයකට වඩා සුවිශේෂී මෙම මාර්ගය අවශ්‍ය  ඕනෑම විශාල ප‍්‍රමාණයේ ගුවන් යානා පවා ගොඩ බෑ හැකි තත්වයෙන් යුතු බව දැනගන්නට ඇත.

ලංකාවේ ආරක්‍ෂක අංශවලට පවා ඇතුළු විය නොහැකි ලෙස තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යන මෙම ස්ථානයේ ප‍්‍රධානීන් ලෙස ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් කටයුතු කරයි. කෙටි තරංග විසුරුවා හැරීම සඳහා භාවිතා කරන්නේ යයි පැවසුනද ඉන් එහා ගිය ක‍්‍රියාවලියක් මෙමගින් සිදු වන බවට කලාපීය බලවත් රටවල් අවස්ථා කිහිපයකදීම රජයේ බලධාරීන් දැනුවත් කර තිබින.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger