BREAKING NEWS

රටතොට

Wednesday, March 19, 2014

සරත් ෆොන්සේකා ජනාධිපති නොවුණේ රටේ වාසනාවට

සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය පැරදුනේ රටේ වාසනායට යයි ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා පවසා තිබේ.

ඇය මේ බව පවසා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හිටපු සහකාර ලේකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ පෙරමුණේ හිටපු ජාතික සංවිධායක මාලා විජේතිලක මහත්මිය සමගය.

පසුගියදා එම පක්‍ෂය හැරදා සන්ධානයට එක් වූ ඇය ඒ සම්බන්ධයෙන් මෙසේ හෙළි කළාය.

රූපවාහිනියේ කතා කරන ෆොන්සේකා නොවෙයි ඔහු අමුතුම චරිතයක්. මම එම පක්ෂයට විශාල කැපවීමක් කළා. එහෙත් මට කළේම කෙණෙහිලිකම්.
ෆොන්සේකා ජනාධිපතිතුමාට බනිනවා සහෝදර සමාගමක් හැදුවා කියලා. ඔහු ගාව ඉන්නේ බිරියගේ සහෝදරියන්ගේ සමාගම. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාලයේ කාර්ය මණ්ඩලයට ගත්තේ පවුලේ අය පමණයි. අනෝමා මගේ ඥාති සොහොයුරියක්. ඇයටත් අතීතය අමතකයි. ෆොන්සේකාගෙන් ප‍්‍රවේශම් වෙලා ඉන්න කියලා මට හුග දෙනෙක් කිව්වා.

අන්තිමට අනෝමත් මට කිව්වා අක්කේ ඔයා එයාගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ කියලා. රටේ වාසනාවට තමයි ජනාධිපතිවරණය මොහු ජය ගත්තේ නැත්තේ’

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger