රැඳවුම් නිවාසයකින් පැන ආ බව කියන බාල වයස්කාර ගැබිණියන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(17)රාත්‍රීයේ කල්පිටිය - නාරක්කල්ලිය ප්‍රදේශයේ බස් නැවතුම් පලක රැදී සිටින විට කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් මෙම දරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව දැනගැනීමට ලැබුණි.
අත්අඩංගුවට ගෙන ඇති එක් දැරිවියක පුත්තලම, කල්අඩිය - මදුරගම පදිංචි වයස අවුරුදු 16 ක තැනැත්තියකි.
අනෙක් දැරිවිය උඩුගම - මොරගහයාය පදිංචිකාරියක වන අතර ඇයට වයස අවුරුදු 14 කි. තමන් දෙදෙනාම තෙමස් ගැබිණියක් බව අත්අඩංගුවට ගෙන ඇති දැරියන් පොලීසියට පවසා ඇත.
තම පෙම්වතුන් සමග අඹු - සැමියන් ලෙස ජීවත් වීම නිසා මෙම දැරියන් දෙදෙනා ගැබිණියන් බවට පත්වී ඇති අතර ඔවුන් දෙදෙනා අධිකරණ නියෝග මත මොරටුවේ පිහිටි ළමා මව්වරුන්ගේ මධ්‍යස්ථානයේ රඳවා සිට තිබේ.එම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ සර්වෝදය ස්වෙච්ඡා සංවිධානය විසිනි.ඔවුන් රැඳී සිටි රැදවුම් මධ්‍යස්ථානයෙන් පලා ඒමට නිශ්චිත හේතුවක් දැරියන් දෙදෙනා මෙතෙක් පොලීසියට පවසා නැත.නමුත් තම පෙම්වතුන් සමග නැවත පලා යාමේ අදහසින් පැමිණෙන්නට ඇති බව විශ්වාස කළ හැකි යැයි කල්පිටිය පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති දැරියන් දෙදෙනා නැවත පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment