BREAKING NEWS

රටතොට

Sunday, February 2, 2014

සමලිංගිකත්වය බුදු දහමටත් එකඟයි...මෝංගල් කියයි..

බුදුදහමින් පවා පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති ලිංගික ලැදියාවන් පිළිගන්නා බවත් ආණ්ඩුව තමන්ගේ බලය රඳවා ගන්න ෆැසිට්වාදී උවමනාවන් ඉදිරියට ගෙනයන්න එය පාවිච්චි කරමින් ඉන්නේ යයි එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නායකත්ව මණ්ඩල සාමාජික සහ මාධ්‍ය ප‍්‍රධානී මංගල සමරවීර පවසයි.

තමන් ඉලක්ක කරමින් පසුගිය දින කිහිපයේ සිටම එල්ල කරමින් සිටින සමලිංගික චෝදනා සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් හා අදහස් පලකරමින්  මෙසේද කියයි.
මාත් එක්ක තියෙන පුද්ගලික හෝ දේශපාලන තරහට වික්ටෝරියා රැජිනගේ කාලයේ නීතියක් ආයුධයක් කරගෙන තිබෙනවා. අද මුළු ලෝකයම වැඩිහිටියන් දෙදෙනෙකු අතරේ තියෙන සම්බන්ධතාවයන් පිළිබඳ නීතිරීති පිලිගන්න යුගයක අපි උගන්නඩාව හා නයිජීරියාව යන පාරේ යන්න සූදානම් වෙනවා.
හැමදාම අධිරාජ්‍යවාදීන්ට  එරෙහිව පපුවට ගහන පුද්ගලයා අද ක‍්‍රියාක්මක කරන්න හදන්නේ චාල්ස් කුමාරයාගේ මී අත්තගේ කාලයේ මානසිකත්වය. ඒ රටවල් පවා ඒ තත්වය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඉදිරියට ගිහින් තියෙන මොහොතක අපි ඒවාට යටවෙලා.
අපි දන්න බෞද්ධාගම කියන්නේ ඉතාම සුන්දර, නිහතමානී, නිදහස්, අනුන්ගෙ නිදහස ගරු කරන, අවිහිසාව මුල්කර ගත්ත එකම ආගම. නමුත් තමන්ගේ ආණ්ඩුව බලයේ රඳවගන්න, ෆැසිට්වාදී වුවමනාවන් ඉදිරියට ගෙනයන්න ඒක පාවිච්චි කරනවා.
ලිංගික ලැදියාවන්, ආගම, ජාතිය, යනාදී මේ හැම එකක්ම අද දේශපාලන දඩමීමුන් කරගෙන  ඕනෑම පහත් මට්මකට වැටෙන්න ආණ්ඩුව සූදානම්’

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger