ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් සභාවට ඉල්ලන ගීත කුමාරසිංහ ද මේවනවිට සිය සමාජ සේවා කටයුතු ආරම්භකොට ඇත. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ පැවැත්වෙන සෑම මළගෙයක් පාසා යෑමට ඇය පටන්ගෙන තිබේ.
මේ අනුව ඇය පසුගියදා ගාල්ල වදුරඔ ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට හදිසියේම සහභාගී වී තිබේ. සිය මෝටර් රථයෙන් බැසගත් ගීතා මළගෙදරට පැමිණ ඇත්තේ දෝතින්ම සාරිය අල්ලාගෙනය.
මළගෙදර ඇතුලට යාමට පෙර එහි සිටි දන්නා හඳුනන මාධ්‍යවේදියෙක් දැක ඔහුට ලංවූ ගීතා
"අනේ මල්ලි මාගේ සාරිය ගැලවිලා. ඒක ඇඳ ගන්න කාමරයක් හොයා ගන්න පුළුවන්ද? මට විනාඩි දෙකක් තිබුණොත් ඇති".
මාධ්‍යවේදීයා ද ගිතාගේ අසරණ කම දැක මළගෙදර නිවැසියන්ට පවසා ඇයට කාමරයක් සකස් කර දී තිබේ. ටික වේලාවකින් නැවත සාරියද ඇඳගත් ගීතා මලගෙදර සංවිධායකවරයාට කතා කොට තමාට ද කතාවක් පැවැත්වීමට අවශ්‍ය බව පවසා තිබේ.
නමුත් ඔහු පවසා ඇත්තේ කතාවක් ලබා දීමට එම අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි. සටන් අත්නොහළ ගීතා කෙසේ හෝ අවසාන මොහොතේ වෙනත් කෙනෙකු හරහා කතාවක් ලබා ගෙන ඇත.
කතාව පටන්ගෙන ගීතා දෙවනවරට අපහසුතාවයට පත්ව ඇත්තේ මියගිය කෙනාගේ නම වැරදියට කීම හේතුවෙනි. සභාවේ ඇතිවූ නොසන්සුන්තාවයත් සමඟ ගීතා වහා එම මළගෙදරින් ඉවත්ව ගොස් ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment