රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැවිලි සමාගමකට අයත් බිම් කොටස් 250 ක් අලෙවි කිරීමට ඇති බව කියමින් දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය නිලධාරිනියක් එම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහාය ද ඇතිව මේ වන විට රුපියල් කෝටි 13 කට අධික මුදලක් අයථා ලෙස උපයාගෙන ඇතැයි වාර්තා වේ.
පර්චස් 15 බැගින් වූ බිම් කොටසක් රුපියල් 5,30,000 ක මුදලකට අලෙවි කරන බව කියමින් මෙම රාජ්‍ය නිලධාරිනිය ගැනුම්කරුවන්ගෙන් සිය බැංකු ගිණුමට මුදල් බැර කරවාගෙන ඇත. එම වැවිලි සමාගමට සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත්, එවැනි මුදලකට ඉඩම් තක්‌සේරු කරන ලද්දේ කුමන පදනමකින් දැයි නොදන්නා බවත් සමාගමේ නිලධාරියෙක් පැවසීය. මේ වන විටත් අදාළ මුදල රාජ්‍ය නිලධාරිනිය විසින් බැංකු ගිණුමෙන් ලබාගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment