BREAKING NEWS

රටතොට

Tuesday, December 31, 2013

177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ තැනැත්තෙක්

තම සහෝදර සහොදරියන් ඥාතින් ඇතුළු 177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෙක් හමුවිය.

ඔහුට අයත් සුවිසල් නිවසේ පෑවති උපන්දින සාදයකදි ව්‍යාපාරික එසෑණ සමග මෙසේ සාකච්ඡා කළේය.
ඇත්තෙන්ම මෙතන ලොකු පිරිසක් සිටියත් මම පිටින් ආරාධනා කලේ ඔබ ඈතුළු පස් හය දෙනෙකුට විතරයි. මේ ඔක්කොම මගේ සහොදර සහෝදරියෝ හා නෑයෝය.
මමයි මේ අය ඉතාලියට ගෙනාවේ. 177 දෙනෙක් මේ වනවිට ඉතාලියට ගෙනත් තියෙනවා. හෑබෑයි ඒ ඔක්කොම විසා වලට ගෙනාවේ.
තව 10 දෙනෙකුට වීසා ඉල්ලා තියෙනවා. මම මේ අයව ඉතාලියට ගෙනාවා කියලා යුරෝ එකක් අරගෙන නැහැ. ගොඩක් අයට එන්න ගුවන් ටිකට්පත් දුන්නෙත් මම. ආපු හෑමොටම රැකියාවක් ඉන්නතැනක් වාහනයක් ඔන නම් වාහානයක් ගන්නත් මම උදව් කලා.
සියයක් විතර වෑඩ කරන්නේ මගේ ව්‍යාපාරවල. මගේ අම්මටයි තාත්තටයි සලකපු අල්ලපු ගෙදර ලමයිත් මම ඉතාලියට ගෙනාවා. ඔබ හිතන්න මේ එක්කෙනෙක්ගෙන් මම රුපියල් ලක්ෂ 10ක් ගත්තා නම් මේ වන විට මගේ බෑංකු පොතේ රුපියල් කෝටි 18 ක් විතර පිරිලා.
නමුත් ඒ සල්ලි වලට ගන්න බෑරි සතුටකින් මගේ හිත පිරිලා තියෙන්නේ. ඔබ මේ අය දිහා හොදට බලන්න. ඒ ඔක්කෝම මට ගරු කරනවා. මම අද කිව්වොත් අපි ඔක්කෝම මේ හෑම දෙම දාලා ලංකාවට යං කියලා මේ අය මාත් එක්ක එනවා.
මහවදී අතපය හතර විතරක් අරගෙන ඉතාලියට ආපු මම මේ තරම් ගමනක් ආවේ ගිය ආත්මේ කරපු කුසල් හින්දා වෙන්න ඈති. ඒ නිසා මේ ආත්මෙත් මම උපරිම සාදාරනව ජිවත් වෙනවා. ව්‍යාපාරිකයා එසේ කියයි.
ඔබ කිව්වා වගේ මුදලට සහෝදරයා ඉතාලියට ගෙනත් නියමිත මුදල් නිසි ආකාරයෙන් නොලැබුණ විට සහොදරකම් අතහැර දාන සහෝදරයොනුත් මේ සමාජයේ ඉන්නවා. නමුත් මම ඔබෙන් ඉල්ලිමක් කරන්නම් මගේ නම නොලියා ඔබේ ලිපිය ලියන්න පුළුවන්නම් වඩාත් හොදයි. මේ බිත්තිවල තියෙන ඡායාරුප දිහා බලන්න. මම රට වෙනුවෙන් කරපු දෙවල් මෙතන තියෙනවා. ඒ හෑම දෙයක්ම මම නිහඩව කලේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. ඔහු එසේ කියයි.


 එසැණ ඇසුරෙන්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger