BREAKING NEWS

රටතොට

Friday, February 13, 2015

පුළුවන්නම් රටපුරා සිටින දුගී දුප්පතුන් නගා සිටුවීමේ අවංක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමු...!!!

අද ද  යහපාලනේ  යැයි දෙකොණ විළක්කු දල්වමින් ප්‍රෝඩාව  වගුරද්දී....මහා පරිමාණ දේශපාළුවන් ඒ මේ අතට පනිමින්  බලය  නැවත අතට ගනිද්දී....රට පුරා ජනතාව රැවටීමට වංචා සොයද්දී  ....මෙසේ  රවටාලන ,රැවටෙන දුගී දුප්පතුන් රට පුරාය.බොරුවට කොත්තමල්ලි ඇට මිළ අඩු කරමින් බොරුවෙන් අහිංසක ජනතාව රවටනු වෙනුවට  පුළුවන්නම්  රටපුරා සිටින දුගී දුප්පතුන් නගා සිටුවීමේ අවංක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමු.
බඩේ බත් ඇටයක් නොමැතිව කුස ගිණි ඉවසාලිය නොහැකිව සියදිවි හානි කරගත් පිරිස කෙතරම්ද...!!! 

අපට පහත සඳහන් අහිංසකයන්ගේ තොරතුරු ලැබී  තිබුණා .මිනිසුනී  අපට හැකි පමණින් මොවුනට උදව් කරමු.
ගලේවෙල හිනුක්ගල පදිංචි මාපිය යුවලක් තම කුඩා දරුවන් හත් දෙනා ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ලබාගෙන අන්ත දුකක් විදිනු ලබයි .එම්. ආර් .වසන්ත කුමාර (32) මහතා සහ බිරිද රේණුකා රාජපක්ෂ (32) යුවල දරුවන් ජිවත්කරවිම සදහා කුලීවැඩ කරති ....

දුලක්ෂ 15,ලක්ෂිත 13,ධනංජය 10,නෙත්මි 8,නෙහාරා 06, දෙනෙත් 3,විෂම මාස 2, දරුවන් හත් දෙනයි ,දරුවන්ට පාසල් උපකරණ, ඇදුම් ,ප්‍රමාණවත් නැත.මෙම අයකියා සිටින්නේ තමන්ට දරුවන් වැඩි නැතිබවත් කුමන හෝ දුකක් විද දරුවන් ජිවත් කරවන බවය , ඔබට හැකි පමණින් ඔවුන්ට සහනයක් වෙන්න.
ඔවුන්ගේ ලිපිනය
 එම් පි එස් වත්ත ,
හිනුක්ගල දේවහුව ,
දුරකථනය 0775232984
බැංකු ගිණුම ලංකා බැංකුව ගලේවෙල ශාඛාව
රේණුකා රාජපක්ෂ , ගිණුම් අංකය 75186105,
ස්තුතිය - මාධ්‍යවේදී කාංචන කුමාර

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger