BREAKING NEWS

රටතොට

Friday, December 27, 2013

යළි එතනෝල් ලීටර් 16,000 ක්‌ ගෙන්වූ වගයි...

මැලේසියාවේ ක්‌ලාන්ග් වරායේ සිට මෙරටට මෙම එතනෝල් තොගය ගෙන්වා තිබුණේ බොරැල්ල ප්‍රදේශයේ සමාගමක නමට බවත් ලීටර් 200 එතනෝල් බැරල් 80ක පමණ තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.


ගෘහ උපකරණ සෑදීමේ දැව වර්ගයක්‌ (MDF) ආනයනය කරන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉ රිපත් කර මැලේසියාවේ සිට මෙරටට ගෙන්වා තිබූ රුපියල් ලක්‍ෂ 32ක්‌ පමණ වටිනා එතනෝල් ලීටර 16,000ක්‌ රේගුව විසින් (27දා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්‍ෂණ අංශය විසින් අත්අඩංගුවට ගත් මෙම එතනෝල් තොගයෙන් රජයට අහිමි කළ බදු ප්‍රමාණය රුපියල් 96,00000ක්‌ පමණ වේ.
(MDF)  බෝඩ් ගෙන්වන බවට මොවුන් විසින් ඉ රිපත් කර තිබූ ව්‍යාජ තොරතුරුවලට රේගුවට ලක්‍ෂ 2ක පමණ බදු මුදලක්‌ ගෙවා තිබූ බවත් ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. මහතාගේ උපදෙස්‌ මහතා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී. නිකලස්‌, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සිරිපාල එ රිමාන්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන පරාක්‍රම බස්‌නායක, වසන්ත රන්දෙණිය, එස්‌. කේ. කේ. ටික්‌සන්, ජී. බී. ඥානරා-, ෙ-. ඒ. එස්‌. ජයකොඩි, සහකාර රේගු අධිකාරීවරුන් වන ටී. එම්. තෙන්නකෝන්, වයි. එච්. කහටගහවත්ත, විපුල ප්‍රනාන්දු, කේ. ඒ. වික්‍රමනායක, ආර්. සී. ප්‍රනාන්දු, වයි. එම්. එස්‌. කුමාර, එස්‌. එම්. එම්. කේ. සිරිවර්ධන යන නිලධාරීන් විසින් මෙම එතනෝල් තොගය අත්අඩංගුවට ගන්නා ලදී.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger