- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, December 27, 2013
අවවාද කළ තාත්තාට පොල්ලකින් ගසා මරයි...
පුතෙකු විසින් ඔහුගේ 65 හැවිරිදි මවට පහර දෙනවා දුටු පියකු එසේ නොකරන ලෙස ඉල්ලා සිටිවිට කෝපයට පත්ව පියාට හිසට පහරදී මරා දැමූ එම සැකකාර පුත්‍රයා ලබන මස 8 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස් (27 වැනිදා) නියෝග කළේය.
මවට පහර නොදෙන්නැයි
පුතාට අවවාද කළ තාත්තාට පොල්ලකින් ගසා මරයි
මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත වූයේ අසංක ලක්‌මාල් ධර්මදාස නමැති 35 හැවිරිදි අයෙකි.
තම පුතුගෙන් පහර කෑමට ලක්‌ව මිය ගොස් ඇත්තේ ගම්පොල මරියවත්ත ප්‍රදේශයේ පදිංචි බෝවතුරේ සරස්‌වතීගේ ධර්මදාස නමැති හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙකි.
මොහු විශ්‍රාමික ලංගම සේවකයකු වන අතර සිය බිරිඳ හා මෙම පුතු සමඟ ජීවත්ව සිටියදී මෙම ඉරණමට මුහුණ පා ඇත.
මෙම සැකකාර පුත්‍රයාද ගම්පොල ඩිපෝවේ සේවය කරන අතර එය සිය පියාගෙන් පසු ඔහුට ලැබුණු රැකියාව බව ද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
අවිවාහක මෙම සැකකරු සිය මවගෙන් පුවක් කපන ගිරය ඉල්ලා එය දීමට ප්‍රමාදවීම නිසා ඇගේ කම්මුලට පහරදී තිබේ. එය දුටු මෙම පියා එසේ නොකරන ලෙස ඉල්ලීම නිසා මෙසේ පියාගේ හිසට පහරදී තිබිණි.
ඉන් අසාධ්‍ය තත්ත්වයට පත් පියා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කොට යවා තිබියදී මියගොස් තිබිණි.
මහනුවර අතිරේක මහෙස්‌ත්‍රාත් රිතින් විඡේසේකර මහතාගේ උපදෙස් මත මහින්ද ලියනගේ මහතා මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර ගම්පොල වැඩබලන මහෙස්‌ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා සිද්ධිය වූ ස්‌ථානය පරීක්‍ෂා කරනු ලැබීය.
පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී සිව සුබ්‍රමනියම් මහතා මොට ආයුධයකින් පහරදීම නිසා කුඩා මොළයට හානි වීමෙන් මෙම මරණය සිදුව ඇති බව වාර්තාකොට තිබිණි.
ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස. පො. අ. චූලනී වීරරත්න, ගම්පොල මූලස්‌ථාන පොලිස් ස්‌ථානාධිපති චන්දා ජයවීර, අපරාධ අංශ ස්‌ථානාධිපති ටී. ආර්. තල්වත්ත, යන නිලධාරීන්ගේ උපදෙස් මත උ. පො. ප. සුමනවීර, පො. කො. 21617 නිමල්, පො.කො. 32477 දසනායක, පො. කො. 15419 සිංහපාල, පො. කො. 21595 දසනායක යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.
සුරංග දිල්හාන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment