BREAKING NEWS

රටතොට

Friday, December 27, 2013

කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්‍රැම් 75,000 විනාශ කරයි...


එතෆෝන් (Ethephon ) නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කර ඉදවනු ලැබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් පළතුරු කිලෝග්‍රැම් 75,000 කට අධික ප්‍රමාණයක්‌ පිටකොටුව මැනිං වෙළෙඳපොළේ අලෙවියට තබා තිබියදී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය  (27 වැනිදා) සිදුකළ වැටලීමකදී හැකිවී තිබේ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත මෙම වැටලීම සිදුකරන ලදී. මෙම එතෆෝන් රසායනික ද්‍රව්‍යය කිසිදු ලෙසකින් කෙළින්ම පළතුරුවලට ඉසීම නුසුදුසු බව එම රසායනිකය අඩංගු පැකට්‌ටුවල සඳහන් කර තිබුණත් මැනිං වෙළෙඳපොළෙන් සොයාගත් මෙම පළතුරු සඳහා එතෆෝන් කෙලින්ම ඉසිනු ලැබ ඇත. එතෆෝන් රසායනිකය භාවිත කරන්නේ නම් ඉන් මිලිලීටර් 1 ක්‌ ජලය මිලිලීටර් 1 ක මිශ්‍රකර තවත් හුණු ග්‍රැම් 100 ක්‌ ජලය මිලිලීටර් 1 ක්‌ සමඟÊමිශ්‍රකර මෙම ද්‍රdවණ දෙකම එකට කලවම්කර වායු හුවමාරු නොවන බඳුනක බහා පලතුරු ඉදවිය යුතුය. එම රසායනිකය සෘජුව පළතුරුවලට ඉසීම සෞඛ්‍යට ඉතා අහිතකරය. මෙම පලතුරු තොගය විනාශ කිරීමට තීරණය කළ අතර ඉ රියේදී අදාළ වෙළෙඳසල් හිමියන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger