“ “ඉනියවන්” දෙමළ අය හිතන්නේ නැහැ දෙමළ චිත්‍රපටයක් කියලා සිංහල අය හිතන්නේ ඒක දෙමළ චිත්‍රපටයක් කියලා .මේකට කැමති අය ගොඩක් හොඳ කියනවා , අකමැති අය බොහොම අකමැතියි.” සිය සිනමා නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් චිත්‍රපට අධ්‍යක්ෂක අසෝක හඳගම පසුගිය(12 ) දා පැරිසියේදී පැවසිය .
සටහන ; අතුල විතානගේ
ඒ ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන “ඉනිවන්” පැරිසියේ “ ලා ස්ලෙෆ්” සිනමාහලේදී ප්‍රදර්ශනයෙන් අනතුරුව අදහස් දක්වමින් . මෙහි එක්ව සිටි බහුතරය ප්‍රංශ සිනමා ප්‍රේක්ෂකයන්ය . දකුණු ආසියාව පිලිබඳ විශේෂයෙන් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් විශේෂ දැනුවත්භාවයක් ඇති එරික් මේයර් ආචාර්යවරයා මුලික අදහස් දැක්වීමක් කරනු ලැබිණි .
ප්‍රේක්ෂකයන් මතු කරනු ලැබූ ප්‍රශ්නවලට සිය අදහස් දැක්වූ අශෝක හඳගම “ කොහොම නමුත් මෙම සිනමා නිර්මාණය මුල් කරගනිමින් විවාදයක් ඇති වූ බව පැවසිය . වේදිකා නාට්‍ය වලින් ඇරඹි සිය නිර්මාණ කාර්ය රුපවාහිනිය ඔස්සේ සිනමාවට පිවිසුනු බවත් , එහිදී ලබාගත් අත්දැකීම් සිය නිර්මාණයන් තුලින් දැකගන්නට හැකි බවද හඳගම පෙන්වාදුනි .
“ මගේ සිනමා නිර්මාණයන්ට පාදක වෙන්නේ මගේ රටේ පවතින සමාජ ගැටළු .යුධ ගැටුම් නිම වූ පසු මට අවශ්‍ය වුණා වෙනත් විදිහකින් ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්න .ඉතින් “ඉනියවන්” හැම දෙයක්ම පෙන්න නැති වුනාට වත්මන් තත්වයේ හැම දෙයක්ම එහි තියෙනවා .”
“ මේ සිනමා කෘතියට දායක වූවන්ගෙන් බහුතරයක්ම පළමු වතාවට සිනමා කැමරාවක් ඉදිරියේ පෙනීසිටි අය .ජනප්‍රිය නළු නිලියෝ නෙමේ . එසේ රංගන වෘත්තීයභාවයක් නොමැති අයව රංගනයට යොදාගෙන මට හොඳ අත්දැකීම් තියෙනවා .නමුත් මෙතැනදී මම දෙමළ දන්නේ නැහැ . නමුත් දෙමළ, සිංහල වචන උච්චාරණයේදී මට පෙන්නේ නැහැ විශාල වෙනසක් කොහොම නමුත් මම මගේ කාර්ය සාර්ථක කරගන්න භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගත්තා .”
“පසුගියදා පැවති සිනමා සම්මාන උළෙලේදී මේ නවකයෝ හොඳම නළුවා , නිළිය , හොදම සහාය නළුවා , නිළිය සම්මාන හිමි කර ගත්තා . “
ප්‍රංශයේ අමිඑන් නගරයේ පැවති 33 වෙනි අමිඑන් ජාත්‍යන්තර සිනමා උළෙලට අශෝක හඳගම මෙන්ම “ඉනියවන්” හි කැමරාව මෙහෙයවූ චන්න දේශප්‍රියද එක්විය . එය නොවැම්බර් 8-16 දක්වා පැවැත්විණි . මෙම ජාත්‍යන්තර සිනමා උළෙලේදී හඳගමගේ සිනමා නිර්මාණයන් වන ‘ ච්න්ද කින්නරී” , සඳ දඩයම, මේ මගේ සඳයි , තනි තටුවෙන් පියාඹන්න” , අක්ෂරය , විදු , සහ ඉනියවන් ප්‍රදර්ශණය කෙරිණි. මෙහිදී “චන්ද කින්නරී” සිනමා පටය වෙත වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිණි.
සටහන ; අතුල විතානගේ
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment