ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව සාදාගත් "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන උද්ඝෝෂණයක් 23-12-2014 දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ මොහොතේ ඊට තම සහයෝගය පළකරමින් රතිඥ්ඥා පත්තුකළ එජාප හිටපු බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමිල රණසිංහට බේරුවලදී මෝටර් රියකින් පැමිණ වෙඩිතබා පලායමින් ආරම්භ කල දේශපාලන මැර ක්‍රියා මේ වනවිට කොතරම් උග්‍ර ලෙස සිදුවන්නේද යත් දිනපතා අසන්නට දකින්නට ලැබන දෙයින් පැහැදිලිවේ. එය අදදින වනවිට මහදවාලේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ වේදිකා ගිනිතබන තත්වයට පත්ව ඇත.
ඊට විරෝධතාවය දක්වමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික සියළුම දේශපාලන පක්ෂ සහ වෙනත් සංගම් එකතුව සාදාගත් "සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලාංකික එකමුතුව" මගින් ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක්, රාජ්‍ය දේපළ මැතිවරණයට භාවිතා නොකරනු, නීතිය, සාමය සහ සාධාරණයෙන් යුතු මැතිවරණයක් පවත්වනු යනුවෙන් රජයට බලකරන මහා උද්ඝෝෂණයක් 23-12-2014 දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙය හුදෙක්ම සියලු අවස්ථාවන්හි රටවෙනුවෙන් පෙනීසිටි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ හඬක් මිස කිසිම ආකාරයකින් රටට ජාත්‍යන්තරව අගෞරවයක් වන ලෙස පවත්වන ක්‍රියාකාරකමක් නොවන බව එහි සංවිධායක කමිටුව අවධාරණයෙන් කියා සිටී. මේ උද්ඝෝෂණයට නිසි පිළිතුරක් නොලැබුණහොත් ඉදිරියේදී යුරෝපයේ වෙනත් රටවලද මෙවැනිම උද්ඝෝෂණ පවත්වන බව එහි සංවිධායකවරුන් තවදුරටත් කියා සිටී...
Post a Comment