BREAKING NEWS

රටතොට

Monday, December 15, 2014

මෛත්‍රීට සහයෝගය දක්වන පැරිසියේ පක්ෂ ශාඛා සහ ස්වාධීන පුද්ගලයින්ගේ රැස්වීම ගැන...

එළඹෙන ජානාධිපතිවරණයේදි ශ්‍රී ලංකාවේ අද පවතින ඒකාධිපති පාලනය වෙනුවට යහපාලනය ස්ථාපිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට සහය දිමේ අරමුණින් 2014.12.14  දින පැරිස් නගරයේදි  එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය විසින් ලාංකිකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් සංවිධානය කළේය.


පැරිසියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ,ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ සභාපති ක්‍රිස්ටි (ඩේමියන්) පීරිස්, ලේකම් වසන්ත ලොකුපතිරගේ, ප්‍රධාන සංවිධායක රත්නසිරි කොඩිතුවක්කු, උප සභාපති ලාල් රාජපක්ෂ, උප ලේකම් වසන්ත කන්නන්ගර, උප භාණ්ඩාගාරික නිශාන්ත ප්‍රනාන්දු සහ සම්පත් වර්ණකුලසූරිය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ නිළධාරි මණ්ඩලයේ සියළු දෙනාම විවෘත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔවුන් ඇතුළු සියලු සාමාජිකයින්ගේ පූර්ණ සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට දැක්විමට ඉදිරිපත් වු බැව්  එම්.අජිත් පෙරේරා අපට ලිපියකින් තොරතුරු දන්වා ඇත..මේ පුවත හා සබැඳි තොරතුරු සහ ඡායාරූප...

මෙහි සුවිශේෂිතම අවස්ථාව වුයේ පැරිසියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ,ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ සභාපති ක්‍රිස්ටි (ඩේමියන්) පීරිස්, ලේකම් වසන්ත ලොකුපතිරගේ, ප්‍රධාන සංවිධායක රත්නසිරි කොඩිතුවක්කු, උම සභාපති ලාල් රාජපක්ෂ, උප ලේකම් වසන්ත කන්නන්ගර, උප භාණ්ඩාගාරික නිශාන්ත ප්‍රනාන්දු සහ සම්පත් වර්ණකුලසූරිය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ නිළධාරි මණ්ඩලයේ සියළු දෙනාම විවෘත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔවුන් ඇතුළු සියලු සාමාජිකයින්ගේ පූර්ණ සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට දැක්විමට ඉදිරිපත්විමය. රැස්වීම ආරම්භයේදීම විශේෂ ප්‍රකාශ දෙකක් සභාපති පීරිස් සහ ලේකම් ලොකුපතිරගේ  විසින් සභාවට ප්‍රකාශයට පත්කොට ඔවුන්ගේ මේ තීරණයට හේතුව විස්තරාත්මකව ඉදිරිපත් කළේය.

තවද මෙම අවස්ථාවට ජාතික හෙල උරුමය ප්‍රංශ ශාඛාව, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ  ප්‍රංශ ශාඛාව  හා අනෙකුත් සිවිල් සන්විධාන වල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් සමග තවත්  පිරිසක් සහභාගි විය.

මෙම රැස්විම එක්සත් ජාතික පක්ෂයේ පැරිස් සංවිධානයේ සභාපති අජන්ත කල්දේරා විසින් මුලසුන දැරු අතර එහිදි ශ්‍රිලංකා නිදහස් පක්ෂ පැරිස් ශාඛාවේ සභාපති ක්‍රිස්ටි (ඩේමියන්) පීරිස්, ලේකම් වසන්ත ලොකුපතිරගේ, ජාතික හෙල උරුම ප්‍රංශ ශඛාවේ සභාපති සුනිල් හෙට්ටිආරච්චි, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ ප්‍රංශ ශාඛාවේ සභාපති නිහාල් මැණික්බෝව, එක්සත් ජාතික පැරිස් සංවිධානයේ අනුශාසක අජිත් රණසිංහ, ස්වාධින පුද්ගලයන් වෙනුවෙන් පුෂ්පසිරි අල්විස්  මෛත්‍රි පාලනයක් වෙනුවේන් අදහස් දක්වන ලදි.







 






මෙහිදී පැමිණි සිටි අයගෙන්ද සංවාදශීලී අදහස් පලවූ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනමෙන් රජයට බලකිරීමේ ක්‍රමවේදයකට අවතීර්ණ වීමට තීරණය විය. නැවතත් ජනාධිපතිවරණයට පෙර රැස්වී ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති උල්ලංඝනය වන්නේනම් යුරෝපයේ සෙසු  රටවල මෛත්‍රී පාලනයට සහයෝගය දක්වන දේශපාලන පක්ෂ ශාඛා සහ ස්වාධීන පුද්ගලයින් ඒකරාශී කොට ජාත්‍යන්තරව ඊට විරුද්ධව හඬක් නැගීමට කටයුතු කිරීමට සියලු දෙනාම ඒකමතිකව තීරණය කලෝය.

විශේෂ ස්තූතිය - දොස්තර සුසිත සේනාරත්න 
ඡායාරූප - නිමල් රණසිංහ, රොහාන් දයාදර

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger