Sunday, November 10, 2013
බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් පළමු වරට කටුනායකට
ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන්යානයක් පළමු වතාවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වනු ලැබීය.
පෝලන්ත ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන්යානයේ සංචාරකයෝ දෙසිය පනස්දෙනෙකු පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා පැවසුවේ දිනෙන් දින මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩිවීමත් සමග මෙවැනි විවිධ වර්ගයේ නවීන ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment