පසුගිය 7 වෙනිදාට දී තිබු ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක වරයෙකු සහ කලා ශිල්පියෙකු වූ හර්බර්ට් රන්ජිත් පීරිස් ගැන අපේ මාධ්‍ය කිසිවක් කතා නොකළේය ,අල්ප මාත්‍රයක් හෝ සඳහන් නොකළේය .ඔහුගෙන් උදව් පදව් ගෙන අද කලා ලෝකයේ ඉහල ස්ථර වලට වී රජ සැප විඳින ගෙවලයන් ,වසලයන් ගැන අපට ඇත්තේ ඉතා ඉහළ පිළිකුළකි.
එදා ඔහු හඳුන්වාදුන් පැදුරු සංගීත ක්‍රමය අද ලංකාවේ ප්‍රචලිතය .සිනමාව ගැන විශ්ව දැනුමක් සතුවූ එවන් සොඳුරු මිනිසෙකු නැවත අප රටේ බිහිවේයැයි සිටිය නොහැක .එතරම් මනුෂ්‍ය වර්ගයාට සහ හිත මිතුරනට හදවතින් ලෙන්ගතුවූ සබැ මිනිසෙකු නැවත නොඉපදෙනු ඇත .නමුත් ඔහු සමග කළ කතාබහ සහ ගතකළ මනස්කාන්ත සංගීත සැන්දාවන් තවමත් අප මනසෙහි ඇත .එදා ඔහු සහ සමීපව ඇසුරු කළ ලාල් සේනාධීර ( කොපි කඩේ රත්නේ ) රජ සුමනපාල ( කෝපිකඩේ අලි ජේමිස් ) වැනි ප්‍රවීන රංගධරයන් පවා අද නොමැත .
කාළය බොහෝ සේ වියපත් වෙමින් .අප සතු අගනා මිතුරන් අනු ක්‍රමයෙන් මෙලොවින් සමු ගන්වයි ...පසුගියදා අපෙන් වියෝවූ සිරිල් ධර්මවර්ධන කලා කරුවාද එවන් වූ සාතිශය සුවිශේෂී කලා කරුවෙකි .එකළ කැළණි පාළම වේදිකා නාට්‍ය ඔබ නරඹා ඇත්නම් ඔහුවද ඔබගේ මතකයේ ජීවත් වනු නොඅනුමානය ...ඔහු බොහෝ දුරට ජනතාවගෙන් දුරස් වුයේ දේශපාලනය නිසාය. නමුත් අප හිතවතාණන් හර්බර්ට් රන්ජිත් හට තිබු එකම දේශපාලනය කලාවය..දේශීය සිනමාවේ උත්තරීතර අග්‍රපලයක් ලෙසින් ඔහුගෙන් බිහිවූ (එක්ටැම් ගේ ) හැඳින්විය හැකිය .
මෙම සේයාරුප අපට ලබාදුන් සෙල්සියස් පීරිස් මිතුරානන්ටද අප ස්තුති කරමු ....
චිත්‍ර ශිල්පයේ සහ තිර රචනයේ කෘතහස්ත කුසලතා දැක්වූ ඔහුගේ අතින් ලියැවුණු සාගරයක් මැද වැනි චිත්‍රපට අපගේ දේශීය සිනමාවට ලබා දුන්නේ නොමද තල්ලුවකි ....ඒ හිතවතාණන්ගේ නොනිමි මතකය සහ සමග අප ඔහුට නිවන් සුව පතමු ....
සුමිත් ජයන්ත ඩයස්
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment