Wednesday, October 16, 2013
අන්‍යාගම් පතුරවන රාජ්‍ය නොවන සංවිධාන 7ක්
මෙරට ඇතුළත අන්‍යාගම් පතුරවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන හතක් හඳුනාගෙන ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
මේ සංවිධානවලින් වැටුප් ලබන තුන්සියයකට අධික පිරිසක් රට පුරා විසිරී සිටින බවද සඳහන් කළ එම නිලධාරියා, ඔවුන් බෞද්ධයන්ට මුදල් සහ වෙනත් වරදාන ලබාදෙමින් සිටින බව හෙළිදරව් වී ඇතැයි පැවැසීය.
කෙසේ වෙතත් මේ සංවිධානවලට එරෙහිව ක්‍රියාත්මක වීමට තවමත් ප්‍රමාණවත් තරම් නීති සම්පාදනය කර නැති බවත්, එම තත්ත්වය වෙනස් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් අදාළ නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment