බාහිර වශයෙන් බලන කල චන්ද්‍රිකා පාලන යුගය තුළ රට පාලනය කළේ මෙම රාත්‍රී සංග්‍රහයේදී එළිමහනේ කෑ බි ප්‍රීති වූ අය වුවත් , ඇත්තටම රට පාලනය කළේ ඔවුන් නොව එදින මේ පිරිසට මුහුණ නොදී මන්දිරය අභ්‍යන්තරයේ ජයපැන් බිව් කිහිපදෙනාය.කල්තියා ලබා ගන්නා අවසරයකින් තොරව ජනාධිපතිනිගේ නිදන කාමරය දක්වාම ගමන් කිරීමේ අයිතිය තිබු පුද්ගල පිරිස වුයේද ඔවුන්ය.අවසාන විග්රහයේදී මේ කල්ලිය එම පාලන කාලය තුළ රටේ සාරය පමණක් නොව රටේ රීරී මාංශය ද උරා බීවෝය.
එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ධනය කොල්ල කෑවේ තඹ සතයක්වත් සොරකම් නොකළ , සොරකම් කිරීමට නොදන්නා ඉතාමත් පිරිසිදු නායිකාවක ලෙස පෙනී සිටිමිනි.බණ්ඩාරනායකවරුන් මොන වැරදි කළත් , සොරුන් නොවේය කියන මතයක්ද රටේ පවතී.
Post a Comment