ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්ෂ 11 කින් හා ස්වාධීන පුද්ගලයන් දෙදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
ඒ අනුව එක්සත් සාම පෙරමුණ මව්ලවි ඉබ්රහිම් නිස්සාර් වෙනුවෙන්ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව වෙනුවෙන්ද චමින්ද අනුරුද්ධ පොල්ගම්පොල ස්වාධීනව තරග කිරීමටද ඇප මුදල් තැන්පත් කර ඇත.ඇප මුදල් භාර ගැනීම ලබන 07 වැනිදා දහවල් අවසන් වෙයි.
මෙයට පෙර ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි වෙනුවෙන්ද, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය එම්. බී. තැමිණිමුල්ල වෙනුවෙන්ද, සමාජවාදී සමානතා පක්ෂය පානි සිරිවර්ධන වෙනුවෙන්ද, එක්සත් සමාජවාදී පක්ෂය සිරිතුංග ජයසූරිය වෙනුවෙන්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂ වෙනුවෙන්ද, එක්සත් ලංකා මහා ජනතා පක්ෂ ආචාර්ය නාත් අමරකෝන් වෙනුවෙන්ද ඇප තැන්පත් කර ඇත.
එමෙන්ම ශ්රී ලංකා ජාතික පෙරමුණ විමල් ගීගනගේ වෙනුවෙන්ද, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මෛත්රිපාල සිරිසේන වෙනුවෙන්ද ඇප මුදල් තැන්පත් කර ඇති අතර අයි. එම්. ඉල්යාස් ස්වාධීනව තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඇප මුදල් භාර ගැනීම ලබන 07 වැනිදා දහවල් අවසන් වෙයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment