BREAKING NEWS

රටතොට

Thursday, December 18, 2014

අවුරුදු 31 ක්‌ තිස්‌සේ මට නත්තලක්‌ නෑ ඒත් අනිත් අයට සුබපතනවා....!!! - කලාසූරි ලතා වල්පොල

අපට ප්‍රතිඋපකාර කරන්න
ආණ්‌ඩුව දැනගත යුතුයි
...
- කලාසූරි ලතා වල්පොල

ඔබ දැන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැද්ද?

මගේ මේ කකුලක අමාරුවක්‌ තියෙනවා. ප්‍රසංගවලට යන්න ලැබුණේ නෑ. හරියට ඇවිදින්නත් බෑ. සංගීත සංදර්ශනවලට යන්න තරම් ශක්‌තියක්‌ නෑ. ඒ වුණාට එදා වගේම අදත් නිතර නිතර රසිකයෝ කතා කරනවා. ඒක නතර කරන්න බෑනේ.

ඔබ අපේ රටේ ගීත කෝකිලාවිය. ඒත් රටේ ඒ ගැන පිළිගැනීමක්‌ තියෙනවද?

ලතා මංගේෂ්කාර් ඉන්දියාවට සම්පතක්‌. ඒත් එවැනි පිළිගැනීමක්‌ අපේ රටේ ශිල්පීන්ට නෑ. මටත් හිතාගන්න බෑ. ඒ වුණාට රසිකයා සදාකාලයටම මා සමග ඉන්නවා.

අපට නිදහස ලැබුණේ 1948 දී. ඒ වසරේ දෙසැම්බරයේ සිට මේ දක්‌වා නත්තල උදාවන බව කල්තියා අපට දැනෙන ගීයක්‌ එවක නවක ගායිකාවක විසින් ගායනා කළාය. ඕ රීටා ජෙනෙවි ප්‍රනාන්දුය. රීටාගේ දස්‌කම් දුටු වයලින් වාදක වින්සන්ට්‌ ද අල්විස්‌ ඈ සුසිල් ප්‍රේමරත්න සහ සී. ටී. ප්‍රනාන්දු යන ගායන ශිල්පීන් දෙදෙනාට හඳුන්වා දුන්නේය.
ඒ දැන හැඳුනුම්කම් මත රීටා 1948 දී අප පෙර කී කිතුණු ගීය ගැයුවාය.

නමෝ මරියනී.........
නමෝ මරියනී.............
නමෝ මරියනී ප්‍රසාද
පූර්ණවන්තිනී.........

ඇගේ ගී හඬ ඇසෙද්දී භාරත ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ගේ හඬ සිහිපත් වූ සුසිල් ප්‍රේමරත්න ශ්‍රී ලංකාවේ අනාගත නයිටිංගේල් ලෙස රීටා ජෙනවි හැඳින්වූවේය. එපමණක්‌ නොව එතෙක්‌ රීටා ජෙනෙවි වූ මේ ගායිකාවට ලතා යනුවෙන් නම තැබීමටද සුසිල් තීරණය කළේය.

ලතා ඉන්පසු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වන්නට පටන් ගත්තාය. චිත්‍රපට පසුබිම් ගී ගැයීමේ වාසනාවද උදාකර ගත් ඕ "ප්‍රේම තරගය" චිත්‍රපටයේ ප්‍රථම වරට ධර්මදාස වල්පොල සමග යුග ගී ගැයුවාය.

හොඳ හොඳම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිනුවේ
සිත ඊර්ෂ්‍යමාන ගති
නැති නිසාම අපි
ප්‍රේම තරගෙ දිනුවේ...........

ලතා.... ධර්මදාස පෙම්වතුන් වූහ. අවසන ඒ ප්‍රේම තරගයෙන් ජයගත් ඔවුහු විවාහ වූහ. එදා පටන් ඈ ලතා වල්පොල නම් වූවාය.

ලතා ධර්මදාස යුවළ එවක මෙරට සිනමාවේ ප්‍රධානතම පසුබිම් ගායක ගායිකා යුවළ බවට පත්වූහ. 1958 සිට 1963 දක්‌වා වසර පහක කාලය තුළ එවක නිළි රැජන වූ රුක්‌මණි දේවිය චිත්‍රපට දහයක ගී ගයද්දී ලතා වල්පොල චිත්‍රපට විසි දෙකක ගී ගයමින් වාර්තාවක්‌ තැබුවාය.

ලතා මේ වන විට චිත්‍රපට හයසියයකට ආසන්න සංඛ්‍යාවකට පසුබිම් ගී ගයා ඉන්දියානු සංගීතඥයන් වන දක්‍ෂිණ මූර්ති, එස්‌. එස්‌. වේදා, ටී. ආර්. පාපා, ආර්. සුන්දරනම්, රාජා තංගේන්ද්‍ර, ගෞරදනාමි සහ ජයදේව් වැන්නන් යටතේ ගී ගැයීමේ වාසනාව ලද මෙරට එකම ගායන ශිල්පිණියද ලතාය.

ඈ ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය "එදා රෑ" රඟපෑවේ සීතා ජයවර්ධනය. සීතාගේ සිට චතුරිකා පීරිස්‌, අනර්කලී ආකර්ෂා දක්‌වා වූ නිළියන්ට පසුබිම් ගීත ගැයූ ලතාට පනහ හැට දශකවලදී රෝහිණි ජයකොඩි සහ ගර්ලි ගුණවර්ධන යන නිළියන් වෙනුවෙන් ගී ගැයීමට වාසනාව නොලැබිණි. එහෙත් පසුකාලයේදී ඔවුන් දෙපළගේ දියණියන් වන වීණා ජයකොඩි සහ සබීතා පෙරේරා වෙනුවෙන් ඕ ගීත ගායනා කළාය. එය රුක්‌මණී දේවියද නොලද වාසනාවකි. රුක්‌මණී සිනමාවේ ගී ගැයුවේ ඈ රඟපෑ චරිත වෙනුවෙන් පමණි.

කේමදාසයන්ගේ බැරි සිල්, කැලෑ මල් සහ නවරැල්ල යන ගී නළු වලටද ගී ගැයූ ලතා හර්බට්‌ එම්. සෙනෙවිරත්නගේ "දස්‌කොන්" නාට්‍යයේද ගීත ගැයුවාය.

ලතා "එදා රෑ" ප්‍රේමතරගය සහ "රදළ පිළිරුව" වැනි චිත්‍රපට කිහිපයක ලද කුඩා චරිත රඟපෑවාය. "අංගුලිමාල" හින්දි චිත්‍රපටයට සිංහල හඬ කවද්දි ජනප්‍රිය හින්දි නිළියකවූ "නිම්මි" වෙනුවෙන් හඬ කැවූයේද ලතාය.

ගල්කිස්‌ස ශාන්ත අන්තෝනි දේවස්‌ථානයේ කන්තාරු කණ්‌ඩායමේ ගීතිකා ගයමින් සංගීත ජීවිතය ඇරඹූ ලතා තවමත් ගී ගයන්නීය. ඇගේ ගායන දිවිය වසර හැත්තෑවකට ආසන්නය.

මා මව්නී අති ප්‍රේමනීය
මේ ලෝකේ මගෙ ආධාර
ශෝකේ මා නිති සංතෝෂය
යාච්ඥවේ මව සුන්දර......

නත්තල ළංවෙද්දී ඇගේ හඬින් ගැයෙන මේ ගීතිකා නිතර නිතර ඇසේ. එහෙත් ආදරණීය දියණීය පුතුන් තිදෙනා සහ මුණුබුරු මිනිබිරියෝ සමඟ නත්තල සමරන්නට ලතාට 1983 වසරේ සිට අවස්‌ථාවක්‌ නොලැබිණි. ඒ ආදරණීය සැමියාගේ වියෝව නිසාය. ඒ ධර්මදාස වල්පොල මිය ගියේද අසූතුනේ දෙසැම්බර් 25 වැනිදා නිසාය.

ඔහු වියෝවී වසර තිස්‌ එකකි. අප කලාසූරී ලතා වල්පොල ගීත කෝකිලාවිය සමග කෙටි පිළිසඳරකට එක්‌වෙමින් නත්තල ගැනත්, සංගීත ක්‍ෂේත්‍රය ගැනත් කතා කළෙමු.

නත්තල සමරන්නේ නැද්ද.......

ඒ කාලේ නම් නත්තල් කිව්වාම හරියට පිස්‌සු වගේ. කඩිමුඩියේ ලෑස්‌තිවෙනවා. ඒත් අවුරුදු තිස්‌ එකකට කලින් ඒ හැම දෙයක්‌ම අපිට අහිමි වුණා. අපේ මහත්තයාගේ වියෝව නිසා 1983 ඉඳලා අපිට නත්තල් නෑ. නත්තල් දවසේ අපි කරන්නේ එයා වෙනුවෙන් පිංකම් කරන එකයි. මම නත්තල් සැමරුවේ නැතත් නත්තල සමරන අනෙක්‌ අයට සුබ පතනවා.

අද සංගීත ක්‍ෂේත්‍රය ගැන මොනවද හිතෙන්නේ..

කාලෙන් කාලෙට වෙනස්‌ වෙනවනේ. අපි විතරක්‌ නොවේ. මුළු ලෝකෙම එහෙම තමයි අලුත් තාලේ ළමයි ඉන්නවා. ඒ අයගේ රුචියට අනුව තමයි මේවා වෙනස්‌ වෙන්නේ අපි කෑගහලා වැඩක්‌ නෑ. මේවා හදන්න කෙනෙකුත් නැහැනේ. පිළියම් නෑ. ඒ වුණාට අපේ සංගීතය අගාධයට යනවා කියන එක පිළිගන්න බෑ. පැරැණි හොඳ ගී රසවිඳින අය ඉන්නවා. දැන් බලන්න නන්දා මාලිනිගේ, වික්‌ටර් රත්නායකගෙ, සුනිල් එදිරිසිංහ ප්‍රසංගවලට ඕනෑතරම් ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා.

ඔබ දැන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැද්ද?

මගේ මේ කකුලක අමාරුවක්‌ තියෙනවා. ප්‍රසංගවලට යන්න ලැබුණේ නෑ. හරියට ඇවිදින්නත් බෑ. සංගීත සංදර්ශනවලට යන්න තරම් ශක්‌තියක්‌ නෑ. ඒ වුණාට එදා වගේම අදත් නිතර නිතර රසිකයෝ කතා කරනවා. ඒක නතර කරන්න බෑනේ.

ඔබ අපේ රටේ ගීත කෝකිලාවිය. ඒත් රටේ ඒ ගැන පිළිගැනීමක්‌ තියෙනවද?

ලතා මංගේෂ්කාර් ඉන්දියාවට සම්පතක්‌. ඒත් එවැනි පිළිගැනීමක්‌ අපේ රටේ ශිල්පීන්ට නෑ. මටත් හිතාගන්න බෑ. ඒ වුණාට රසිකයා සදාකාලයටම මා සමග ඉන්නවා.

ප්‍රසංගවලට යන්නෙත් නැත්නම් ඔබට ජීවත්වෙන්න ආදායම් මාර්ගයක්‌ තියෙනවාද?

මගේ ළමයින් හතර දෙනා ඉන්නවා. කෑම විතරනේ.... බෙහෙත් හේත් කරන්නත් තියෙනවා. ඒත් ඉතින් කියන්න කෙනෙක්‌ නෑ. රජය පළි නැහැනේ අපිට යන කල දසාව අපිම බලාගන්න ඕනෑ. අපි රටට, රටේ සංගීත ක්‍ෂේත්‍රයට යමක්‌ කළා නම් ඒ සඳහා ප්‍රතිඋපකාර කළ යුතුයි. ඒත් ඒවා බලහත්කාරයෙන් ලබාගන්න බැහැ. බබ්බු නොවෙයිනේ. බේත් හේත් කරන්න සල්ලි නෑ කියලා හිඟාකන්න බෑනේ. ආණ්‌ඩුවේ යුතුකම කමයි අපිට උපකාර කරන එක.


- අලහකෝන්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger