'ජිනීවා මනව හිමිකම් සමුළුව" රැස්වන සෑම අවස්ථාවකම, අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ සාකඡ්චාවට භාජනය වන්නේ සමුළුවේ සිඳුවන්නේ කුමක්ද යන්න නොව, "චැනල් ෆෝ" නාලිකාවේ අලුත්ම චිත්‍රපටය කුමක්ද යන්නයි. "කිලින්ග් ෆීල්ඩ්" නමින් නිශ්පාදනය වන, පැය ගනන් දිවෙන චිත්‍රපටවල රූප රාමු ඔවුන් ලබා ගන්නේ කොටින්ගෙන් නොව, අපේ මාධ්‍යවේදීන්ගෙන්ම බව ප්‍රසිද්ධ කාරණයකි. සම්මානවලින් පවා පිදුම් ලද එවැනි පිරිස් මාධ්‍යවේදින් නොව පැපරාසීන්ය.
ඒ අපේ රටේ මාධ්‍යවෙදීන්ගේ දක්ශතාවයන් පෙන්වන අවස්ථාවකි. ඔවුනට රටට හෙණ ගැහුවත් කමක් නැත. මඩිය තරවනවානම් එපමණය. අනෙක යම් කිසි අවස්ථාවක අනන්‍යතාවය හෙලි වූවද එයද වාසනාවට පෙරලාගෙන, වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමට මේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදින් කිසි දිනක පසු බට වන්නේ නැත. අපේ රට මෙතරම් අගාදයකට ඇද දැමුවේ ජේ ආර් ජයවර්ධන බව සිල්ලර ජනප්‍රිය මතයයි. ඔහුගේ පරපුර බලයෙන් විසිවි, අවුරුදු විස්සක් ගතවීත්, එම වරද නිවැරදි කර ගැනීමට නොහැකි වීම ඔහුගේ වරදක්ද, එසේත් නැතිනම් වෙන දෙයක්ද යන්න අප සොයා බැලිය යුතුය.
දේශපාළකයන් නොව මාධ්‍යවේදීන්
මගේ මතය නම්. අප රට මෙතරම් කාළකන්නි තත්වයකට ඇද දැමීමේ වගකීම දේශපාළකන්ට වඩා ජනමාධ්‍යවේදින් බාර ගත යුතු බවයි. දේශපාළකයන් රට පාළණය කරනු විනා (හොරකම්, කොමිස් ගැහිලි වලට අමතරව.) ජනතාව හා සංනිවේදනයේ යෙදෙන්නේ නැත. බලයට පත්වූ පසු, ඔවුනට ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීමද බොහෝ අපහසු කරුනක්ව ඇත. නැවත් ඔවුන් දර්ශණය වනුයේ මනාපයක් අවශ්‍යවූ විටෙක පමණය. එතෙක් ඔවුන් දැක ගැනීමට නම් රූපවාහිනිය නැරඹීමට සිඳුව ඇත.
ගුවන් විදුලි සේවය
අද කිසිම සිංහල ගුවන් විදුලි සේවයකට සවන් දිය නොහැක. ඒවායෙහි කතා නොකරන්නේ කුණුහබ්බ පමණි. ඒ හැර අනෙක් සියල්ලම දොඩවයි, ජනතාව දැනුවත් කිරීමක්, කිසිසේත්ම සිඳුවන්නේ නැත. බුද්ධිමය සංවාදයක් ඇත්තේම නැත. පැය 24 ම එකාකාරි හරසුන් වැඩසටහන්ය. මිනිසුන් විනෝදයෙන් සිටීම ගැන අපේ කිසිම අක්මැත්තක් නැත. ඇත්තේ කැමත්තක් පමණය. එහෙත් ජනමාධ්‍යයක වගකීම එයම පමණක් නොවේ. ජනතාව දැණුවත් කිරීම, ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හා සත්‍ය හෙලිකිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීමයි.
පුවත් පත්
පුවත් පත්වල තත්වයද එසේමය. කියවීමට ඇත්තේ පත්තර දෙක තුනක් පමණි. ඒත් කුණුහබ්බ පත්තර නම් ඕනෑතරම් ඇත. මල් කුමාරයා විසින් බිහිකල, මල් පත්තරවලට ඇත්තේද හොඳ ඉල්ලුමකි. හොඳ සඟරා තිබුනද ඒවායෙහි මිළ ඉතා අධිකය. එම නිසා ඒවා කිසිවකු මිළදී ගන්නේ නැත. සෑම මාධ්‍යවේදියෙක්ම කරණුයේ කැලෑ පත්තර ලිවීමේ කලාවකි. සති අන්ත පුවත් පත්වල සිටිනා ජේෂ්ඨ මාධ්‍යවේදීන් යයි කියාගන්නා ජඩමාද්දියවේදින් මේ රට මේ තත්වයට පත්වීමෙ වගකීම විශේෂයෙන් ගත යුතු පුද්ගලයන්ය. මන්ද පුවත් පතේ පලවන්නේ ඔවුනගේ මතය හේතුවෙනි. එහි වගකීම මාධ්‍ය හිමිකරුවන් වෙත පවරා සුදනුන් සේ සිටීම ඔවුනට තරම් නොවනා දෙයක් බව ඉඳුරාම පවසා සිටිය යුතුමය.
රූපවාහිනි
රූපවාහිනිවල තත්වයද එසේමය. 2002-2004 කාළය තුල රූපවාහිනි නිවේදිකාවන්ගේ ඇඳුම ගැන විවේචන එල්ල කල පිරිස, බලයට පැමිණ කරණුයේ නිරුවත විකුණාගෙන කෑමට සැමට ඉඩ කඩ සලසා දීමය. මේ ගැනද අපේ කිසිම විරුද්ධත්වයක් නැත. එහෙත් මුලු පවුලම එකට හිඳ නරඹන රූපවාහිනියේ එවන් විසූක දස්සන ඉදිරිපත් කිරීම ගැන තව දුරටත් සිතා බැලිය යුතුමය. සමාජය ගැන, රට ගැන, කිසිම දෙයක් නොදන්නා, පිටපත් නොමැතිව කිසිම දෙයක් කළ නොහැකි, නගර සෝබනියන් ඉදිරිපත් කරන්නාවු වැඩ සටහන් තුල, ගත යුතු කිසිවක් නැත.
අවුරුදු 19-20 නිවේදිකාව, අවුරුදු 60-70 ජේෂ්ඨයන් අමතනුයේ, "අයියා" හෝ "අක්කා" යන නමිනි. පසුව, "නව පරපුර ජේෂ්ඨත්වයට ගරු කරන්නෙ නෑ..." කියා මොර දෙන්නේත් මේ පිරිසමය. ගෞරවය ලබා ගැනීම ඔවුන්ගේ කාර්යයක්ය. එහෙත් මාධ්‍ය භාවිතාවක ප්‍රමිතියක් තිබිය යුතුය. හරවත් වැඩ සටහන් ඇත්තේම නැත. වෙළැඳ නිවේදන අතරේ ප්‍රචාරය වන ප්රවෘත්ති වලින් යම් තරම හෝ ප්රවෘත්ති වටිනාකමක් ඇති විකාෂණයක් ගෙන එන්නේ දෙරණ රූපවාහිනිය පමණි.
මිනී විකුණාගෙන කෑම
රූපවාහිනි විකාෂයන් අතරින් තුච්චම රූපවාහිනි සේවය ස්වර්ණවාහිනිය බව ඕනෑම කෙනෙක් පිලිගන්නවා නොඅනුමානය. එච් ඩී ප්‍රේමරත්නයන්, ස්වර්ණවාහිනිය ආරම්භ කල අවදියේ මෙම විකාශය ඉතාමත් හොඳ මට්ටමක පැවතිනි. ටෙලි නාට්‍යවල වූවද යම් කිසි ප්‍රමිතියක් තිබිනි. එහෙත් අද බලන්නට ඇත්තේ මුල්පිටුව පමණි.
මෙහි ප්රවෘත්තී විකාශය මඟින් කරණුයේ, මළ මිණි විකුණාගෙන කෑමකි. ස්ත්‍රි දූෂණයන්, ළමා අපචාර, මිනිමැරුම්, ප්‍රතිනිර්මාණය කරමින් විකුණාගෙන සම්මාණ ලබා ගැනීමේ මේනියාවක් හා සෑම වැඩසටහනකම තම නම ඔබා ගැනීමේ මානසික තත්වයකින් හෙබි ප්රධාණියකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. මේවාට සම්මාන දෙන ආයතන හා ජූරී සභිකයන්ගේද මොළ පරීක්ෂාවකට ලක් කළ යුතුමය.
ගව ඝාතනය
එවන් තුප්පහි නාලිකාවට භික්ෂුවක් ගිනි තියාගෙන අපවත් වීම. ඉහේ මල් පිපෙන්නාවූ කාරණයක්මය. මේ පිළිබඳ ගිනි තියාගැන්මට පෙරද ඔවුන් දැණුවත් කර ඇත. එදින මාධ්‍යවේදියාට කෙලින්ම අමතා තමා ගිනි තියාගන්න බව නැවත ප්‍රකාෂ කළ බව කීවද, එය අමූලික බොරුවක් බව සාක්කි මගින් ඔප්පුවේ. මේ ගිනි තියාගැනීම, ඔවුන් දැනුවත්ව හා ඉතා සැලසුම් සහගතව සිඳුවූ බව අද ඔප්පු වී හමාරය. මෙවන් මාධ්‍යවේදින් බරපතල වැඩ ඇතිව සිරගත කළ යුතුය.
මෙය ඇත්ත වශයෙන්ම ස්වර්ණවාහිනිය ඉතා සැලසුම් සහගතව කළ මිනීමැරීමකි. මොවුන් ජනමාධ්‍යවේදීන්ද. ඇත්ත වශයෙන්ම නම් මොවුනගේ බලපත්‍රය අවලංගු කල යුතුමය. අවම වශයෙන්, සුළු කාලයකට හෝ තහනම් කළ යුතුමය. එවිට වත් මුදලට ඕනෑම දහ ජරාවක් ජනතාවට පිරිනැමීම ගැන දෙවරක් සිතනු නොඅනුමානය. මෙහිදි අනෙක් නාලිකාවන්ටද වගකීමෙන් මිදිය නොහැක. මෙය විකාශනය කරමින්, තමන් කළ වරද ගැන, අවම වශයෙන් ජනතාවගෙන් සමාව අයදිය යුතුය.
අමාත්‍යශයේ වගකීම
එමෙන්ම ජනමාධ්‍ය අමත්යාශයට පමණක් නොව සංස්කෘතික අමත්යාශයද, රටේ වග කිව යුතු පිරිස් හා එක්ව, ජනමාධ්‍ය භාවිතය ගැන ජනමාධ්‍යවේදීන් දැණුවත් කිරීමක් කළ යුතුය. මේ ආකාරයට නිදහස දුනහොත, වෙළඳ දැන්වීම් තුල තව නොබෝ කළකින්ම ස්ත්‍රී යෝනිය ප්‍රදර්ශණය කරනවා ඇත (රිචී තේ). වැසිකිලියේ බත් දාගෙන කන ආකාරය පෙන්වනවා ඇත. දැනට අත ගෑමෙන් නතර කර ඇත.
අපේ රටේ නායක හිමි වරුනට හා දේශපාළණය ගැන උනන්දුවක් ඇති, උගත් විනයදර භික්ෂුන් කල යුත්තේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පන්ඩිතකම් දේශනා කිරීම නොව, රටේ සංස්කෘතිය, භාෂාව හා විනය ගැන හඬක් නැගීමයි. කෙසේ වෙතත් ජනමාධ්‍ය ගැන පමණක් නොව බෞද්ධ දර්ශණය පිළිබඳවද මහා සංඝායනවක් පැවැත්විය යුතුම කාළය නම් උදාවී ඇති බව කිව යුතුමය.
මෙය උපුටා ගනු ලැබූ වෙබ් අඩවියට අපගේ ස්තූතියය...
http://maathalan.blogspot.fr/2013/05/vulgar-journilism.html
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment