විපක්ෂය ජයග‍්‍රහණය කළ පසු කොමිෂම් සභා 5 කඩිනමින් ස්ථාපිත කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.පසුගියදා මාතලේදී පැවැති දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයට සහභාගි වෙමින් මේ බව පැවැසීය.බලවේග එකට එකතු කරගෙන ජනාධිපතිවරණයට මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාව ජයගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ වාර දෙකක් ජනාධිපති කළා. අපි කියනවා අනිත් අය වගේ දැන ගෙදර යන්න කියලා.
ඊට පස්සේ දවස් 100න් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. කොමිසම් සභා 5ක් ස්ථාපිත කරනවා. මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ ආදි කොමිසම් සභා පහක් ස්ථාපිත කරනවා. අපිට මාස දෙකක් විතර ව්‍යවස්ථාදායක සාමාජිකයින් තෝරාගැනීමට කාලය අවශ්‍යයි.
කොමිසම්වල සාමාජිකයින් සාමාජිකයින් තෝරාගැනීමට කාලය අවශ්‍යයි. දින 100 ගතවුණායින් පස්සේ ඒ දේවල් සිද්ධ කරලා අපේ බලාපොරොත්තුව මහමැතිවරණයකට යන්න. සිංහල අවුරුද්දෙන් පසුව අලූත් පාර්ලිමේන්තුව තේරුණාම මගේ බලාපොරොත්තු එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරලා බහුතරය දිනාගැනීමයි.
ඒත් අපි දිනුව කියල තනිව රට හදන්න යන්නේ නැහැ. ශ‍්‍රී.ල.නි.ප.යත් අනිත් කැමැති සියලූම පක්ෂත් එකතු කර ගෙන අඩුගානෙ අවුරුදු දෙකක් එකට එකතු වෙලා. රටේ ප‍්‍රශ්නවලට සීඝ‍්‍ර විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා. ඒකටයි දේශපාලන සංස්කෘතිය අලූතින් පටන් ගන්නේ.
Post a Comment