ශ්රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පවසයි.
නම හෙළි නොකළ එම සංවිධානයේ ප්‍රකාශකයෙක් ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහභාගී වූ නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය සුවිශේෂී එකක් බවයි.
ඔහු තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලුම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන අතර එම වගන්තියේ අනූ අංක දෙක යටතේ සිය ලිංගික අනන්‍යතාවය මත යම් අයෙකු වෙනස් කොට සලකන්නේ නම් හෝ පීඩාවට ලක් කරන්නේ නම් එය ව්‍යවස්ථාවට පටහැණි බව සටහන් වන බවයි.
සමුළුවේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිචාරය ශ්‍රී ලංකාව තුල සම ලිංගික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීමක් බවයි ඔහු කියා සිටියේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment