BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 18, 2014

කේන්දරේ කොටු 12න් කියවෙන්නේ මොනවද ?

ජෝතිෂ්‍ය වැඩසටහන් වල කියන දේවල් ඔබ ඕනෑතරම් අහලා ඇති. අර කොටුවේ මේක මේ කොටුවේ මේක කිවුවට ඔබට ඒවා නොතේරෙනාවාත් ඇති. ඇත්තටම මේ කොටු දොලහෙ තියෙන්නෙ මොනවද? එක එක්කෙනා කියන බොරු අහනවා වෙනුවට ඔබම ඒවා දැනගන්න.

.
ස්‌වාභාවික පෙනුම, ශරීරයේ හැඩහුරුකම, අදහස්‌වල උසස්‌ පහත් බව ආදිය ගැනත් හිස පිළිබඳවත් ලග්නභාවයෙන් දැන ගත හැකියි. ලග්නය බලවත් නම් උසස්‌ ජනක කර්මයකින් උපත ලබා ඇති බව කියවෙනවා.
මිල මුදල්, ලෞකික සම්පත්, දියුණුව හෝ පිරිහීම කථිකත්වය, විවාහයෙන් පසු තත්ත්වය, මුහුණ, කට බෙල්ල ආදිය ගැන 2 වෙනි කොටුවෙන් දැනගත හැකියි.
සහෝදර පල, එඩිතරකම, ඉගෙනීමෙන් ලබන දැනු කන් ඇසීම, ශරීරයේ දෙඅත්, උරහිස හා පපුවේ උඩ කොටස ගැන තුන්වැනි කොටුවෙන් දැනගත හැකියි.
ඉඩකඩම්, වතුපිටි, ගෙලවල් දොරවල්, යාන වාහන, මව පිළිබඳ තොරතුරු හා පපුව පිළිබඳව හතරවැනි කොටුවෙන් දැන ගත හැකියි.
ඉගෙනීම, ආලය, බුද්ධිය, චරිතය, හෘදය වස්‌තුව පිළිබඳ පස්‌වැනි කොටුවෙන් දැනගත හැකියි.
ලෙඩ රෝග, සතුරු කරදර, මෙහෙකරුවන්, සුරතල් සතුන් යටි බඩ හා ගර්භාෂය පිළිබඳව හයවැනි කොටුවෙන් දැනගත හැකියි.
විවාහය, හවුල් කටයුතු, ප‍්‍රසිද්ධ සතුරන්, සමාජ සම්බන්ධතා කාමය, යටි බඬේ පහළ කොටස පිළිබඳ හත්වැනි කොටුවෙන් දැනගත හැකියි.
මරණය, ආයුෂ, අන්සතු වස්‌තුව, දුක්‌ දොම්නස්‌ කරදර, ශරිරයේ රහස්‌ ප‍්‍රදේශය ගැන
අටවැනි කොටුවෙන් දැනගත හැකියි.
වාසනාව හෝ අවාසනාව, පෙර පින හෝ පව, ආගම ධර්මය, උසස්‌ අධ්‍යාපනය, සිතේ බලය, මතුආත්මය ශරීරයේ කලවා ප‍්‍රදේශය ගැන නව වැනි කොටුවෙන් දැනගත හැකියි.
රක්‌ෂාව, නම්බුව, ගෞරවය,රජයට ඇති සම්බන්ධතා දණ හිස ගැන දහවැනි කොටුවෙන් දැනගත හැකියි.
ආදායම, සමාජ සේවය පොත්පත් කියවීම, ශරීරයේ වළලූකර සිට දණහිස දක්‌වා වූ කෙන්ඩ ප‍්‍රදේශය ගැන 11 වැනි කොටුවෙන් දැනගත හැකියි.
නඩු හබ, වියදම, දුක්‌ දොම්නස්‌, ගුප්ත දේවල්, පුණ්‍ය කටයුතු හා ශරීරයේ වළලූ කරෙන් පහත පාදය ගැන 12 වැනි කොටුවෙන් දැනගත හැකිය.
ඉහත කී කොටු දොළහ පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් පසු අනාවැකි ප‍්‍රකාශ කිරීම ජ්‍යොතිර්වේදියෙකු විසින් සිදුකරනු ලබනවා.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger