බත්තලන්ගුණ්ඩුව දූපතේ තාවකාලිකව පදිංචිව සිටින ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.
27 වැනිදා සවස මෙම ගැටුම හට ගෙන ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කල්පිටියට උතුරින් මුහුද මැද පිහිටි බත්තලන්ගුණ්ඩුව දූපත තුළ පවුල් 500 ක් පමණ වාසය කරති. විවිධ ප්‍රදේශවලින් පැමිණ පදිංචිව සිටින මෙම පිරිස් ධීවර කර්මාන්තය තම ජීවෝනෝපාය කර ගෙන ඇත.
තලවිල ප්‍රදේශයේ සිට බත්තලන්ගුණ්ඩුව දූපතට ධීවර රැකියාව සදහා ගොස් සිටින පිරිසක් දිය නෑම සදහා දූපතේ එක් ප්‍රදේශයකට ගිය අවස්ථාවේදී මීගමුව සිට පැමිණ සිටින පිරිසක් අතර ගැටුම සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
මෙම ගැටුමට සම්බන්ධ පිරිස් හදුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කල්පිටිය පොලීසියේ නිලධාරියෙකු පැවසී ය.
මෙ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ජුඩ් සමන්ත
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment