IS සටන්කාමීන් මර්දනය කිරීමේ අමෙරිකානු මෙහෙයුමට සහය පළ කිරීම සඳහා 600ක භට පිරිසක් ගල්ෆ් කලාපයට යවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් පවසයි.
ටෝනි ඇබර්ට් සඳහන් කළේ, මෙම පිරිසට විශේෂ කාර්ය බල ඇණියක්, ප්‍රහාරක යුද ගුවන් යානා ඇතුළු යානා 10ක් ද අයත් වන බව ය.ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, IS සටන්කාමීන්ගේ ගහණයේ සිටි බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ ගෙල කපා ඝාතනය කරන ලද පුවත අනාවරණය වීමෙන් අනතුරුව ය.
ඉරාකයේ IS සටන්කාමීන් මර්දනය කිරීමේ සටනට භට පිරිස් ලබා දෙන ලෙස අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මීට පෙර ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියේ ය.
IS සටන්කාමීන් මර්දනය කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමට සිය රට ප්‍රධාන දායකත්වයක් සපයන බව ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් පවසා ඇත.මේ අතර IS සටන්කාමීන්ට එරෙහි ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ වැඩසටහනේ නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද ප්‍රංශයට පැමිණ තිබේ.රටවල් 20 ක සහභාගීත්වයෙන් ප්‍රදේශීය ආරක්ෂාව පිළිබඳ සමුළුවක් හෙට ප්‍රංශයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.
Post a Comment